April 2021

කළ යුතු දස කථා

දෙතිස් කථා නොකළ යුතු නම්, කළ යුතු කථා මොනවා දැයි ප්‍රශ්නයක් මතුවේ. ඒ සඳහා පිළිතුරු වදාරණ බුදුරජාණන් වහන්සේ පිරිසක් එකතු වූ තැනකදී තමා වඩන භාවනාවට සිත යොමු කොට නිහඬ වීම හෝ දසකථාවන් සිදු කිරීම අනුදැන වදාළහ. කර්මස්ථානය නොවඩා නොයෙක් කල්පනාවන්ට වැටී නිහඬ වීම අනුමත නොකරන බුදුරදුන් දස කථා හඳුන්වා දී ඇත්තේ කථා කරන ඇත්තන්ගේ යහපත උදෙසා ය.

නොකළ යුතු දෙතිස් කථා

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහා රහතන් වහනසේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි.

ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

Buddhist Books

රත්රන්, ලෝකයේ වටිනා ලෝහ වර්ගයක් බව අපි කවුරුත් හොඳීන් දනිමු. යකඩ, තඹ, පිත්තල ආදී අනෙක් කිසිදු ලෝහ වර්ගයකින් එයට අභියෝගයක් නැත. ඒවා රත්රන් නොවන බැවිනි. එහෙත් රත්රන් නොවන, රත්රන් වැනි ලෝහයක් බිහිවීම ගැටලුවකි. වෙනත් විධියකින් කිවහොත් ඉමිටේෂන් රත්රන් යැයි සිතා රැවටීමට ලක් වෙති. සද්ධර්මයේ පැවැත්ම සම්බන්ධයෙන් කතාව ද මෙබඳු ය. වෙනත් ආගම් හෝ දර්ශනවාද නිසා බුදුදහමට හෝ සද්ධර්මයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් වර්තමාන ලෝකයේ බුදුදහම යැයි පවසමින් අසද්ධර්මය පෙන්වා දෙන පුද්ගලයන් නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයට සිදු වන්නේ බලවත් හානියකි. මෙම කරුණ පිළිබඳ ව සද්ධම්ම පතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

තෙළෙස් ධුතාංග

Buddhist Books

සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි.

Scroll to Top