සබ්බාසව සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬුසිටුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක.

මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දෙශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක ……

සබ්බාසව සූත්‍රය Read More »

මගධ රාජධානිය සහ රජගහ නුවර

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 8 කොටස ) බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා

මගධ රාජධානිය සහ රජගහ නුවර Read More »

මූලපරියාය සූත්‍රය

Mulapariyaya Suthraya

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනේ සාලරාජමූලේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ”මහණෙනි’යි” භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළසේක.

මූලපරියාය සූත්‍රය Read More »

කෝසල රාජධානිය සහ සැවැත්නුවර.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 7 වන කොටස ) අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක් වූ සම්බුදු දිවියෙන් 25 වසරක් ම වැඩ වාසය කළේ සාවත්ථි හෙවත් සැවැත්නුවර යි. එහි දී වස් කාල 19ක් අනේපිඬු සිටාණන් කරවූ ජේතවනාරාමයේ ද වස්කාල 06ක් විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස් වසා

කෝසල රාජධානිය සහ සැවැත්නුවර. Read More »

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 6 වන කොටස ) මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව. Read More »

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 5 වන කොටස ) භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය Read More »

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 4 වන කොටස ) සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බෝධි මණ්ඩලය හා ඒ අවට ප්‍රදේශය උරුවෙල් දනව්ව ය. උරුවේලා යනු විශාල වැලි ඉවුර හෙවත් වාලුකා තලයයි. බෝසතාණන් වහන්සේට පෙර මෙහි දස දහසක් තවුසෝ වාසය කළහ. ඔවුන්ගෙන් යමෙකුට අකුසල සහගත කල්පනාවක් පහළ වුවහොත් එකෙණෙහිම වැලි කූඩයක් ගෙනැවිත්

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව. Read More »

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 3 වන කොටස ) අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ. “කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියංසදේවකං තාරයන්තෝ –

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය. Read More »

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 2 වන කොටස ) ගියවර පළ වූ මෙහි පළමු ලිපියෙන් ශ්‍රී මුඛ බුද්ධ වචනවලින් ම අපි පහත කරුණු පැහැදිලිව තේරුම් ගත්තෙමු. ජම්බුදීප යන පාලි වචනයේ නියම අර්ථය දඹදිව බවත්, ජන් + බුද් + දීප යනුවෙන් ඊට ලබා දී ඇති විවරණය ව්‍යාජ වූ විකෘතියක් බව. දඹදිව යනු වර්තමාන ඉන්දියාව

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද? Read More »

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 1 වන කොටස ) සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන්

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? Read More »

බ්‍රහ්මජාල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

බ්‍රහ්මජාල සූත්‍රය Read More »

Scroll to Top