මූලපරියාය සූත්‍රය
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනේ සාලරාජමූලේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ”මහණෙනි’යි” භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළසේක.
සබ්බධම්මමූලපරියායං වෝ භික්ඛවේ දේසෙස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරෝථ. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
මහණෙනි, තොපට සියලු සත්කායධර්මයනට මුලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ……….