June 2021

නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?

බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන් වේ දැයි සැකසහිත ය. පංච ශීලයට වැඩි සීලයක් සමාදන්ව ගිහි බෞද්ධයා ආරක්‍ෂා කළේ සතර පෝ දිනයේ හෝ නිශ්චය කරගත් කාලසීමාවක් තුළදී පමණි.

පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන් ජීවත්වීම යන මේ කරුණු අට අතීත කාලයේ පටන් ම ලෝකයේ සියලු ම ආගම් අදහන ආගම් නො අදහන නුවණැති සෑමදෙනා විසින් ම නො කළ යුතු වැඩ සැටියට, නො මනා වැඩ සැටියට පිළිගත් කරුණු අටෙකි. ඒවායින් වැළකීම ශීලය ය. මේ ශීලය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්ච ශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංග ශීල, දසශීල වලට ගෙන ඇත්තේ ද ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණෙකි. සාමණේර ශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.

මිහින්තලය හා ඒ ආශ්‍රිත බෞද්ධ ස්ථාන

Mihintalaya Ayama

අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ  කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත.  ශ්‍රී මහා බෝධියේ අංකුරයක්ද මෙහි රෝපණය කරවා ඇත.

මිහින්තලය මහ පුද බිම

මිහින්තලය

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසක් ඇත.

04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

Maha Kashapa Rahathan Wahanse – මහා කාශ්‍යප රහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකින් යට පියුමතුරා නම් බුදු රජාණන් වහන්සේ ලොව පහල වූ සේක. උන් වහන්සේ හන්සවති නුවර ඇසුරු කොට ක්ෂේම නම් වූ මුව වනයෙහි වසන කල්හි වේදේහ නම් කෙළෙඹි තෙමේ අසු කෝටියක් ධනය වියදම් කොට පිළියෙළ කල්ල උතුම් වූ භෝජනය උදැසනින්ම …

03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ

Mugalan Maha Rahathan Wahanse

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ

Sariyuth Maha Rahathan Wahanse – සැරියුත් මහ රහතන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව ප්‍රාර්ථනා භීති හාරය කල සේක්ද? මුන්වහන්සේ විසින් කවර කාලයෙක ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කල සේක් ද? කවර කලෙක එත දග්‍ර තනතුරෙහි තැබූ සේක් ද? යන මේ ක්‍රමයෙන් සියලුම එත දග්‍රයන්හි ප්‍රශ්න කර්මය දත යුතු ය.

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

80 greatest disciples of Buddha අසු මහා ශ්‍රාවකයෝ

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

Scroll to Top