මජ්ඣිම නිකාය

කුසලය, කුසලමූලය විග්‍රහය

Kusala Muka Pajanathi

කුසලඤ්‌ච, කුසලමූලඤ්‌ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් කුසලඤ්‌ච පජානාති,  – (කුසලයත් විශේෂයෙන් දැනගනී) දස කුසල කර්මපථසංඛ්‍යාත වූ කුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3] කුසලමූලඤ්‌ච පජානාති – (කුසල මූලයත් විශේෂයෙන් දැනගනී) ඒ …

කුසලය, කුසලමූලය විග්‍රහය Read More »

අකුසලය, අකුසලමූලය විග්‍රහය

Akusala Mula Pajanathi

අකුසලඤ්‌ච, අකුසලමූලඤ්‌ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් අකුසලඤ්‌ච පජානාති – (අකුසලයත් විශේෂයෙන් දැනගනී) දස අකුසල කර්මපථසංඛ්‍යාත වූ අකුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3] අකුසලමූලඤ්‌ච පජානාති, – (අකුසලමූලයත් විශේෂයෙන් දැනගනී) ඒ දුකට …

අකුසලය, අකුසලමූලය විග්‍රහය Read More »

සම්මා දිට්ඨිය විග්‍රහය

සම්මාදිට්ඨිය – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් සම්මාදිට්ඨි තොමෝ විවිධ වේ. ලෞකික සම්මා දිට්ඨිය කර්ම ස්වකෘත ඥානය ද, සත්‍යානුලොම්ක ඥානය ද, ලෞකික සම්මා දිට්ඨිය නම් වේ. කෙටියෙන් නම් සියලුම ආශ්‍රවයන්ට  ප්‍රත්‍ය වූ ප්‍රඥාතොමෝ යි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය මාර්ග ඵලයන් හා සම්ප්‍රයුක්ත වූ …

සම්මා දිට්ඨිය විග්‍රහය Read More »

සම්මාදිට්ඨි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජෙතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:

වීමංසක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද? යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය.”

ධම්මදායාද සූත්‍රය

ධම්මදායාද සූත්‍රයDHAMMA DAYADA SUTTA සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගයSutta Pitaka / Majjhima Nikaya සූත්‍ර දේශනාව කියවන්න සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න සකස් කළ සූත්‍ර සාරාංශ කියවන්න ධම්මදායාද සූත්‍ර දේශනාව කියවන්න බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සරල සිංහල ත්‍රිපිටකය ධම්මදායාද සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න https://youtu.be/hk0YZc_9-xg ධම්මදායාද සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද …

ධම්මදායාද සූත්‍රය Read More »

සබ්බාසව සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬුසිටුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක.

මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දෙශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක ……

මූලපරියාය සූත්‍රය

Mulapariyaya Suthraya

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනේ සාලරාජමූලේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ”මහණෙනි’යි” භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළසේක.