ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා හා බෞද්ධ ඉතිහාසය

(කාලානුක්‍රමික කාල රේඛාවක් ලෙසින්)

මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය සම්පූර්ණ නොමැත. මෙහි දහම් කරුණු වල අඩුපාඩු ඇත. කරුණාකර ඔබ යම්කිසි වැරදි තොරතුරක් දුටුවොත් මා හට දන්වන්න. ඔබ මෙම පිටුවේ ඇති දහම් කරුණු ගැන දැනුවත් නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා වෙබ් පිටුව වැඩිදියුණු කිරීමට යොමු කරන්න . 

ක්‍රි. පූ.

624 / 560
වෙසක් පුන් පොහෝ දින
බෝසත් කුමරුගේ උප්පත්තිය
බෝසත් කුමරුගේ උප්පත්තිය

ඉන්දියාවේ ලුම්බිණි සල් උයනේ දී.

ක්‍රි. පූ.

595 / 531
ඇසළ පුන් පොහෝ දින
අභිනිෂ්ක්‍රමණය
  • අභිනිෂ්ක්‍රමණය (ගිහිගෙයින් නික්මීම වයස අවුරුදු 29 දී)
  • වසර හයක් දුෂ්කරක්‍රියා කිරීම
ක්‍රි. පූ..

589 / 525
වෙසක් පුන් පොහෝ දින - බුද්ධත්වයට පත්වීම
බුද්ධත්වයට පත්වීම

ඉන්දියාවේ බුද්ධගයාවේදී වයස අවුරුදු 36 දි බුද්ධත්වයට පත්වීම.

පළමු වන සතිය
බෝධි මූලය යට

බෝධි මූලය යට - බුද්ධත්වයට පසු පළමු සතිය තුළ බුදුන් වහන්සේ බෝ ගස යට වාඩි වී තමන් අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් කල් ගත කළ.

දෙවන සතිය
දෙවන සතිය - අනිමිසලෝචනය

දෙවන සතියේදී බුදුන් වහන්සේ බෝධීන් වහන්සේට මුහුණලා වැඩ වැඩ සිටිමින්, බුදු බව ලබා ගැනීමේදී සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිටිමින් බෝධීන් වහන්සේට ගෞරවය කළහ.

තුන්වන සතිය
තුන්වන සතිය

තුන්වන සතිය ගත කළේ බෝමැඩ අසලම සක්මන් කළහ.

හතරවන සතිය
හතරවන සතිය

සිව්වන සතිය රුවන් ගෙහි වැඩ සිටිමින් ධර්මය මෙනෙහි කළහ. 

පස්වන සතිය
පස්වන සතිය - අජපල් නුග රුක මුල

බුදුරජාණන් වහන්සේ පස්වන සතිය ගතකළේ අජපල් නුග රුක මුලයි.

හයවන සතිය
හයවන සතිය - මුචලින්ද රුක මුල

බුදුරජාණන් වහන්සේ හයවන සතිය මුචලින්ද රුක මුල විමුක්ති සුවයෙන් වැඩ වැඩ සිටියහ. මුචලින්ද නම් නාග රාජයෙකු පැමිණි බුදුරදුන්ට වැසි සුළං ආදියෙන් ඇතිවන පීඩා වළකාලිය.

හත්වන සතිය
හත්වන සතිය - රාජායතන නම් කිරිපළු රුක මුල

සත්වන සතිය රාජායතන නම් කිරිපළු රුක මුල විමුක්ති සුවයෙන් වැඩ සිටියහ.

සත්වන සතිය අවසන්හි සමවතින් නැඟී සිටි උන්වහන්සේට සක් දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන් ද බෙහෙත් අරළුවක් ද ප්‍රදානය කොට ගියහ. භාග්‍යවතුන් වහන්සේ ද දැහැටි වළඳා මුව දොවා කිරිපළු රුක් මුලමැ හුන් සේක.

අටවන සතිය
බරණැස ඉසිපතනය බලා වැඩම කිරීම
  • තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ.
  • සහම්පති බ්‍රහ්මරාජයා දහම් දෙසීම් සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම.
  • බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම සඳහා පස්වග තවුසන් සොයා බරණැස ඉසිපතනය බලා වැඩම කළහ වැඩම. බුදුරජාණන් වහන්සේ යොදුන් දහ අටක් පමණ මඟ ගෙවා ඉසිපතනයට වැඩම කළහ.
  • ඒ වඩිනා අතර මගදි උපක නම් ආජීවකයා බුදුරදුන්ට මුණ ගැසුණහ. බුදුන් වහන්සේ ඔහු සමග ද කෙටි සංවාදයක යෙදුනහ.
ඇසළ පුර පසළොස්වක පොහොය දින
ප්‍රථම ධර්ම දේශනය
  1. බුදු රජාණන්වහන්සේ ඉසිපතනයේ මිගදායේදී පස්වග තවුසන්ට දම්සක් පැවසුම් සූත්‍රය දේශනා කළහ. එම දේශනාව අසා පළමුව කොන්ණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය, අනෙකුත් තවුසන් සතර දෙනා ද අනතුරුව සෝවාන් විය.
  2. අනන්ත ලක්ඛණ සූත්‍රයේ ඇතුළත් දහම් අසා තවුසන් පස් දෙනාම රහත් වූහ.
1 වැනි වස්කාලය – බරණැස ඉසිපතනාරාමය
  • ඉර බස්නට පෙරැ ම භාග්‍යවතුන් වහන්සේ ගේ දම් දෙසුම අවසන් වී ය. මෙ දිනැ වැසි සමය ඇරැඹිණ.
  • එ බැවින් ඒ ඇසළ පුණු පෝදා සැන්දෑවෙහි “මේ වර්ෂර්තුයෙහි ඉසිපතන්හි ම වෙසෙමි” යි භාග්‍යවතුන් වහන්සේ ඉටූ සේක.
  • මේ බුදුරජුන්ගේ පළමු වස් විසීම යි. පස් වග මහණුන් ඇතුළු බුදුරජාණන් වහන්සේ ඒ වස්සානය ඉසිපතනහිම ගත කළ සේක.
යසකුල පුත්‍රයා
  1. බරණැස් සිටුවරයාගේ පුත්‍ර යස කුමරු චතුස්සත්‍යාවබෝධය කිරීමෙන් යස කුල පුත් සෝවාන් විය.
  2. කුල පුතුගේ පියා වූ බරණැස් සිටු සෝවාන් විය.
  3. ලොවැ තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යස කුල පුතුගේ පියා වූ බරණැස් සිටුය.
  4. තම පියාට දෙසූ ධර්මය අසා යස කුලපුත් රහත් විය.
  5. සුජාතා (යස භික්ෂුවගේ මවු) ද පෙරැ ගිහි කලැ ඔහුගේ භාර්යයාව වූ තැනැත්තී ද සෝවාන් වූහ.
  6. යස කුල පුතු මහණ වූ පවත් ඇසූ ඔහුගේ යහළු වූ බරණැස උසස් කුල සතරෙකැ දරු වූ විමල, සුඛාහු, පුණ්ණජි, ගවම්පති යන සිටුකුල පුත්තුද සෝවාන් වූහ.එයට පසු වැ දෙසු දහම් අසා සියල්ලෝම රහත් වූහ.
  7. යස රහතුන් වහන්සේ ගේ ගිහි කාලයෙහි යහළු වූ අන් පළාත් වැසි තවත් පනස් දෙනෙක් කුල පුත්තු යස කුල පුත් මහණ වී යැයි අසා පැමිණියාහ. ධර්ම කථා ඇසූ කුලපුත්තු පනස්දෙනා ම සෝවාන් වූහ. ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් මහණකම ඉල්ලුවෝ එහිභික්ෂුපසම්පත්තිය ලැබුවෝ, එයට පසු වැ දෙසු දහම් අසා සියල්ලෝම රහත් වූහ.
ඉල් මස පසොළොස්වක් දා
මුල්ම රහතන් වහන්සේලා හැට නම

මෙ සේ එසමයෙහි ලොවැ බුදුරජාණන් වහන්සේත් ඇතුළු සියලු ම රහත්හු එක් සැට නමක් වූහු.

වැසි කාලය ගත විය. තවත් මාසයක් (ඉල් මස පසොළොස්වක් දා වන තුරුත්) භාග්‍යවතුන් වහන්සේ බරණැස ම වුසූ සේක. එසේ වසන උන් වහන්සේ එක් දවසක් ලොව මුල්ම රහතන් වහන්සේලා හැට නම ඇමතූ බුදුරජාණන් වහන්සේ, "මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස, යහපත පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ දියුණුව පිණිස ගම් නියම් ගම්හි හැසිරෙන්න. දෙනෙක් එක මග නොයන්න. සියලු ආකාරයේ පවිත්‍ර වූ ධර්මය දේශනා කරන්න" ඊට පවසා ඒ රහත් හැට නම විවිධ දිශාවලට යවා තමන් වහන්සේද උරුවෙල් දනව්ව කරා වැඩි සේක.

භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක්
  • භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් සසුන් ගත කොට රහත් බවට පැමිණෙවූ සේක.
  • භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් තිස් නම ද ධර්මදූත මෙහෙයෙහි යෙදීම පිණිස දිසාවන්හි යවා තමන් වහන්සේ හුදෙකලා වැ උරුවිල්වා ජනපදය බලා ගමන්ගත් සේක.
  • ඒ පිරිස ධර්මදූත සේවයේ යෙදුණු දෙවැනි කණ්ඩායමයි. දෙවෙනි ධර්මදූත පිරිස තිස්දෙනෙක්
පළමු වරට පෙළහර දැක්වීම, දහසක් වූ ජටිල පිරිස දමනය
  • පළමු වරට පෙළහර  දැක්වීම උරුවෙල කාශ්‍යප ප්‍රමුඛ පන්සියයක් ජටිල පිරිස්  දමනය සඳහා
  • උරුවෙල කාශ්‍යප ප්‍රමුඛ පන්සියයක් ජටිල පිරිස් ද ගයා කාශ්‍යප ප්‍රමුඛ තුන්සීයක් ජටිල පිරිස ද නදී කාශ්‍යප ප්‍රමුඛ දෙසීයක් ජටිල පිරිස ද පැමිණ පැවිදි විය. වැඩිදුර විස්තර සඳහා >>

භාග්‍යවතුන් වහන්සේ පුරාණ ජටිල භික්ෂුන් ගයා ශීර්ෂයට ගෙන යෑම

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි ටික දවසක් වැස පෙර ජටිල වැ සිටි ඒ දහසක් භික්ෂූන් කැටුව ගයා ශීර්ෂයට වැඩ එය මත්තෙහි ශිලාතලයෙහි හිඳ ඔවුන් අමතා අදිත්ත පරියාය සුත්ත දේසනාව දේසනා වදාළ සේක.

මේ ධර්ම දේශනාව අසා ඒ දහසක් භික්ෂූහු රහත් වූහ.

දුරුතු පුර පසළොස්වක පෝය දින
බුද්ධත්වය ලබා මාස නමයකට පසුව
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය
  • උරුවෙල් දනව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය  බුද්ධත්වය ලබා මාස නවයකට පසු දුරුතු පුර පසළොස්වක පෝය දින, මහියංගනයට යක්ෂ දමනය සඳහා සිදුවිය.
  • මෙහිදී දහම් ඇසූ සමන් දෙවියෝ සෝවාන් බව ලැබූහ.
  • මහසමන් දෙවිහු පූජ්‍ය වස්තුවක් ඉල්වූයෙන් ඔහුට ඉස පිරි මැද කේසධාතු මිටක් දීම.
  • බුදුරජාණන් වහන්සේ එදින ම උරුවෙල් දනව්වට පෙරළා වැඩි සේක.
රජගහ නුවර තල්වනයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක. වැඩිදුර විස්තර සඳහා >>

රජගහ නුවර බිම්බිසාර රජතුමා හමුවීම
  • සත්‍ය සොයා යන සමයේදී මගධ රට බිම්බිසාර රජතුමා කළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ එක් දහස් තුන් නමක් (1,003) පිරිවරාගෙන ඒ දුරුතු මැදි පෝදා ම දා රජගහ නුවරට වැඩම කළ සේක.
  • එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක.  
  • උන්වහන්සේ එහි වසන බව ඇසූ බිම්සර රජ දක්නට ආයේ ය. වැඩිදුර විස්තර සඳහා >>
  • මෙහි දී වච්ඡපාල බ්‍රාහ්මණ පැහැදී තෙරුවන් සරණ ගියෝ ය.
  • මහානාරද කාශ්‍යප ජාතකය දෙසූ සේක.
  • එහිදී බිම්සර රජ සෝවාන් වූහ.
  • මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් විය.
  • රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූහ.
  • මේ පිරිසැ සිටි විශාඛ සිටු සෝවාන් විය.
බිම්සර රජ ගෙදර දානය

නගර ප්‍රවේශයේදී ද භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටු දූ, බිම්සර රජු පුරෝහිතයාගේ දූ සෝමා, කෙළඹී දූ ශුක්ලාශුභා බ්‍රාහ්මණ කන්‍යා ආදී බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකා වූහු. (පසු කාලයේ දී පැවිදි වූහ.) වැඩිදුර විස්තර සඳහා >>

බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව
  • බිම්බිසාර රජතුමා තමන්ගෙ වේළුවන උද්‍යානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේය, ඒ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාවයි.
  • “මහණෙනි, ආරාම පිළිගැනීමට අවසර දෙමැ” යි වදාළ සේක.
ප්‍රෙතයනට පින් පෙත් දීමක්, තිරොකුඩ්ඩ සුත්ත දේශනාව

භාග්‍යවතුන් වහන්සේ බිම්සර රජහට බණ වශයෙන් තිරෝකුඩ්ඩ සුත්ත දේශනාව වදාළ සේක.

නවම් මස පුර පෑලවිය දා
භාග්‍යවතුන් වහන්සේ වෙත උපතිස්ස හා කෝලිත දෙදෙනා පැමිණීම හා පැවිදිවීම
    • රජගහ නුවර විසූ කෝලිත, උපතිස්ස යන පරිබ්‍රාජකයන් දෙදෙනාද පිරිවර දෙසියපණහක් සමග බුදු සසුනේ පැවිදි විය. සැරියුත් මුගලන් යන නම් දෙකෙන් ප්‍රසිද්ධියට පත්වූයේ උපතිස්ස හා කෝලිත යන දෙදෙනාය.  වැඩිදුර විස්තර සඳහා >>

 

  • සැරියුත් මුගලන් දෙ නම හැර සෙසු සියල්ලෝ එහි නුවණ යවා රහත් වූහ.
  • මුගලන් තෙරණුවෝ පැවිදි වූ දා ම භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ඉගෙන මගධ රට කල්ලවාලමුත්ත නම් ගමට වැඩ එහි සමීපයේ කැලයෙකැ වැස විදර්ශනා වැඩූහ.
  • මේ අතර භාග්‍යවතුන් වහන්සේ ද,  වත්ස ජනපදයෙහි වූ භග්ග රට වැඩ එහි සුංසුමාරගිර නගරය අසල භෙෂකලා අඩවියෙහි වසන සේක.
නවම් පුර අටවක් දා
මුගලන් තෙරණුවෝ රහත් වීම

යටැ කී පරිදි කල්ලවාලමුත්ත ගමේ වෙනෙහි මහණ දම් පුරණ මුගලන් තෙරණුවෝ සත් දිනක් සක්මනෙහි යෙදුණෝ, සත් වන දා වෙහෙස වැ චිත්ත චෛතසිකයන් ගේ මැලි බවට බැස්සෝ ය. භාග්‍යවතුන් වහන්සේ දිවැසින් ඒ දැක සෘද්‍ධියෙන් එතැනට වැඩ ධාතු කර්මස්ථාන දේශනයෙන් දම් දෙසූ සේක. ඒ අනුව සිහි නුවණ යෙදූ තෙරණුවෝ එහි දී ම රහත් වූහ. මේ වනාහි උන්වහන්සේ පැවිදිවීමෙන් සත් වන දාය.

නවම් පුර පසළොස්වක් දා
සැරියුත් තෙරුන් රහත් වීම
  • භාග්‍යවතුන් වහන්සේ ඊළඟ සතියෙහි රජගෘහ පුරයට පෙරළා වැඩි සේක්, ගිජුකුළු පව්වෙහි සූකරඛත ලෙනට (ඌරන් හෑරූ ලෙනට) වැඩ එහි වුසූ සේක. මේ සැරියුත් තෙරුන් පැවිදිවීමෙන් පසොළොස්වන දා ය. භාග්‍යවතුන් වහන්සේ මෙදින තෙරුන්ගේ බෑනණු වූ උච්ඡේදවාදී දීඝ නඛ පරිව්‍රාජකයාට වේදනා පරිග්‍රහ සූත්‍රය වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් සිටි සැරියුත් තෙරණුවෝ ඒ දේශනාව ඔස්සේ නුවණ යවා රහත් වූහ.
  • භාග්‍යවතුන් වහන්සේ එය දැන අහස් නැඟ ක්ෂණයෙන් වේළුවනයෙහි පිහිටි සේක. සැරියුත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ කොයි වැඩියෝ දැ?” යි ආර්වජන කොට දැන, තුමූ ද අහසින් වේළුවනයට ම වැඩිය හ.
නවම් මස මැදි පොහෝ දින
අගසව් තනතුරට පත් කිරීම
  • බුදුරජාණන් වහන්සේ රජගහ රජගහ නුවර දී උරුවේල කාශ්‍යපයන් වහන්සේ ආදි පුරාණ ජටිල භික්ෂූහු දහසක් ද, සැරියුත් මුගලන් දෙ නම ප්‍රධාන දෙසිය පනස දැ,  එක්දහස් දෙසිය පණහක් පමණ වූ රහතන් වහන්සේලා මධ්‍යයේ දී සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරට පත් කළ සේක. ඉක්බිති අවවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක.
  • අගසවු තනතුරු ගැන භික්ෂූන්ගේ වැරැදි අදහස් දුරලීම, වැඩිදුර විස්තර සඳහා >>

විශාඛාව සෝවාන් වීම

බුදුරජාණන් වහන්සේ භද්දිය පුර වැඩිම,

  1. භාග්‍යවතුන් වහන්සේ මෙසේ රජගහ පුර වසන සේක් මේ අතර කාලයෙහි ටික දිනක් මහත් භික්ෂු සංඝයා පිරිවරා අංග රට සැරිසරන සේක්, භද්දිය නගරයට වැඩි සේක.

  2. එහි අමිතභෝගී වූ මෙණ්ඩක සිටු ඒ පවත් අසා, සිය මිනිබිරිය වූ සත් හැවිරිදි විශාඛා ළදැරිය ඇගේ පිරිවරත් සමග භාග්‍යවතුන් වහන්සේ දක්නට යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ බුද්‍ධිමත් විශාඛා තොම සෝවාන් පෙලෙහි පිහිටියා ය

  3. මෙණ්ඩක සිටු ද, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසා සෝවාන් වූයේ, පසු දා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නේ ය.

  4. මේ කෙමෙන් අඩ මසක් ම සිටු තෙමේ මහදන් පැවැත්වී ය. භාග්‍යවතුන් වහසේ ටික දිනක් එහි වැස ඉන් නික්ම වඩනා සේක්,

කෙණිය - සේල දෙදෙනාට දම් දෙසීම

  1. අංගුත්තරාප දනව්වෙහි ආපණ නම් නිගමයට පැමිණි සේක. මෙහි දී කේණිය ජටිලයාට බණ වදාරා ඔහු පහදවා,

  2. සේල බ්‍රාහ්මණයාට දහම්දෙසා ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් ඔහු පැවිදි කොට, පෙරලා රජගහ පුරට ම වැඩි සේක.

මහා කාශ්‍යපයන් වහන්සේ
  • මගධ රට මහාතීර්ථ නම් බමුණුගමැ කපිල නම් මහා ධනවත් බමුණකු ගේ පිප්පලී මානවක නම් පුතෙක් විය.
    වැඩිදුර විස්තර සඳහා >>
  • එයින් පසු භාග්‍යවතුන් වහසේ කාශ්‍යප තෙරුන් කැටුව වේළුවනාරාමයට ම වැඩිසේක.
  • කාශ්‍යපයන් වහන්සේ සතියක් ගත වූ තැන අභිඥාලාභී සිවුපිළිසිඹියාපත් මහරහත් කෙනෙක් වූහ.
  • කාශ්‍යප යන නම දැරූ තවත් තෙරහු වූහ. ඔවුන් වහන්සේ ගෙන් වෙන් කොට ගනු පිණිස පසු කලෙක “මහාකාශ්‍යප” නමින් අන් තෙරහු මුන්වහන්සේ හැඳුන්වූහ.
විශාල භික්ෂු පිරිසක්

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාවේ සිට ගත වූ මේ අට මසක් පමණ වූ අතර කාලයෙහි නානා දිශාවලට යැවූ භික්‍ෂූන්ද පුරාණ ජටිල භික්ෂූන් එක දහස් තුන් දෙනෙක් ද, සැරියුත් මුගලන් දෙදෙනා ඇතුළු පුරාණ පරිව්‍රාජක භික්ෂූන් දෙසිය දෙ පණසක් ද අංග මගධ දෙරට කුලපුතුන් මහණ වුවන් දස දහසක් පමණ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූවන් දස දහස් දස දෙනෙක් දැ යි සියල්ලෝ ම එක් විසි දහස් තෙ සිය පස් පනසක් පමණ භික්ෂුහු වූහ.

මැදින් මස පසළොස්වක් පොහොය
කාළුදායි තෙරුන් ගේ ගමන වර්ණනා

කාළුදායි තෙරුන් ගේ පැමිණීමෙන් දින හත අටෙක් ගත වීය. මැදින් මස පසළොස්වක් පොහොය පැමිණි යේ ය. හේමන්ත සෘතුව ලැබූයෙන් කිඹුල්වත් පුරට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවීමට සුදුසු කාලයැයි කාළුදායි ස්ථවීර සිතී ය. සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ගමන වර්ණනා කරනුයේ යන ආදීන් ගමන වර්ණනා කොට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචන කෙළේ ය.

වැඩිදුර විස්තර සඳහා >>

මැදින් මස පසළොස්වක් පොහොය
කිඹුල්වත බලා පිටත් වීම

භාග්‍යවතුන් වහන්සේ අංග මගධ දෙරටින් පැවිදි ව රහත් වූ දස දහසක් පමණ වූ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ වූ දැයි විසිදහසක් වූ රහතුන් පිරිවරා පිටත් වූ සේක්, භාග්‍යවතුන් වහන්සේ පා ගමනින් ම දවසකට යොදුන බැගින් දෙ මසකින් වැඩ වෙසක් පසොළාවක් දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක.

මේ කාලයෙහි කාළුදායි තෙරණුවෝ සියලූ ම දිනයෙහි සෘද්‍ධියෙන් කිඹුල්වත් පුර රජගෙට ගොස් දන් වළදා රජ ගෙයින් භෝජන පාත්‍රය බැගින් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ඒ එ ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ වැළැදු ආහාරය විය.

ක්‍රි. පූ. 588.

බුද්ධත්වය ලබා 2 වන වර්ෂය
වෙසක් පසළොස්වක් දා
මුල්වරට කිඹුල්වත් නුවරට වැඩම කිරිම

සුදොවුන් රජු රජතුමාගේ ඇරයුම පරිදි කාලුදායි තෙරුන්ගේ මෙහෙයුම පරිදිත් නෑයන්ට වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදීය.

බුදුරජාණන් වහන්සේ නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන පෙර මඟට යන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ නගරවාසි ළදරු ළදැරියන් පළමු කොට ඉදිරියට යැවූහ. ඔවුනට පසු ව රජ කුමර කුමරියෝ ගමන් කළහ. රජහු ඔවුනට පසු ව තුමූ ම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ද විසි දහසක් පමණ රහත්තු ද පනවා තුබුණු අසුන්හි වැඩහුන්හ.

වෙසක් පසළොස්වක් දා
යමා පෙළහර පෑම

ස්වභාවයෙන් ම මානාධික ශාක්‍යයෝ “සිදුහත් කුමරු අපට වයසින් බාලය. අපේ බෑනණුවෝ ය, අපේ මුණුබුරෙකි” යන ආදීන් සිතනුවෝ තුමූ නමස්කාර නො කොට ළදරු කුමර කුමරියන් ලවා ම නමස්කාර කැරැවූහ.

සර්වඥයන් වහන්සේ මාන මර්දනය කළ යුතු යැ යි සලකා, අභිඥපාදක ධ්‍යානයට සමවැද ඉන් නැඟිට අහස් නැඟ මහ පෙළහරක් දැක්වූ සේක.

වෙසක් පසළොස්වක් දා
මල්ල රජ කුමරුන් සිවු දෙනෙකුන් පැවිදිවීම

පාවා නුවර මල්ල රජුන් සිවු දෙනෙකු ගේ පුත්‍ර වූ ගෝධික සුබාහු වල්ලීය උත්තිය නම් මිත්‍ර කුමරහු කිසි කටයුත්තක් නිසා ඒ දිනවල එහි විත් සිටියෝ එදා භාග්‍යවතුන් වහන්සේ දැක් වූ පෙළහර දැක පැවිදි වූහ. විදසුන් වඩා නොබෝ දිනෙකින් රහත් වූහ.

වෙසක් පසළොස්වක් දා
වෙස්සන්තර ජාතකය දෙසීම

මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑයන් ලවා වන්දවා ඔවුන් ගේ මානය බිඳ, පණවන ලද අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහු ද සංසුන් ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට. ඒ මුල්කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය වදාළ සේක.

ධර්ම කථාවසානයේ සියල්ලෝ වැඳ තමන් ගෙවල් කරා ගියහ.

බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස් යන්නෝ ධර්ම ශ්‍රවණ ප්‍රීතියෙන් මත් වූවෝ, පසු දා දනට පැවරීමට සිහිමඳ ව ගියහ. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි දවස් යැවූ සේක.

භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙහි පිඬු සිඟීම
  1. භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතුන් පිරිවරා කපිලවාස්තු පුර වැද වහසල් දොරැ සිට ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩි සේක.
  2. යශෝධරා දේවීය  ගාථා අටෙකින් කෙසග පටන් නිය අග තෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ රූපය වර්ණනා කිරිම.
  3. සුදොවුන් මහ රජතුමා සෝවාන් වී ය.
  4. ඉක්බිති රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් පාත්‍රය ලබාගෙන බුද්‍ධ ප්‍රමුඛ විසි දහසක් රහතුන් මාලිගාවට, වැඩම කරවා ගෙන ගොස්, වඩා හිඳුවා දන් වැළැඳවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරණ සේක්. එය අසා සුදොවුන්  රජුරුවෝ සකෘදාගාමී වූහ.
  5. ප්‍රජාවතී ගෞතමී දේවී සෝවාන් වූහ.
බුදු රජුන් යශෝධරාව දක්නට වැඩීම
  1. භාග්‍යවතුන් වහන්සේ යශෝධරා දේවිය දකින්නට වැඩි සේක.
  2. බුදුරජාණන් වහන්සේ චන්ද කින්නර ජාතකය වදාළ සේක.
  3. යශෝධරාවන් මහණ වන්නට අදහස් කිරීම:
    එදවස් ම මහණවනු කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේ, මෙහෙණි සස්නට ඇය පළමුයෙන් නො ගත යුතු බවත්, මතු කුඩා මෑණියන් විසින් ම ඒ තනතුරු ලැබිය යුතු බවත් සලකා, ඇගේ ඉල්ලීම නො පිළිගත් සේක. රජ්ජුරුවෝ ද කරුණු කියා ඇය නවතා ලූහ.
  4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ තැනින් නික්ම නිග්‍රෝධාරාමයට වැඩි සේක.
වෙසක් මස අව දියවක් දා
නන්ද කුමාරයන්  සසුන් ගතවීම.
මෙසේ කිඹුල්වත් පුරයට බුදුරජාණන් වහන්සේ වැඩි තුන් වන දා හා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පුත් නන්ද කුමරු සසුන් ගත විය. මේ වනාහි බුද්‍ධත්වයෙන් දෙවෙනි වර්ෂයෙහි වෙසක් මස අව දියවක් දා ය.
රාහුල කුමාරයන් සසුන් ගතවීම.
  1. භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක.
  2. යශෝධරා දේවී සත් හැවිරිදි වූ රාහුල කුමරුවා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා යැවූ ය.
  3. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට නියෝග කළ සේක. << වැඩිදුර විස්තර සඳහා >>
  4. රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජු ගේ බලවත් කනගාටුවට හේතු වී ය. එ බැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ,  මා පියන් ගේ අවසර නැති ව දරුවන් මහණ නො කරන ලෙස වරයක් ඉල්ලූහ.
  5. මා පියන්ගෙන් අවසර නො ලත් දරුවා මහණ කළ යුතු නොවේ යැ” යි  ශික්ෂාපදයක් පැණවීම වදාළ සේක.
සුදොවුන් රජ අනාගාමී වීම.
  1. බුදුරජාණන් වහන්සේ පසු දා උදයැ රජ ගෙට වැඩි සේක. දන් වළඳා නිමැවූ විට මහා ධර්මපාල ජාතකය වදාළ සේක.
  2. ධර්ම කථාවසානයේ දී රජහු අනාගාමී ඵලයෙහි පිහිටියහ.
  3. යශෝධරාවන්ගේ ශෝකය, ඇය පැවිදිවන්නට සැරැසීම, සුදොවුන් රජු යශෝධරාවනට අවවාද කොට සනසාලීම.
භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙන් නික්මීම

භාග්‍යවතුන් වහන්සේ නො බෝ කලෙකින් ම කපිලවාස්තු පුරයෙන් නික්ම මල්ල රටට පැමිණ එහි සැරිසරන සේක්, අනෝමා නදී තීරයෙහි වූ අනුපිය නිගමයට සම්ප්‍රාප්ත වැ එහි අඹ වනයෙහි වසන සේක

භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත උපාලි නම් කපුවා ද සසුන්ගත වීම.
  1. ශුද්ධෝදන රජ්ජුරුවන් විසින් මෙහෙයන ලද ශාක්‍ය රජුන් විසින් යැවුණු කුමරුවෝ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ.
  2. ඉක්බිති තව ම නො පැවිදි ව සිටි භද්දිය, අනුරුද්ධ, ආනන්ද,[1]  භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන්  අනුපිය අඹ වනයට වැදෑ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ.

    [1]
    මහායාන පොත්වල දැක්වෙන පරිදි ආනන්ද කුමරු හැමට ම බාලය. රාහුල කුමරාට සම වයසේ වූයේ ය. පාලි පොත්හි දැක්වෙනුයේ බෝසතණන් උපන් දින ම උපන්නකු හැටියට ය.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සෝවාන් වූ සේක.
  1. ඔවුන්ගෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුණ මත්තානිපුත්ත තෙරුන්ගෙන් බණ අසා සෝවාන් වූ සේක. 
  2. භගු, කිම්බිල යන දෙනම පසු කාලයෙහි විදසුන් වඩා රහත් වූහ.
  3. දේවදත්ත තෙරණුවෝ ධ්‍යාන වඩා ලෞකික සෘද්‍ධිය ලැබූහ.
අනුපිය, නියම් ගමෙන් නික්ම රජගහ නුවරට වැඩම කිරීම

භාග්‍යවතුන් වහන්සේ ටික කලක් අනුපිය, නිගමයෙහි වැස ඉන් නික්ම රජගහ පුරයට වැඩි සේක.

පොසොන් මාසයෙහි ය.
විශාලා මහ නුවර තුන්බිය දුර කිරීම
  • භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ සිටින සමයේ දී විසාලා මහනුවර රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ යන තුන් හේතුයෙන් හට ගත් උපද්‍රවයෙන් පෙළුණේ විය. මහාලී ලිච්ඡවී රජුත් පුරෝහිත පුත්‍රයාත් රජගහ පුර යවා භාග්‍යවතුන් වහන්සේට විසල්පුර වඩින්නට  ආරාධනා කරන ලදී.
  • භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීම.  එහි වැඩ, රතන සූත්‍රය දෙසා සෙත් කොට පුරය නිරුපද්‍රැත කළ සේක.
  • මෙසේ අඩ මසක් පමණ කල් එහි වැස පෙරළා රජගහපුරයට ම වැඩි සේක.
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
2 වැනි වස්කාලය – රජගහ නුවර වේළුවනාරාමය

වැසි කාලය පැමිණියෙන් බුද්‍ධත්වයෙන් දෙවැනි වර්ෂය රජගහපුර සමීපයෙහි වූ වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.

සුමන මාලාකාරයා මලින් බුදුරජාණන් වහන්සේ පිදීය

මෙ සමයෙහි සුමන මාලාකාරයා තමා රජු පිණිස ගෙන යන මලින් බුදුරජාණන් වහන්සේ පිදීය. රාජ දණ්ඩනය ද නො තකා බලවත් ශ්‍රද්ධායෙන් ඔහු කළ ක්‍රියාවට සතුටු වූ බිම්බිසාර රජ තුමා ඔහුට එකවගෙන් අට බැගින් ඇතුන් අසුන් දාස දාසින් හා මහත් පළඳනා ද, කහවනු අට දාහක් ද සියලු අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රීන් අට දෙනෙකුන් ද ගම්වර අටක් ද දුන්නේ ය.

මාලාකාරයා ගේ ඒ පුෂ්ප පූජායෙහි දී මහත් පෙළහර ඇති විය. මේ සියල්ල දුටු අනඳ හිමියෝ සුමන මාලාකාරයා ගේ මතු ගතිය විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඔහු දෙව් මිනිස් සුව විඳ ගොස් මතු සුමන නම් පසේ බුදු වන බව වදාළ සේක.

 

භාග්‍යවතුන් වහන්සේ චේති දේශයට වැඩම කිරීම

වස් වැස පවරා භාග්‍යවතුන් වහන්සේ චේති දේශයට වැඩම කිරීම, එහි ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණි මහජනයා සග මොක් ධර්මයෙහි පිහිටුවීම.

භාග්‍යවතුන් වහන්සේ භේසකලා වනයට වැඩම කිරීම

භාග්‍යවතුන් වහන්සේ චේති දේශයෙන් භේසකලා වනයට වැඩ වැඩම කිරීම. 

භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කිරීම

බුදුන් වහන්සේ භේසකලා වනයෙන් රජගහ නුවර වැඩම කිරීම.

(මන්තානිපුත්ත) පුණ්ණයන් පැවිදි වීම
  • මෙ සමයෙහි අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ කිඹුල්වත් ගොස් එහි දෝණවත්ථු ගමැ දී පැවිදි වීම සිය බෑනණු (මන්තානිපුත්ත) පුණ්ණයන් පැවිදි කළහ. පුණ්ණයෝ කොණ්ඩඤ්ඤ තෙරුන් හා එන්නාහු කිඹුල්වත රැඳී කමටහන් වඩා රහත් වූහ.
  • ඔවුන් වෙත කිඹුල්වත් වැසි කුලපුත්තු පන්සියයක් පැවිදි වූහ. තෙරණුවෝ ඔවුනට දශ කථා වස්තුයෙන් ඔවා දුන්හ. ඒ අසා උහු හැම රහත් වූහු. ඉක්බිති තෙරුන් විසින් මෙහෙයවන ලදුවෝ ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් සුව දුක් විචාරා “කොහි සිට එවුදැ” යි ඇසූ සේක. “ජාත භූමියෙහි[1] සිට එම්හ” යි කීහ. “ජාත භූමියෙහි කවරෙක් නම් දශ කථා වස්තු ලාභී ද” එහි වැසි භික්ෂූන් විසින් සම්භාවිත දැ?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. “මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවෝ යැ”යි ඔහු කීහ.
  • මෙ කථාව අසා සිටි සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන් දක්නා කැමැති වූහ.

[1] ජාතභූමිය නම් කිඹුල්වත් පෙදෙස යි

ක්‍රි. පූ. 587 - බුද්ධත්වය ලබා 3 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
3 වැනි වස්කාලය – රජගහ නුවර වේළුවනාරාමය

භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂා කාර්තුවත් රජගහ නුවර වේළුවනයෙහි ම ගත කළ සේක.

ජම්බුක ආජීවක දමනය කිරීම

භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂා කාර්තුවත් රජගහ නුවර වේළුවනයෙහි ම ගත කළ සමයෙහි

  1. රජගහට නො දුරෙහි විසූ ජම්බුක නම් අසූචි කන නග්න ආජීවකයකු (ජම්බුක ආජීවක) දමනය කොට සසුන්හි පැහැද වූ සේක. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම කථා ශ්‍රවණයෙන් රහත් වූයේ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ය.
අනේපිඬු සිටුතුමා
  1. මෙසමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය.
  2. බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුහට බණ දෙසීම, ඒ ඇසීමෙන් සුදත්ත සිටු තෙම උන් අස්නෙහි ම සෝවාන් විය.
  3. සුදත්ත සිටුතුමා සංඝයා හා සැවැත් නුවර වස් වසන්නට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය.
  4. රජගහ නුවර සිට සැවැත් නුවරට සතළිස් පස් යොදුන් මාර්ගයෙහි යොදුනක් පාසා විහාර කර වූයේය. << විස්තර සඳහා >>
සැවැත්නුවරැ ආරාම පිළියෙල කිරීම

සැවැත් නුවර ජේතරාජ කුමාරයාගේ උයන මිලදී ගැනීම් සඳහා  කහවණු දහ අට කෝටියක් වියදම් කිරීම. ඒ බිම් කොටසෙහි ජේත රාජ කුමාර තෙම තට්ටු සතක් ඇති විශාල ප්‍රාසාදයක් කැරැවීය. සිටු තෙම තවත් කහවණු දහ අට කෝටියක් වියදම් කොට ඒ ජේත කුමරුන්ගේ උයනෙහි (ජේතවනයෙහි) විහාර, පිරිවෙන්, උපස්ථාන ශාලා, ගිනි හල්, වැසිකිළි, කෙසකිළි, සක්මන් මලු, නාන ගෙවල් යන ආදිය කැරැවී ය.

සැවැත් නුවර වැඩීම

අනාථ පිණ්ඩික (අනේ පිඬු) සිටු තුමා විහාර කර්මාන්තය නිමවා “දැන් සැවැත් නුවරට වඩින්නට කාලය යැ” යි දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙතට දූතයකු එවී ය. භාග්‍යවතුන් වහන්සේ ද සති කිහිපයකින් සැවැත් නුවරට පැමිණ වදාළ සේක. 

ජේතවන පූජාව (දෙව්රම් වෙහෙර)

"මෙහි පැමිණි නො පැමිණි සතර දිසා වැසි සංඝයාට,  ජේතවනාරාමය සංඝ සන්තක පූජා කෙළේ ය. 

  1. මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත් අධිමිත්ත බමුණු කුමර, භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බමිත්ත බ්‍රාහ්මණ, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිමන්ත කුළ පුත්, සිරිවඩ්ඨ කුලපුත්, උපවාන බ්‍රහ්මණ, අපර ගෝතම බ්‍රාහ්මණ, පසු කළ ඒකුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදී බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ.
  2. කොසොල් රජුන්ගේ පෙරෙවි බමුණු ගේ දූ වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.
නන්ද තෙරුන් රහත් වීම

කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ. ...... “නන්දයෙනි, ශාසන බ්‍රහ්මචර්යයායෙහි ඇලෙව. එවිට ඒ දෙවඟනන් ලැබිය හැකි බවට මම ඇප වෙමි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක......  ඉතා උත්සාහයෙන් මහණ දම් පුරන්නෝ නො බෝ කලෙකින් නන්ද භික්ෂු සියලු කෙලෙස් නසා රහත් වූහ.

<< විස්තර සඳහා >>

ආමගන්ධ සෘෂීන් සහිත පිරිස පැවිදි වීම

ආමගන්ධ සූත්‍රය[1] වදාළ සේක.

එය අසා පැහැදුණු ආමගන්ධ සෘෂිහු සිය පිරිස වු පන්සීයක් පමණ සෘෂීන් හා භාග්‍යවතුන් වහන්සේ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් ඔවුන් පැවිදි කළ සේක. කීප දිනකින් උහු හැම රහත් වූහ.

[1] මෙය සුත්ත නිපාතයෙහි දෙවැනි (චුල්ල වග්ගයේ) දෙවැනි සූත්‍රය යි.

පුණ්ණ තෙරුන් පැමිණීම

පුණ්ණ මන්තානි පුත්ත මහ රහත්හු භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩි බව අසා, එහි වැඩ දෙවුරම්හි ගඳකිළිය කරා ගොස් උන්වහන්සේ දුටුහ. ශාස්තෘන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. තෙරණුවෝ බණ අසා භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන සැවැත සමීපයෙහි අන්ධ වනයට ගොස් රුකක් මුල හුන්හ.

සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන්ගේ ඊම අසා ඔවුන් ගිය මඟ වැඩියෝ එ රුක මුලට එළැඹ පිළිසඳර කථා කොට සප්ත විසුද්‍ධි ක්‍රමය විචාළහ. පුණ්ණ තෙරණුවෝ ඒ විචාළ පැණ විසැඳූහ. දෙ තෙරණුවෝ ඔවුනොවුන් බස් සතුටින් පිළිගත්තෝ ය

භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රය දෙසූ සේක

භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වසන සමයෙහි ම එක් දිනක් රැ දෙව් පුතෙක් අවුත් වැඳ එකත් පසෙක සිට භාග්‍යවතුන් වහන්සේ ගෙන් “උත්තම මංගලය නම් කවරේදැ” යි විචාළේ ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රය දෙසූ සේක. දේශනාව අවසානයේදී කෙළ ලක්ෂයක් දේවතාවෝ රහත් වූහ. සෝවාන් සකෘදාගාමි ඵලයනට පැමිණියන්ගේ ගණන අගණ්‍ය ය.

ක්‍රි. පූ. 586 - බුද්ධත්වය ලබා 4 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
4 වැනි වස්කාලය – රජගහ නුවර වේළුවනාරාමය

භාග්‍යවතුන් වහන්සේ දනවු සැරිසරා වඩනා සේක් වර්ෂාණ කාලය ළං වූ විටැ රාජගෘහ නගරයට ම පැමිණි සේක.

බුද්‍ධත්වයෙන් සිවු වන වසැ වර්ෂර්තුවත් එහි වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.

4 වැනි වර්ෂය තුළදී සිදු වූ විශේෂ සිදුවීම්
  • බිම්සර රජ, පුක්කුසාති රජුට ධර්මය ලියවා යැවීම << විස්තර සඳහා >>

  • තිස්ස රජුට යැවූ දහම් ලිපිය << විස්තර සඳහා >>

  • සැඬොලකු පැවිදිවීම << විස්තර සඳහා >>

  • මහලු සැඬොලියකට දැක්වූ කරුණාව << විස්තර සඳහා >>

  • සෝපාක නම් අසරණ දරුවා << විස්තර සඳහා >>

  • භාරද්වාජයන් පැවිදිවීම << විස්තර සඳහා >>

  • මාතුපෝසක බමුණා << විස්තර සඳහා >>

  • උග්ගසේන සිටුතුමා සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණීම << විස්තර සඳහා >>

 

ක්‍රි. පූ. 585 - බුද්ධත්වය ලබා 5 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ දෙවැනි වර කපිලවාස්තු පුරයට පැමිණි

බුදුරජාණන් වහන්සේ  දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණ න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක.

ශාක්‍ය කෝලිය යුද්‍ධය භාග්‍යවතුන් සංසිඳුවීම

ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ ඇසූ ඔවුන් ගේ ක්‍රෝධය සංහිඳිණ.

භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඵන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් දම්දෙසා එ රජුන් සමඟි කැරැවූ සේක. << විස්තර සඳහා >>

2 වැනි වර කපිලවාස්තු පුරයට පැමිණි කාලය තුළදී සිදු වූ විශේෂ සිදුවීම්
  1. එක් කුලයෙන් දෙ සිය පණස බැගින් ශාක්‍ය කෝලිය ද කුලයෙන් පන් සියයක් කුමරුන් භාග්‍යවතුන් වහන්සේ ට පිරිවර පිණිස දුන්හ
  2. කුණාල ජාතකය වදාළ සේක.
  3. උසභ ශාක්‍ය කුමාර, ගෝතම ශාක්‍ය කුමාර, ශුද්ධෝදන රජුන්ගේ පුරෝහිත පුත් සප්පදාස, කෝලිය පුත් නිසභ ආදී අන්‍ය බොහෝ ජනයෝ ද පැවිදි වූහ.
  4. භාග්‍යවතුන් වහන්සේ මහා සමය සුත්තය වදාළ සේක.
  5. තමන් වහන්සේ ම වැනි බුදු රුවක් මවා,  ප්‍රශ්න අසන සේ සලස්වා, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දහම් දෙසූ සේක.
  6. පිළිවෙළින් සම්මාපරිබ්බාජනිය සුත්ත, පුරාභෙද සුත්ත, කලහවිවාද සුත්ත, චූලවියුහ සුත්ත, මහාවියුහ සුත්ත, තුවටක සුත්ත යන දේශනා සයින් දහම් දෙසූ සේක.
ප්‍රජාවතීගෞතමී දේවී ස්ත්‍රීනට පැවිදි වීමට අවසර අයැදුවා ය

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුර වසන සමයෙහි  මහා ප්‍රජාවතීගෞතමී දේවී උන්වහන්සේ කරා එළැඹ, වැඳ එක් පසෙක සිට, ස්ත්‍රීනට සස්නෙහි පැවිදි වීමට අවසර දෙන ලෙස තුන් වරක් ම අයැදුවා ය. තවම එයට කාලය නො වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට අවසර නුදුන් සේක. එ විට ඕ තොමෝ ශෝක පත් වැ කඳුළු පිරුණු මුහුණ ඇතිව හඬමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියා ය.

කිඹුල්වත් පුරයෙන් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක

කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
5 වැනි වස්කාලය – විශාලා මහනුවර කූටාගාර ශාලාව

කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක. එ කල වර්ෂර්තුව විය. එබැවින් විසල් පුර සමීපයෙහි මහා වනයෙහි කූටාගාර ශාලා නම් විහාරයේ වුසූ සේක.

සුදොවුන් රජ රහත් වීම

එ සමයෙහි දිනක් අලුයමැ ලොව බලා වදාරන සාමි දරුවන් වහන්සේ සුදොවුන් රජ රෝගයකින් පෙළෙන බවත් රජුහු තමන් වහන්සේ දක්නා කැමැත්තෙන් ඉන්නා බවත් දැක, ශ්‍රාවක පිරිසකුත් කැටුව සෘද්‍ධියෙන් එහි වැඩි සේක. එහි රෝගාතුර වූ රජු සැතැපී උන් ඇඳ ඉස පැත්තේ පැණැවූ අස්නේ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ රජු හිසැ දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක. නන්ද මහ රහත්හු රජු දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එ කෙණෙහි ම එ අතැ රුජාව ද දුරු වී ය. අනඳ තෙරණුවෝ රජහු වමතැ ද, සැරියුත් තෙරණුවෝ පිටෙහි ද, මුගලන් තෙරණුවෝ දෙපසෙහි ද, සිය අත් තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙණෙහි රජු සිරුරෙහි සියලු රුජාව මුළු මනින් දුරු වීය. මෙසේ රජ රෝගයෙන් මිදුණේ ය. එහෙත් ඉතා මහළු වූ එ තුමාගේ කයෙහි දුර්වල බව පැවැත්තේ ය.

මේ අවස්ථායෙහි දී භාග්‍යවතුන් වහන්සේ රජුට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කථායෙකින් අවවාද කළ සේක. ධර්ම කතාවසානයේ දී රජ්ජුරුවෝ රහත් වූහ.

ශුද්ධෝදන රහත් හු පිරිනිවන් පෑම

එ තන් පටන් සතියක් කල් ශුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා, සත් දින අවසන්හි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ඒ මංචකයෙහි ම හිඳ සිය ඇමැති ගණයා කැඳවා, තමන් ගෙන් වූ වරදෙක් ඇත් නම් ක්ෂමා කරන ලෙස වදාරා, කඳුළු ධාරායෙන් නැහැවෙමින් වටා රැස්ව හඬා වැලපෙන ප්‍රජාවතීගෞතමී දේවී ප්‍රමුඛ රජ පවුලෙහි ලොකු කුඩා සියල්ලට ශෝක වීමේ නිෂ්ඵල බව දක්වා අනිත්‍යතා ප්‍රතිසංයුත්ත ධර්ම කථායෙන් අවවාද කොට, එ යහන් මතැ සැතපී අනුපාදිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑහ.

භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහන කරවා රැස් වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම පෙරළා විසාලා මහනුවරට ම වැඩි සේක.

බුද්ධත්වය ලබා වසර පහකට පසුව
භික්ෂුණී සාසනය ඇතිවීම
  1. බුදුරජාණන් වහන්සේ විශාලා නුවර කූටාගාර ශාලාවේ වෙසෙන කල ප්‍රජාපතී ගෝතමී දේවිය තවත් කාන්තාවන් පන්සියයක් සමග එහි ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය.
  2. බුදුරුදුරජාණන් වහන්සේ මුලින් අකැමැති වුවත් ආනන්ද තෙරුන් ගේ බලවත් ඉල්ලීම පිට ගරු ධර්ම අටක් පිළිපැදීමට ගෝතමිය කැමති කරවාගෙන ඇයට පැවිදි උපසම්පදාව ලබා දුන්සේක.
  3. ඉක්බිති යශෝධරා දේවිය ඇතුළු අනෙක් කාන්තාවෝ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගෙන් පැවිද්ද ලැබූහ.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වැසි සාර මාස ගෙවුණ පසු වස් පවරා විසාලා මහනුවරින් නික්ම වඩනා සේක් සැවැත් පුරට පැමිණ වදාළහ.

කොසොල් රජ තෙරුවන් සරණ යෑම

එහි ජේතවනයෙහි වසන භාග්‍යවතුන් වහන්සේ වෙත දිනක් කෝශලාධීශ්වර ප්‍රසේනජින් රජතුමා එලැඹියේ ය. එළැඹ පිළිසඳර කථා කොට පසෙක උන්නේ ය. එසේ හුන් රජ තෙම,

“භවත් ගෞතමයන් වහන්සේ තුමූ නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබූහ යි ප්‍රතිඥා කෙරෙත් දැ”යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්න කෙළේ ය.

එයට උත්තර දෙන භාග්‍යවතුන් වහන්සේ,

තමන් වහන්සේ සම්‍යක්සම්බුද්ධත්වය ලැබූ බවත්, එබැවින් ම සම්‍යක්සම්බුද්ධයෙමි” යි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.

එ විටැ “ස්වාමීනි, මහ පිරිස් ඇති කීර්තිමත් පූරණකස්සප, මක්ඛලීගෝසාල, නාතපුත්ත නිගණ්ඨ, බෙල්ලට්ඨ පුත්ත සංජය, කකුධ කච්චායන, කෙසකම්බලී අජිත යන සදෙනා ගෙනුත්, “ඔබ සම්‍යක්සම්බුද්ධ දැ?” යි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක්සම්බුද්ධ බවක් ඉඳුරා නො කීහ. කිමෙක් ද? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ තුමූ සම්‍යක් සම්බුද්ධ හ යි ප්‍රතිඥා කෙරත් දැ” යි රජ ඇසී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ රජු අමතා,

“රජ කුමරා ද, සර්පයා ද, ගින්න ද, භික්ෂුව ද යන සතර දෙන ළදරු යැයි පහත් කොට සැහැල්ලු කොට නො සිතිය යුතු යැ”යි වදාරා දහම් දෙසූ සේක. ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය.

රාජකාරාමය නම් විහාරයක් ද කැරැ වී ය

මේ රජ ජේතවනයෙහි බුදුරජුනට රාජකාරාමය නම් විහාරයක් ද කැරැ වී ය.

බක් අව පසළොස්වක් දා
බුද්ධත්වය ලබා වසර පහකට පසුව
බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය
  • බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය ලබා වසර පහකට පසුව නාගදීපයට, චූලෝදර මහෝදර දෙදෙනාගේ යුද්ධය සමථයට පත් කිරීම සඳහා.

  • භාග්‍යවතුන් වහන්සේ එ මිණිපළඟ ද තමනට සෙවණ කළ සමිද්‍ධි සුමන දේවතාවා අරක් ගත් කිරිපළු රුක ද නාගයනට පූජ්‍ය වස්තු කොට දී යලි දු අවවාදානුශාසන කොට පෙරළා ජේතවනාරාමයට ම වැඩි සේක.
ක්‍රි. පූ. 584 - බුද්ධත්වය ලබා 6 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
6 වැනි වස්කාලය – මංකුල පවුව

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම සැරිසරන සේක්,  මකුල පර්වතයට වැඩ ස වන වර්ෂර්තුව එහි ගත කළ සේක.

රජගහපුර වැඩීම

වස් පවරා ඉක්බිති සැරිසරන සේක්, රජගහපුර වැඩ එහි ටික කලක් වුසූ සේක.

  • රූප මදයෙන් මත් වූ ඛෙමා
  • විකුර්වණර්ද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය පෑම තහනම් කිරීම
  • යමා මහ පෙළහර
ක්‍රි. පූ. 584 - බුද්ධත්වය ලබා 7 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
7 වැනි වස්කාලය – තව්තිසා දෙව්ලොව
  • භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කළ සේක.
  • මාතෘ දිව්‍ය රාජයා සෝවාන් විය.
අභිධර්මය දේශනා කිරීම

බුද්ධත්වයෙන් සත්වන වසරේ දී බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ දී ධර්මය දේශනා කරන ලදී.

මෛත්‍රෙය බෝසතාණෝ පැවිදි වීම

දේවාවරෝහණ උත්සවය දැක්මෙන් පැහැදුණු අප්‍රමාණ ජනයෝ බුදු බව පැතූ හ. ඉනුත් විශේෂයෙන් ම මෛත්‍රෙය බෝසතාණෝ භාග්‍යවතුන් වහන්සේගේත් සැරියුත් තෙරණුවන් ගේත් අතරැ වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසුවෝ එදා ම පැහැදී පැවිදි වූහ.

මේ මෛත්‍රෙය බෝසතාණෝ වනාහි මෙයින් සොළොස් අසංඛ්‍යෙය කල්ප ලක්ෂයෙකින් යටැ මතු බුදු වනුවට නියත විවරණ සිරි ලැබුවෝ පෙරුම්දම් පුරමින් දෙව්මිනිස් දෙ ලෝහි සරනුවෝ, අප බුදු පියාණන් දවසැ දෙව් ලොවින් චුත ව, සැවැත් නුවරින් තිස් යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලෙක සිරිවඩ්ඪ නම් මහ කෙළෙඹියාට පුත් ව උපන්නෝ ය. සුව පෙරහරින් වැඩුණු එ තුමෝ දිසා පාමොක් ඇදුරක්හු වෙත ඉගෙන ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළවරට පැමිණ මා පියන් ඇවෑමෙන් කුටුම්බ ස්වාමීව, මහ පිරිවර ඇත්තෝ, ශ්‍රී සම්පත් විඳ වසන්නෝ, යට කී පරිදි දේවාවරෝහණ සමාගමයෙහි දී, සියලු ගිහි සැප හැර දමා, දහසක් පමණ පිරිවර ජනයා එක්ක එදා ම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ, පැවිදි උපසපන් බව ලත් ආර්‍ය්‍යමෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂුහු බුද්‍ධ වචනය මොනොවට ඉගෙන නොයෙක් සිය ගණන් භික්ෂු සමූහයාට එය ඉගැන්වූහ.

මෛත්‍රෙය බෝසතුන් විවරණ ගැනීම

නැවැත පසු කලෙක එ මහාසත්ත්වයාණෝ තමනට වස්සග්ගයෙන් ලැබුණු මහඟු වස්ත්‍ර යුගලයෙන් එකක් භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධකුටියෙහි වියන් කොට බැඳ අනිත් වස්ත්‍රය ඉරා වියන් කෙළවර පන්ති කොට එල්ලූහ.

භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යමෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් ගේ අදහස් දැන භික්ෂු සංඝයා මධ්‍යයෙහි දී ඔබ පෙන්වා.

“මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයෙකින් බුදුන් පිදු මේ භික්ෂුහු බලවු, මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නම් සම්‍යක්සම්බුද්ධ වන්නේ ය. එ කලැ මෙ බරණැස් පුර කේතුමතී නම් රාජධානියෙක් වන්නේ ය. එහි සංඛ නම් සක්විති රජෙක් වන්නේ ය. ඔහු පුරෝහිත සුබ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන් ගේ පිය වන්නේ ය. එ පෙරෙවිහුගේ භාර්යයා වූ බ්‍රහ්මවතී බැමිණි මව වන්නී ය. නා රුකෙක් එ බුදුහු ගේ බෝරුක වන්නේ යැ”යි විවරණ සිරි දී වදාළ සේක.

ක්‍රි. පූ. 582 - බුද්ධත්වය ලබා 8 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
8 වැනි වස්කාලය – භග්ග පෙදෙසෙහි සුංසුමාර ගිරි නගරය අසල භේසකලා වනය

ශාස්තෘන් වහන්සේ සංකස්ස පුරයෙහි ටික දිනක් වැස සැරි සරන සේක්, භග්ග දේශයෙහි සුමාරගිර පුරය අසළ වූ භේසකලා වනයට වැඩ අට වන වැසි සමයැ එහි වුසූ සේක.

බෝධිරාජ කුමාරයාට දම් දෙසීම.

බෝධිරාජ කුමාරයාට දම් දෙසීම. දේශනාවසානයේ දී බෝධිරාජ කුමාරයා සෝවාන් විය.

සැවැත් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වස් සමයෙන් පසු සැවැත් පුර වැඩ, කලක් එහි වුසූ සේක.

ජේතවනාරාමයට වැඩීම

එ සමයෙහි සුනාපරන්තයේ සුප්පාරක පටුනින් පන්සියයක් පමණ ගැලින් වෙළෙඳාම සඳහා සැවැත් පුර පැමිණි පුණ්ණ නම් කෙළෙඹියෙක් දිනක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යන පිරිස දැක, තෙමේ ද ඔවුන් කැටුව ජේතවනාරාමයට ගියේ ය.

  • පුණ්ණ කෙළෙඹි පැවිදි වීම.
  • පුණ්ණ තෙරුන් සුනාපරන්තයට යෑම.
  • රත් සඳුනින් විහාර කැරැවීම.
  • පුණ්ණ තෙරණුවෝ ඍද්‍ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් සුනාපරන්තයට වඩනට ආයාචන කළහ.
භාග්‍යවතුන් වහන්සේ සුනාපරන්තයට වැඩීම

සච්චබද්ධ ජටිලයා පැහැදවීම

භාග්‍යවතුන් වහන්සේ ද ඒ පිළිගෙන, පසුදා පන්සියයක් භික්ෂු සමූහයා හා අහසින් වැඩි සේක. එ සේ වඩින බුදුරජාණන් වහන්සේ අතර මඟ සච්චබද්ධ නම් පර්වතයකට බැස එහි උග්‍ර තපස් ඇති ජටිලයාට දම් දෙසා ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කොට, ඒ භික්ෂු ද කැටි ව වෙළෙඳ ගම් වැඩි සේක. ගම් වැස්සෝ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට මහ දන් දී තමන් තැනැවූ ආරාමයට වැඩම කැරැවූහ.

සුනාපරන්ත වාණිජ සමාගම

සවස් කාලයෙහි ගම් වැස්සෝ මල් පහන් ආදිය ගෙන ආරාමයට ගියහ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. ඔහු සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණියහ. ඔවුනට වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි කිහිප දිනක් ම වුසූ සේක.

නර්මදා නදී තීරයෙහි පා සටහන තැබීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන් එහි ම නවතා, ඉන් නික්ම නර්මදා නදී තීරයට වැඩි සේක. නර්මදා නා රජ පෙර ගමන් කොට, භාග්‍යවතුන් වහන්සේ ස්වීය භවනයට පමුණුවා මහත් සත්කාර කෙළේ ය. ඒ නා රජුගේ ආයාචනයෙන් භාග්‍යවතුන් වහන්සේ නර්මදා නදී තීරයෙහි පාද ලාංඡනය තැබූ සේක.

සච්චබද්ධ පර්වතයෙහි පා සටහන

ඉක්බිති සච්චබද්ධ[1] පර්වතයට වැඩ එහි සච්චබද්ධ තෙරුන් නැවැත් වූ සේක. පූජ්‍ය වස්තුවක් තෙරණුවෝ ඉල්ලූ හ. භාග්‍යවතුන් වහන්සේ ගල මත්තෙහි අලුත් මැටි පිඩෙකැ මෙන් පාද ලාංඡනය තැබූ සේක.

[1] කඳුහතක් එකට බැඳී පිහිටි බැවින් මෙය සත්තබද්ධ නම් වූ පසු වැ සච්චබද්ධ නම් විය. අද මෙය ඒළු මලෙයි නමින් ප්‍රසිද්ධ ය. මදුරාසි දිස්ත්‍රික්කයට අයත් ය. තිරුපතිපුරය මේ කන්ද පාමුලය.

භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාමයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයට වැඩ එහි වසන සෙමෙහි, බුද්‍ධත්වයෙන් අටවන වර්ෂයෙහි මණිඅක්ඛික නම් ලක්වැසි නාගාධිපතියෙක් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ලක්දිව වඩනට ආයාවන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ අයැදුම පිළිගත් සේක.

වෙසක් පුර පසළොස්වක පෝය දින
බුද්ධත්වය ලබා වසර 8 කට පසුව
බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකාගමනය

බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය ලබා වසර 8 කට පසුව ජේතවනාරාමයේ වැඩ සිටිය දීය.

  1. මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් වෙසක් පොහෝ දින බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන බුද්ධානුභාවයෙන් අහසින් කැලණියට වැඩිය සේක. නාගයන් විසින් මහත් හරසරිනි බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පිළිගන්නා ලදී.
  2. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ, බුදුරජාණන් වහන්සේ එහි වම් සිරිපා ලකුණු පිහිට වූ සේක. 
  3. ඉක්බිති පර්වත ප්‍රාන්තයෙහි එක් ගල් ගුහායෙක දිවා විහරණය කළ සේක. ඒ භගවද්ගුහා නමින් දන්නා ලදී. ශ්‍රාවකයෝ පර්වතයෙහි තැන තැන දිවා විහරණය කළහ.

  4. ඉන්පසු ශ්‍රාවක ගණයා සහිත බුදුරජාණන් වහන්සේ එ තැනින් නික්මැ අහසින් රුහුණු ජනපදයට වැඩ එහි දැන් දීඝවාපි ස්තූපය පිහිටි තැන නිරෝධ සමාපත්තියෙන් මඳ වේලාවක් හුන් සේක.

  5. එයින් අහස් නැග අනුරාධපුරය වූ භූමිභාගයට වැඩ සිරිමහ බෝමැඩ, මඟුල් මහසෑය, අකුදා නිදන් කළ තැන යන මෙකී ස්ථානයන්හි මඳ මඳ වේලා නිරෝධ සමාපත්තියෙන් කල් යවා. දැන් ශෛල චෛත්‍යය වූ ස්ථානයට වැඩ,

එහිදී දම් දෙසා ඉන් අහස් නැග දඹදිව සැවැත්පුර ජේතවනාරාමයට ම පෙරළා වැඩි සේක.

ක්‍රි. පූ. 581 - බුද්ධත්වය ලබා 9 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ පුරට වැඩීම

ඝෝෂිත, කුක්කුට, පාවාරික යන මහාධන සිටුවරුන් තිදෙනා ද සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූහ. ඔහු බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට අඩ මසක් මහදන් දී තමන් ගේ නුවරට වඩිනා ලෙස ආයාචන කොට ගියෝ, කොසඹෑ නුවරට පැමිණ තම තමන් ගේ උයන්හි විහාර කැරැවූහ. ඉන් ඝෝෂිත සිටුහු කැරැවූ ආරාමය ඝෝෂිතාරාම යැ යිද, කුක්කුට සිටුහු කැරැවූ ආරාමය කුක්කුටාරාම යැයි ද, පාවාරික සිටුහු කැරැවූ ආරාමය පාවාරිකම්බවන යැ යි ද ප්‍රසිද්‍ධ වී ය. මෙසේ විහාර කරවා භාග්‍යවතුන් වහන්සේට වඩින ලෙසට පණිවුඩ යැවූහ.

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වඩිනා පිණිස මහද්භික්ෂු සංඝයා සහිත ව පිටත් වූ සේක.

මාගන්දිය බමුණා පැවිදි වීම

භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය නම් බමුණකු රහත් වීමට හේතු සම්පත් ඇති බව දැක අතර මගදී කුරු රට අතට යන පාරට බැස කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩ පසුදා උදේ වරුයෙහි එහි පිඬු පිණිස හැසුරුණු සේක. එහිදී මාගන්දිය බමුණා බුදුරජාණන් වහන්සේ දැක “තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැ” යි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත්, “මැය බිරින් දෑ කොට ගත මැනැවැ” යි දැන්වූයේ ය. 
 දේශනාවසානයේ දී ඒ දෙදෙන අනාගාමී වූහ. පැවිදි වැ රහත් වූහ

මාගන්දියා භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දා ය

මාගන්දිය බමුණා බුදුරජාණන් වහන්සේ දැක “තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැ” යි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත්, “මැය බිරින් දෑ කොට ගත මැනැවැ” යි දැන්වූයේ ය. එ විට කාමසම්පත්තියෙහි තමන්වහන්සේ නෑලෙන බවත් මල මුත්‍ර පිරුණු මේ ශරීරයක් පයින් වත් ස්පර්ශ කරන්නට නො කැමැති බවත් වදාළ සේක. එය අසා ඒ බමුණාගේ දූ වූ මාගන්දියා තොම ඇගේ සිරුර මල මුත්‍රයෙන් පිරුණු එකෙකැයි අවමන් කෙළේ යැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දා ය.

තරුණ මාගන්දියා තොමෝ ද නොබෝ කලෙකින් ඇගේ රූපශ්‍රියෙහි ඇලුණු උදේනි රජහු විසින් ගෙන්වා අග මෙහෙසුන් කර ගන්නා ලදී ය.

කොසඹෑ පුර සිටුහු ද තමන් කැරැවූ ආරාම තුන පිදූහ

 කොසඹෑ පුර සිටුහු ද පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තමන් කැරැවූ ආරාම තුන පිදූහ. ඉක්බිති පසු දා දනට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට තමන් ගෙවලට ගියහ.

මාගන්දියා භාග්‍යවතුන් වහන්සේ ට නින්දා අපහාස කිරීම

උදේන රජු ගේ භාර්යයා වී සිටින මාගන්දියා තොමෝ, බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව අසා නුවර වැසි නො හික්මුණු මැරවැර කොලු ගැටයනට අල්ලස් දී භාග්‍යවතුන් වහන්සේ ට නින්දා අපහාස කරන්නට නියෝග කළා ය. එ සේම ඔහු පසු දා නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ දැක නොයෙක් අන්දමින් නින්දා සහගත බැණුම් දෙඩුම් කළහ.

ඒ දුටු ආනන්ද ස්ථවිර තෙම “මේ නගරය හැරැ යම්හ” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේ ය. “ආනන්දය, තථාගතවරු ලාභ අලාභ අයස යස ආදි අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නො වෙත් යැ”යි ද, මේ නින්දා අපහාස කිරීම සතියකට වඩා නොපවන්නේ යැයි” ද වදාරා බුදුරජාණන් වහන්සේ එහි ම වුසූ සේක.

එ සිටුවරු තිදෙන මාරුවෙන් මාරුවට දන් දෙමින් මාසයක් ගත කොට සෙසු නගර වාසීනට ද දන් දීමට අවකාශ දුන්හ. නුවර ඒ ඒ වීථිවල වැසියෝ එක් ව මහ දන් පැවැත් වූහ.

සාමාවතී ගේ මරණය

එ සමයෙහි දිනක් බුදුරජාණන් වහන්සේ නුවර ප්‍රධාන මාලාකාරයා ගේ ගෙයි දනට වැඩි සේක. උදේන රජු ගේ සාමාවතී නම් අග මෙහෙසියක ගේ උපස්ථායිකා වූ ඛුජ්ජුත්තරා නම් ස්ත්‍රියක් මල් මිල දී ගැන්මට වෙන දා සේ ම එදාත් පැමිණි තැනැත්තී එහි දී බණ අසා සෝවාන් වූවාය. ඉක්බිති මාලිගාවට ගිය ඇගෙන් බණ අසා සාමාවතී ද ඇය පිරිවර ස්ත්‍රීහු ද සෝවාන් වැ, එතැන් සිට ඇය දාසි භාවයෙන් මුදා මවු තනතුරෙහි ද ඇදුරු තනතුරෙහි ද තබා සත්කාර කළහ. ඛුජ්ජුත්තරා උපාසිකා තොමෝ ද සියලු දිනයෙහි ම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා අවුත් සාමාවතී ආදීනට කියන්නී කල් යෑමේදී ත්‍රිපිටකධර වූවාය.

සාමාවතිය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි බව දත් මාගන්දියා බිසව නොයෙක් අයුරින් ඇය කෙරේ රජු බිඳුවා ලීමට උත්සාහ කළා ය. කිසි විටෙක රජ ඒ විශ්වාස කළ නමුත් පසු ව සාමාවතියගේ නිදොස් බව තේරුම් ගත්තේ ය. ඉක්බිති සාමාවතී තොම රජු ගෙන් අවසර ගෙන ඇගේ මාලිගාවට ආනන්ද ස්ථවිරයන් වහන්සේ කැඳවා සත්කාර කොට බණ ඇසුවා ය.

මේ කිසිවක් ඉවැසිය නො හී වඩ වඩා කෝපයෙන් දිලිහුණු මාගන්දියා තොම ඇගේ කුඩා පියා ලවා සාමාවතිය ගේ මාලිගාවට රහසින් ගිනි ලැව්වා ය. සාමාවතී සහිත පන්සියක් පමණ වූ ඇගේ පිරිවර ස්ත්‍රීහු එයින් දා මළහ.

රජ තෙම පසු ව එය මාගන්දියාව විසින් කරවන ලද බව දැන ගෙන, දරුණු වද දී ඇය ද ඇගේ නැදෑයින් ද මරවා දැමී ය.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
9 වැනි වස්කාලය – කොසඹෑනුවර ඝෝෂිතාරාමය

භාග්‍යවතුන් වහන්සේ බුද්‍ධත්වයෙන් නව වන වර්ෂයෙහි වැසි සාරමසෙහි ද ඉන්පසු ද කොසඹෑ පුර සෝෂිතාරාමයේ වුසූ සේක

භද්‍රවතිකා ඇතින්න

භාග්‍යවතුන් වහන්සේ මෙ සේ උදේන රජු ගේ භද්‍රවතිකා නම් ඇතින්නට සෙත සලස්වා ඝෝෂිතාරාමයට වැඩි සේක.

ක්‍රි. පූ. 580 - බුද්ධත්වය ලබා 10 වන වර්ෂය
බුද්ධත්වය ලබා 10 වන වර්ෂය
කොසඹෑ නුවර භික්ෂූන් අතර අසමගිය, සංඝයාගේ භේදය

ඝෝෂිතාරාමයෙහි වැසි විනයධර ස්ථවිර නමක ගේත් ධර්ම කථික ස්ථවිර නමකගේත් විවාදයෙක් වී ය. ස්වල්පයෙන් පටන් ගත් විවාදය එ දෙදෙනා ගේ පක්ෂයට බොහෝ පෘථග්ජන ගිහි පැවිද්දන්ගේ බැඳීමෙන් ක්‍රමයෙන් දියුණු වී ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට කළහ විවාද අසමග බව්හි ආදීනව වදාරන සේක්, ලටුකික ජාතක, වට්ටක ජාතක, දීඝිති කෝසල ජාතක යන මෙයින් අවවාදානුශාසනා කළ සේක. එහෙත් ඔහු ශමථයකට නො පැමිණියහ.

භාග්‍යවතුන් වහන්සේ විවේකය ද කැමැති වැ, පාරිලේය වනය දෙසට යන්නට අදහස් කළ සේක. එ සේ අදහස් කොට කොසඹෑ පුරයෙහි පිඬු පිණිස හැසිර කිසිවකුටත් නො දන්වා හුදෙකලා ව ම වැඩි සේක.

බාලකලෝණකාර ගමට වැඩීම

බුදුරජාණන් වහන්සේ ද ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරන සේක්, බාලකලෝණකාර ග්‍රාමයට පැමිණ, එහි තනි ව වසන භෘගු ස්ථවිරයන් වහන්සේට මුළු පස්වරු කාලයේ ද, තුන් යම් රැය මුළුල්ලේ ද, හුදෙකලා වැ විසීමේ අනුසස් වදාරා, පසු දා තෙරුන් හා ගමේ පිඬු පිණිස හැසිර දන් වළඳා තෙරුන් එහි ම නතර කොට, තමන් වහන්සේ පළමු සේ ම හුදෙකලා ව එයින් පිටත් වූ සේක.

චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට වැඩීම

එසේ වඩනා බුදුරජාණන් වහන්සේ චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණ, එහි දී අනුරුද්ධ භද්දිය කිම්බිල යන තෙරුන් තුන් නමට රෑ තුන් යම්හි ම සමගියේ අනුසස් වදාරා,

කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් නුවරට වැඩීම

හුදෙකලා ව ම නික්ම කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් නුවරට සම්ප්‍රාප්ත වූ සේක.

එහි වැස්සෝ පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පණවා වඩා හිඳුවා දන් දුන්හ. ඉක්බිති ඒ පාරිලේය නුවර සමීපයේ වන ලැහැබක පන්සලක් කොට, එහි වස්වසන්නට ආයාචන කොට, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කැරැවූහ.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
10 වැනි වස්කාලය – පාරිලෙ‍ය‍‍ි‍ය වනය

භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ දී ඇත් රජකුගේ උපකාර ලබමින් හුදකලාව දසවැනි වස් කාලය ගෙවූහ

ඇතකුගේ උපස්ථානය

ඒ පන්සල ළඟ රම්‍ය සල් රුකක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එක් ඇතකු විසින් දක්නා ලද සේක. ඒ ඇතාත් විවේකී වූ වසනු කැමැත්තෙන් රැළින් වෙන් වූයෙකි.

හස්ති තෙම බුදුරජාණන් වහන්සේ දුටු හැටියේ ම සොඬ අකුලා දන බිම ඇන නමස්කාර කෙළේ ය. ඉන් පසු වට පිට බලා කිසිවකු නො දැක එ රුක යටැ භූමිභාගය පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේ ය. එතැන් පටන් හස්ති තෙම භාග්‍යවතුන් වහන්සේට බීමට ද මුහුණ දෙවීම් ආදී පරිභෝගයට ද වතුර පිළියෙල කැරැදෙයි. උණු දියෙන් ප්‍රයෝජන ඇතැයි හැඟුණු විට උණු දිය ද පිළියෙල කෙරෙයි. ඒ මෙසේ ය: ගිනි ඉපැද විය හැකි දඬු සොඬින් ගෙන එකට මැද ගිනි උපදවයි. ඉක්බිති දර කැබලි ගොඩ ගසා ගිනි දල්වා ඒ ඒ ලොකු ගල් ගෙනවුත් ඒ ගිනි ගොඩෙහි දමා රත් කරයි. ගල් රත් වූ පසු දඩු කැබැල්ලක් ගෙන ඒවා පෙරළාගෙන ගොස් දිය පිරුණු කුඩා ගල් වලෙක හෙලා ලයි. ඉන්පසු සොඬය බහා රත් වූ බව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සොඬ අකුළා දන බිම ඇන හිඳියි. එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ජලස්නානය කරන සේක. ඉක්බිති හස්තියා නොයෙක් ඵල වර්ග ගෙනවුත් පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු පිණිස වඩනා විට හස්ති තෙම පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමාවේ දී ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදෙකලා ව ම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩනා සේක. ඇත් තෙම මග බලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙණෙහි පාත්‍රය හා දෙපට සිවුර ගෙන ඔබ කැටුව සල් රුක වෙතට යයි. ගොස් පාත්‍ර සිවුරු පන්සලෙහි තබා අත්තෙකින් පවසන් සලයි. නැවැත රාත්‍රී කාලයෙහි චණ්ඩ මෘගයන් ගෙන් උපද්‍රව වළක්වන අදහසින් මහත් දංඩක් සොඬින් ගෙන ඒ ලැහැබෙහි අතර තුරැ හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ රක්ෂිත කැරැ (රැක) ගන්නා අදහසින් ඒ ඇතු හැසිරුණු වන ලැහැබට එ තැන් සිට රක්ෂිත වන ලැහැබ යැ යි නම් විය. එළි වූ කල්හි මුහුණ සේදීමට පැන් දීම් ආදී වශයෙන් මෙසේ ඒ හස්ති තෙම බුදුරජාණන් වහන්සේට සියලු වත් පිළිවෙත් කරයි.

වඳුරකුගේ පූජාව

ඇතු කරන උපස්ථාන දුටු එක් වඳුරෙක් “මමත් සත්කාරයක් කෙරෙමි” යි සිතා දීමට සැහෙන යමක් සොයා ඇවිදින්නේ, මැස්සන් විසින් හරනා ලද දඬුවැල් බෑ මීයක් දුටුයේ ය. දැක එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන් වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් සේක. ඉක්බිති වඳුරු තෙම උන් වහන්සේ “එය වළඳන සේක් දෝ, නැද්දෝ යි බලා හිඳ, එය නො වළඳන බව දැක, එයට කරුණු කිම් දැ යි ඒ මීය බැඳි දඩු කැබැල්ල අල්ලා ඒ මේ අත පෙරළා බලන්නේ මළා වූ පිළවුන් දැක, අවුලා දමා යලිත් ඒ මධුපටලය පිළිගැන්වූයේ ය. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. වඳුරු තෙම ඒ දැක සතුටු සිතැති ව අත්තෙන් අත්ත අල්ලමින් නටා ඇවිදුනේ, අල්ලා ගත් අත්තත් පා තැබූ අත්තත් අදිසියෙන් බිඳීමෙන්, කණුවක් උඩ වැටී කය සිදුරු ව මළේ ය. බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතින් ඉන්දැදී ම මළා වූ හෙතෙම තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් වැ උපන්නේ ය.

කොසැඹෑ වැසි භික්ෂුනට කළ දඬුවම්

බුදුරජාණන් වහන්සේ කොසඹෑ පුරයෙන් නික්මුණු පසු එහි වැසි උපාසකවරු “භික්ෂූන් ගේ අසමගි බැවින් විවාද හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඉන් පිටත් වූ සේකැ” යි සිතා කලහකාරී භික්ෂූනට සත්කාර නැවැත්වූහ. ඒ භික්ෂූහු ද ආහාර නැති බැවින් පීඩිත ව ටික දිනෙකින් ම සමග වූහ. ඉක්බිති උපාසකවරුනට ඒ බව දැන්වූ හ. “භාග්‍යවතුන් වහන්සේ කමා කරවා ගත් පසු පෙර මෙන් ම අපි ඔබට සලකන්නමු” යි ඔහු කීහ. භික්ෂූහු ද වස් කාලය බැවින් පිටත යෑනො හැකි වැ ඒ තුන් මස ආනන්දාදි අන් තෙරුනට ලැබෙන ආහාර පානාදියෙන් යැපෙමින් දුක සේ ගත කළ හ.

භික්ෂූන් බුදුරජාණන් වහන්සේ දැකීමට යෑම

ආනන්ද ස්ථවිර තෙම ඒ භික්ෂූන් හා කොසඹෑ නුවරින් නික්ම වැඩියේ ය. එ සේ ගමන් කොට පාරිලේය වනයට පැමිණ භික්ෂූන් පිටත නවත්වා තෙමේ හුදෙකලා ව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය.

පාරිලේය වන වාසී ඇතු විසින් සියලු උපස්ථාන කළ බවද, එ වැනි යහළුවකු ඇත්තහු විසින් ඔහු හා විසීම යුතු යැ යි ද, නැතහොත් තනි ව හැසිරීම උතුමැයි” ද වදාරා සත් පුරුෂයන් හා එක් ව විසීමේත් බාලයන් ගෙන් වෙන් වීමේත් අගය වදාළසේක

භාග්‍යවතුන් වහන්සේ පෙරළා සැවැත් පුරයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරි සරා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩි සේක. කොසඹෑ පුර භික්ෂූහු ඒ බව අසා සැවැත් නුවර යෑමට පිටත් වූහ. ඒ භික්ෂූන් එන බව ඇසූ කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ “මගේ රටට එන්නට ඒ භික්ෂුනට ඉඩ නො දෙමි” යි කීය. එවිටැ “මහ රජ, ඔවුනොවුන් විවාද කැරැ ගත්තත් ඒ භික්ෂූහු සිල්වත්තු ය. දැන් ක්ෂමාව ලබා ගන්නට මා වෙත එති. එන්නට ඉඩ දෙව” යි වදාළ සේක. අනේපිඬු සිටු ද දෙව්රමට එන්නට ඉඩ නො දෙන්නට සැරසුණු නමුත් භාග්‍යවතුන් වහන්සේ පළමු සේ ම වදාරා විහාරයෙහි ඉඩ ලබා දෙවා ඒ භික්ෂූනට ඉදුම් හිටුම් ආහාර පානාදිය නිසි සේ ලබා දෙවූ සේක. එහෙත් අන් කිසිදු භික්ෂුවක් ඒ කොසඹෑ පුර භික්ෂූන් හා එක් වැ නො උන්නේ ය. එහි පැමිණි පැමිණි තැනැත්තන් “විවාදකාරී භික්ෂූහු මොහු දැ?” යි ඇඟිලි දික් කොට පෙන්වා ඇසීමෙන් ඒ භික්ෂූහු වඩ වඩා ලජ්ජාවට පත් වූහ. හිස් ඔසවා ගන්නට ද බැරි පමණට ලජ්ජාවට පත් වූ ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පා මුල වැදැ හෙවැ ක්ෂමාව ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට සමාව දී අවවාද කොට දීඝිති කෝසල ජාතකය වදාළ සේක

ක්‍රි. පූ. 574 - බුද්ධත්වය ලබා 16 වන වර්ෂය
අලව් යකු දමනය කිරීම

බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ ගුණයෙන් අලව් යකු දමනය කිරීම. අලව් යකු තෙම සෝවාන් විය.

ආළවක කුමරු හත්ථාළවක නමින් ප්‍රකට විය.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
16 වැනි වස්කාලය – අලව්ව රට

භාග්‍යවතුන් වහන්සේ ආළවක යකු හික්මවා රටට සෙත සලසා ඒ වස් කාලයෙහි ආළවි ජනපදයෙහි ම වුසූ සේක

ක්‍රි. පූ. 573 - බුද්ධත්වය ලබා 17 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
17 වැනි වස්කාලය – රජගහ නුවර

ආළවියෙන් නික්ම සැරිසරා වඩනා භාග්‍යවතුන් වහන්සේ  රජගහ පුරයට වැඩ 17 වැනි වස්කාලය වේළුවනාරාමයෙහි වුසූ සේක.

සිරිමා නගර සෝභිනී සමාගමය

භාග්‍යවතුන් වහන්සේ 17 වැනි වස්කාලය වේළුවනාරාමයෙහි වුසූ සේක. එම කාලයෙහි ජීවක වෙද තුමා ගේ සොහොයුරි වූ සිරිමා නම් ගණිකා මළා ය. ඇය ජීවත්ව හින්දැදී දැක, ඇය කෙරේ ඇල්මෙන් නිරාහාර වූ තරුණ භික්ෂුවක් විය. බුදුරජාණන් වහන්සේ ඇගේ ශරීරය ආදාහන නො කොට සොහොනෙහි ම බලු සිවල් ආදීනට ළං විය නො හැකි කොට රක්වන ලෙස රජුට පණිවුඩයක් යැවූ සේක. රජද එසේ ම කෙළේ ය. <<< Read More >>>

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩීම

වස් කාලයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කැටුව වඩිනා සේක්, සැවැත් පුර පැමිණ එහි කලක් වුසූ සේක

දුගියකුට ආහාර දෙවා දම් දෙසීම අළවු පුර වැඩි සේක
දිනක් සිරිත් පරිදි අලුයම් කාලයෙහි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටීමට තරම් හේතු සම්පත් ඇති අළවු පුර වැසි දිළිඳු මිනිසකු දුටු සේක. දැක ඔහුට අනුග්‍රහ පිණිස භික්ෂූන් පිරිවරා  තිස් යොදුන් මග ගෙවා අළවු පුර වැඩි සේක. “බඩගින්න සියලු රෝග අතුරෙන් දරුණු ම රෝගය යි. සංස්කාර දුක සියලු දුක් අතුරෙන් දරුණු ම දුකයි. මේ බව තත් වූ පරිදි අවබෝධ කොට නැණැතියෝ නිවන ප්‍රත්‍යක්ෂ කරති. ඒ නිවන වනාහි අග්‍ර ම සුවයයි. එයට වැඩි සුවයෙක් නැතැ”යි වදාළ සේක. <<< Read More >>>
ක්‍රි. පූ. 572 - බුද්ධත්වය ලබා 18 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
18 වැනි වස්කාලය – චාලිය පව්වේ

භාග්‍යවතුන් වහන්සේ වස් කාලයෙන් පසු ආළවියෙන් නික්ම සැරිසරා වඩනා සේක් ඊළඟ වැසි සමය ළංවැ තිබිය දී චාලිය පර්වතයට වැඩ එහි වුසූ සේක

මෙ සමයෙහි දිනක් අළවු නුවර වැඩ පෙහෙර දුවකට අනුග්‍රහ කළ සේ.

මෙ සමයෙහි දිනක් අළවු නුවර වැඩ පෙහෙර දුවකට අනුග්‍රහ කළ සේ.

... ඕ තොමෝ ද බුදුරජුන් වෙත පැමිණ වැඳ පැත්තෙක සිටියා ය. එ කෙණෙහි ම බුදුරජාණන් වහන්සේ,

“කුමරිය, කොහි සිට ආයෙහි දැ” යි අසා වදාළ සේක.

නිතර ම මරණ සතිය වඩන ඕ තොම තමා ගේ අදහසට අනුව උත්තර දෙන්නී.

“වහන්ස, කොයින් ආයෙම්දැ”යි නො දනිමි” කීවා ය.

“කොහි යන්නෙහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.

“වහන්ස, නො දනිමි” යි ඕ පිළිතුරු දුන්නී ය.

“ඉක්බිති නො දන්නෙහි දැ?” යි ඇසූ සේක.

“දනිමි වහන්ස”යි ඕ කීවා ය.

“දන්නෙහි දැ”යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක.

“නො දනිමි” යි ඕතොම පිළිතුරු දුන්නා ය. << විස්තර සඳහා >>

දේශනාවසානයේ දී කුමරිය සෝවාන් වූවා ය.

ක්‍රි. පූ. 571 - බුද්ධත්වය ලබා 19 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
19 වැනි වස්කාලය – චාලිය පව්වේ

වස් කාලයෙන් පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ පෙරළා වැඩ බුද්‍ධත්වයෙන් එකුන් විසි වන වසෙහි වැසි සමයෙහි චාලිය පර්වතයෙහි ම වුසූ සේක.

ක්‍රි. පූ. 570 - බුද්ධත්වය ලබා 20 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ රජගහ පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
20 වැනි වස්කාලය – රජගහ නුවර වේළුවනාරාමය

භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස

අංගුලිමාල දමනය
දඹදිව සොලොස්මහ ජනපද තුල බුදු දහම පැතිරීම

බුද්ධත්වයෙන් මුල් විසි වස තුළ දඹදිව සොලොස්මහ ජනපද සියල්ලේම වාගේ බුදු දහම පැතිරී ගියේය. පහත් යයි සම්මත කසළ ශෝධකයාගේ පටන් රජමැති සිටුවරුන් ආදී ප්‍රභූ මට්ටමේ පුද්ගලයන් දක්වා විවිධ තරාතිරම්වල ජනතාව බුදු ගුණ අසා සැනසුම ලබා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බවට පත්වූහ.

ක්‍රි. පූ. 568 - බුද්ධත්වය ලබා 21 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස වස් පවරා සැරිසරන සේක් ඊළඟ වර්ෂර්තුව සමීප වැ සිටි කලැ සැවැත් පුරයට එළඹි සේක

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක.   << විස්තර සඳහා >>

ස්ථිර උපස්ථායකයකු පත් කිරීම

මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත හැකි නොවීය. එබැවින් විසි වන වසින් පසු දිනෙක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළි පිරිවෙණහි පණවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන් වහන්සේට නිත්‍ය උපස්ථායකයකු පත් කළ යුතු බව දැන්වු සේක. << විස්තර සඳහා >>

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම.
(බුදුන් වහන්සේගේ වයස අවුරුදු 55 දී)

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
21 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය

එක් විසි (21) වන වස පටන් සුසාළිස් (44) වන වස දක්වා මේ සූවිසි වස්සාන කාලයන්හි සැවැත් පුරම වුසූ සේක.

ඉන් අටළොස් වසක් (18) ජේතවනාරාමයේ ද ඉතිරි වස (01) පූර්වාරාමයෙහි ද ගත කළ සේක.

වැසි සමය අවසන් වූ පසු පෙර සේ ම ජනපද චාරිකායෙහි යෙදෙන සේක. මේ අන්ත්‍ය කාලයෙහි සැවැත් පුර ම නිබඬ වාසය කොට ගත්තේ එහි වූ අනාථපිණ්ඩික ගෘහපති විශාඛා උපාසිකා යන දෙදෙනාගේ ගුණ මහත්ත්වය සැලැකීමෙනි.

පූර්වාරාම පූජාව

සැවැත් පුර පූර්ණවර්ධන සිටුහු ගේ බිරින්දෑ විශාඛා නමු. ඕ සත් හැවිරිදි වියෙහි දී තම ජන්ම භූමිය වූ භද්දියපුර දී භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූවා ය. පතිකුලයට ආ නොබෝ දිනෙකින් සිය මයිලණු මිගාර සිටු ආදි කොට ඇති මුළු සිටු කුලයම සස්නෙහි පැහැදවූවාය. එතැන් සිට මයිලණුවන් විසින් මාතෘ ස්ථානයෙහි තබන ලදී මිගාරමාතෘ නමින් ද ප්‍රකට වූවා ය.

දිනක් ජේතවනයට බණ අසන්නට ගිය විශාඛා සිය මෙහෙල පළඳනාව සඳහන් නැති ව බණ මඩුවේ දමා ගියා ය. පසුව ඕ “එය භාග්‍යවතුන් වහන්සේට ම අයත් යැ”යි කියා, එය විකුණා ගත් මුදලින් විහාරයක් කරවන්නට ඉටා ගත්තීය. ඉක්බිති කහවණු නව කෙළ ලක්ෂයක් වැය කොට මුදලින් සැවැත් පුර සමීපයේ නුවරට නැගෙනහිර පැත්තෙන් බිමක් ගෙන දෙමහල් පායක් කරවා භාග්‍යවතුන් වහන්සේට පැවැරුවා ය. ඒ පූර්වාරාම විහාර නම් විය.[1]

  1. ඇතැම් පොතක පෙනෙන හැටියට මෙය වූයේ පස් විසි වන වසේදී පමණ යැ යි හැඟේ. විමසිය යුත්තෙකි. 

ක්‍රි. පූ. 567 - බුද්ධත්වය ලබා 22 වන වර්ෂය
22 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ආනන්ද බෝධිය රෝපණය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. << විස්තර සඳහා >>

ක්‍රි. පූ. 566 - බුද්ධත්වය ලබා 23 වන වර්ෂය
23 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
සුන්දරී පරිව්‍රාජිකාව ගේ දුෂ්ට ක්‍රියා

භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද රට වැස්සාගේ මහත් ගෞරවාදර සත්කාර දුටු තීර්ථකයෝ ඉවැසියැ නො හැකිව භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇතිකිරීමෙහි සුන්දරී නම් රූපශ්‍රීයෙන් යුත් පරිව්‍රාජිකාවක මෙහෙයූහ

ක්‍රි. පූ. 565 - බුද්ධත්වය ලබා 24 වන වර්ෂය
24 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
කාලාම සූත්‍රය දේශනාව

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටැ සැරි සරා වඩනාසේක් කාලාම නම් ක්‍ෂත්‍රියයන් වසන කේසපුත්ත නම් නියම් ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව ඇසූ කාලාම ගොත්‍රිකයෝ ඔබ කරා පැමිණියහ. සමහරු වැඳ ද සමහරු තමන් නම අස්වාද සමහරුන් කිසිත් නො කොට නිහඬ ව ද පසෙක ඉඳගත්හ. එසේ හුන් ඔවුන් හැම වෙනුවෙන් එක් කාලාමයෙක් භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කරුණක් සැළකෙළේ ය. “වහන්ස මේ කේසපුත්ත නිගමයට කලින් කල නානාවිධ මහණ බමුණෝ එති. ඔහු එකෙක් අනෙකා කී දැයට විරුද්ධව කියති. අනෙකා හෙලා දකිති. ඔවුන් ගේ කථා ඇසූ අපට කවුරු ඇත්ත කියද් ද? කාගේ බස පිළිගත යුතු ද? යි සැක ඇති වෙයි, මෙය කෙසේ විසඳා ගනිමෝ දැ”යි කීහ ...
<< විස්තර සඳහා >>

අනේපිඬු සිටුහුගේ දියණියන් වූ චුල්ල සුභද්‍රාවන්

අනේපිඬු සිටුහුගේ මිත්‍ර සිටුවරයෙක් උග්‍ර නම් නුවරෙක විසී ය. දිනෙක හේ අනේපිඬු සිටු වෙත අවුත් ඔහුගේ දියණියන් වූ චුල්ල සුභද්‍රාවන් තම පුතුට පාවාදීමට කතා කෙළේ ය. උග්‍ර සිටු වනාහි නිර්වස්ත්‍ර නිගණ්ඨයන් සරණ ගිය මිසදිටුවෙකි. එබැවින් අනේ පිඬු සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් තම දියැණියන් උග්‍ර සිටුහුගේ පුතුට පාවාදීම සුදුසුදැ?යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූයේ ය. භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා ඇය එහි යෑමෙන් උග්‍ර සිටු සමදිටු වන බව දැක “ඇය එහාට පාවාදීමේ වරදක් නැතැ” යි වදාළ සේක.
<< විස්තර සඳහා >>

ක්‍රි. පූ. 564 - බුද්ධත්වය ලබා 25 වන වර්ෂය
25 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 563 - බුද්ධත්වය ලබා 26 වන වර්ෂය
26 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 562 - බුද්ධත්වය ලබා 27 වන වර්ෂය
27 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 561 - බුද්ධත්වය ලබා 28 වන වර්ෂය
28 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 560 - බුද්ධත්වය ලබා 29 වන වර්ෂය
29 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 559 - බුද්ධත්වය ලබා 30 වන වර්ෂය
30 වැනි වස්කාලය - සැවැත්නුවර ජේතවනාරාමය
භාග්‍යවතුන් වහන්සේ මගධ රට දක්ෂිණාගිරි ජනපදයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දනවු සැරි සරන සේක්, මගධ රට දක්ෂිණාගිරි ජනපදයට වැඩි සේක

ක්‍රි. පූ. 579 - බුද්ධත්වය ලබා 11 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
11 වැනි වස්කාලය – කනාල බමුණුගම

එකොළොස්වන වැසි සෘතුයෙහි මගධ රට දක්ෂිණාගිරි ජනපදය ඒකනාලා නම් බමුණු ගමෙහි වුසූ සේක.

භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ නම් බමුණකු හික්මවූයේ

භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ  නම් බමුණකු හික්මවූයේ මෙහි දී ය.

වේළුකණ්ටකී නන්දමාතු උපාසිකාව

ශාසනය කෙරෙහි දෘඪ භක්ති ඇති වේළුකණ්ටකී නන්දමාතු උපාසිකාව මෙහි උපාසිකා පිරිසේ මාර්ගදෙශිකා වැ සිටියා ය.

සිවුරු කැපීමට නියමය

ප්‍රසිද්‍ධ වූ මගධ ක්ෂේත්‍රය මේ ගම නො දුරෙහි ය. ඒ සමීපයට වැඩි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුනට කුඹුර පෙන්වා එහි මියරවලින් ලියැදි වෙන් කොට ඇත්තා සේ සිටින්නට සිවුරු කඩ කපා මසා ගත යුතු බව වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩීම

වස්සාන කාලයේ අවසන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩ එහි වුසූ සේක

ශූරසේන ජනපදයෙහි මධුරා පුරයට වැඩීම

නැවැත සැරි සරා වඩනා සේක්, ශූරසේන ජනපදයෙහි මධුරා පුරයට වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ වේරංජා පුරය වැඩීම

එහිදී පැමිණි පැමිණි කාරණයෙහි ධර්මානුශාසන කොට ඉන් නික්ම වේරංජා පුරය බලා පිටත් වූ සේක.

වේරංජා පුරයෙහි නලේරු නම් යකකු විසින් අරක්ගන්නා ලදැ”යි සලකා ඔහුට පුද පවත්වන දෙවොලක් වූ විශාල කොසඹ රුකෙක් විය, එය නලේරු පුචිමන්ද නමින් ප්‍රකට විය. වේරංජා පුර වැඩි භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹ රුක් මුලැ ආවාසයෙහි වුසූ සේක.

වේරංජා නුවර

වේරංජා වාසී උදය නම් වේරංජායෙහි ධනවත් බමුණෙක් පැහැදී ඒ වර්ෂාණ කාලයෙහි එහි වස් වසන්නට ආයාචන කෙළේ ය. 

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
12 වැනි වස්කාලය – වේරංජා නුවර

භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සහිත ව ඒ දොළොස් වන වර්ෂයෙහි වේරංජා පුරැ නලේරු කොසඹ රුක අසැ පන්සලෙහි වුසූ සේක.

භාග්‍යවතුන් වහන්සේ ට එහි වස් වසන්නට ආයාචනා කළ බව වේරංජා බමුණාට සිහි නො වීය. පුරවාසීනට ද එ ගැන නො සිහි විය. (එයට හේතුව මාරාවේශයෙකැ යි කියන ලදී) එ කාලයෙහි තද දුර්භික්ෂයෙක් ඒ පළාතේ ඇති විය. භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂුනටත් එහි නිවැසි කිසිවකු ගෙන් කිසි සංග්‍රහයෙක් නො ලැබුණේ ය.

එහෙත් උත්තරාපථයෙහි සිට අස් වෙළෙඳාමෙහි යන වෙළෙඳුන් සමූහයෙක් ඒ වැසි සමයෙහි එහි නවාතැන් ගත්තේ ය. ඔහු භික්ෂූනට දින පතා එක නමකට යව නැළිය බැගින් දී සත්කාර කළහ. භික්ෂූහු සත් අට දෙනා ද දස දොළොස් දෙනා ද එකතුව ඒවා කොටා දියෙන් තෙමා වළඳමින් මහණ දම් පිරූහ. එ වෙළෙඳහු භාග්‍යවතුන් වහන්සේට දින පතා යව නැළියකුත් එයට සුදුසු පමණ ගිතෙල් මී හා සකුරුත් දුන්හ. අනඳ තෙරණුවෝ එය අඹරා පිටි කැර ගිතෙල් ආදිය හා නිසි ලෙස සංයෝග කොට භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.

ඒ වස් කාලය දුෂ්කර ලෙස ගත කළහ.

වස් පවරා වේරංජ (උදය) බමුණාගේ ගෙදරට වැඩීම

මෙසේ එ වස් කාලය ගත කොට, වස් පවරා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා වේරංජ (උදය) බමුණාගේ ගෙදරට වැඩි සේක. බමුණාගේ මෙහෙකරුවෝ එ පවත් ඔහුට දැන් වූහ. බමුණු තෙමේ සිහි ලැබ කනගාටුවට පත් වැ වහා නැඟිට අගනා අස්නක් පණවා, පෙරගමන්කොට භාග්‍යවතුන් වහන්සේ කැඳවා, වඩා හිඳුවා, වැඳ පසෙක හිඳ, ගිහි ගෙයි කටයුතු බහුල බැවින් උන් වහන්සේට සත්කාර කළ හැකි නො වූ බව කියා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සමූහයාට මහ දන් දී සත්කාර කළේ ය.

වේරංජායෙන් පිටත්ව බරණැසට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වේරංජා පුරයෙන් නික්ම මහා මණ්ඩලය මැදින් ගමන් ගත් සේක. පළාතේ දුර්භික්ෂ දෝෂ හේතුයෙන් භික්ෂුන් ක්ලාන්ත වැ සිටි හෙයින් අතර මඟ වෙන වෙන දිසාවලට නො වැඩ සෘජු මාර්ගයෙන්ම වඩනා සේක්, සෝරෙය්‍යකඤ්ඤකුජ යන නගරයන් පසුකොට ප්‍රයාගප්‍රතිෂ්ඨාන තීර්ථයට පැමිණ එහි දී ගංගා නදියෙන් එ තෙරැ වී බාරාණසී පුරයට එළැඹි සේක.

මේ වනාහි මෙයින් වර්ෂ දොළොසකට පෙර පළමු වැසි සමයෙහි බරණැස සිට නිම වැඩියායින් පසු එහි පැමිණි වාරය යි.

කච්චායන බමුණා පැවිදී වීම

භාග්‍යවතුන් වහන්සේ බරණැස ටික කලක් ව වැඩ වුසූ සේක.

මෙ සමයෙහි අවන්ති රටට අධිපති චණ්ඩප්‍රජ්‍යෝත මහ රජ ස්වකීය පුරෝහිත කාත්‍යායන බ්‍රාහ්මණයා අමතා භාග්‍යවතුන් වහන්සේ සිය රටට වැඩම කරවා ගෙන එන්නට නියෝග කෙළේ ය. හේ “පැවිදි වන්නට අවසර දෙතොත් භාග්‍යවතුන් වහන්සේ ගෙන එන්නෙමි” යි කියා පැවිදි වීමට රජුගෙන් අවසර ගෙන තවත් සත් දෙනෙකුත් සමග නික්ම බරණැස භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා බව අසා එහි පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. දේශනාවසානයේ එ සත් දෙනා ද කාත්‍යායන බමුණා ද රහත් බව ලැබුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් වූහ

කාත්‍යායන තෙරුන් අවන්ති රට සසුන් පිහිටුවීම

ටික දිනෙකින් පසු කාත්‍යායන තෙරණුවෝ උජ්ජේනි පුරයට වැඩීමට කාලය සුදුසු බව කීහ. භාග්‍යවතුන් වහන්සේ තෙරුනට පළමුවෙන් යන්නට නියෝග කළ සේක. තෙරණුවෝ තමන් හා පැවිදි වූ සත් නම කැටුව උජ්ජේනි පුරයට වැඩ එහි රජහු ගේ කාංචන වනෝද්‍යානයට පැමිණිය හ. උයන් පල්ලා විසින් එ බව දන්වන ලද චණ්ඩප්‍රජ්‍යෝත රජ එහි ගොස් කථාබස් කොට පැහැදී තෙරුන් එහි නවතා ගෙන සත්කාර කෙළේ ය.

රජ මෙහෙසි තොම කාංචන වනයෙහි තෙරුන් පිණිස විහාරයෙක් කැරැවී ය. රජ තෙරුන් ගේ අවවාදයෙහි පිහිටා චණ්ඩ ගති හැර දමා අකර්තව්‍යයෙන් වෙන් ව දැහැමි මඟ ගමන් ගත්තේ ය.

ධර්මය ලියැවීමක් - ඍෂිදත්ත

අවන්ති රටැ වර්ධග්‍රාම නම් ගමෙහි එක් ගැල් නායකයකු ගේ සෘෂිදත්ත නම් පුතෙක් වී ය. තරුණ වයසට පත් හෙතෙම මච්ඡිකාසණ්ඩ නුවර චිත්‍ර ගෘහපතිහුගේ අදෘෂ්ට මිත්‍රයෙක් වි ය. චිත්‍ර ගෘහපති තෙම සරණ ගත උපාසකයෙකි. හෙතෙම සිය මිතුරාට බුද්‍ධ ධර්මය ගැන කරුණු දන්වා යවනු කැමති වූයේ, බුදුරජාණන් වහන්සේ ගේ රහත් බව, සම්‍යක්සම්බුද්ධ බව, විද්‍යාචරණ සම්පන්න බව ආදී ගුණ රාශිය විස්තර කොට ලියා දීර්ඝ ලියුමක් යැවුයේ ය.

ඒ ලියුම ලැබ කියවා බැලු සෘෂිදත්ත තෙම අප්‍රමාණ ප්‍රීතියටත් ශාසනය කෙරේ මහත් පැහැදීමටත් පැමිණියේ, ගිහිගේ හැර මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ පැවිදි වී ය. විදසුන් වැඩු හෙතෙම නොබෝ කලෙකින් ෂඩභිඥාලාභී රහතෙක් වී ය

උජ්ජේනි පුරය කසාවතින් බැබලුණේ ය.

මේ කාලයෙහි කුටිකණ්ණසෝණ සිටුපුත් ද පැහැදී කච්චායන තෙරුන් වෙත පැවිදි විය. කණ්ඩරායන බ්‍රාහ්මණ ආදී තවත් බොහෝ ප්‍රභූහු ද සස්නෙහි පැහැදුණාහ. බොහෝ කුලපුත්‍රයෝ ශාසන ගත වූහ. නො බෝ කලෙකින් උජ්ජේනි පුරය කසාවතින් බැබලුණේ ය.

මෙ සමයෙහි අවන්ති රට කුරරඝර පුරයෙහි ප්‍රපාත ('පවත්ත’ පර්වතයැ යි ද කියත්) පර්වතයෙහි ද මක්කරකටක නම් නිගමයෙහි ද සස්නෙහි පැහැදුණු ජනයා විසින් ආරාමයෝ කරවන ලදහ.

භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවරට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ බරණැස ටික දිනක් වැස ඉන් නික්ම සැරි සරන සේක්, විසාලා මහනුවරට වැඩ එහි මහාවනයෙහි කූටාගාරශාලා - විහාරයෙහි වුසූ සේක

සුදින්න කුලපුත්‍ර මහණවීම

එ සමයෙහි පුර අසල කලන්දග්‍රාම යැ යි ප්‍රසිද්‍ධ ගමෙක් වීය. එහි ප්‍රධාන සිටු තෙම සතළිස් කෝටියක් ධන ඇත්තේ, රාජ සම්මත වූයේ, ගමේ නමින් ම කලන්ද සිටු යැ යි ප්‍රසිද්‍ධ විය. ඔහු පුත් සුදින්න නම් තරුණයෙකි. බුදුරජාණන් වහන්සේ එහි වැඩි කාලයෙහි කාර්තිකෝත්සවය පැවැත්තේ ය. කලන්ද පුත්‍ර සුදින්න තෙම උත්සව සඳහා එහි පැමිණියේ, උදේ බොජුනෙන් පසු සුවඳ මල් ගඳ විලෙවුන් ගෙන විහාරයට යන උපාසකයන් දැක ඔවුන් හා ගොස් පිරිස් කෙළවර හිඳ බණ ඇසුයේය. බණ අවසානයෙහි හෙතෙම පිරිස හා මඳක් තන් ගොස් යලි ආපසු අවුත් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වීය. “මා පියන් ගෙන් අවසර ලබා එව” යි බුදුරජාණන් වහන්සේ වදාළෙන් හෙතෙම ගෙට ගොස් මා පියන් ගෙන් මහණ වන්නට අවසර ඉල්ලූයේ ය. ඔහු අවසර නො දුන්හ. හෙතෙම දින කීපයක් නො කා නො බී බිම වැතිර හිඳ අමාරුවෙන් ඔවුන්ගෙන් අවසර ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි උපසපන් වී ය.

(මේ තෙම මින් අට වන වර්ෂයෙහි ප්‍රථම පාරාජිකා ශික්ෂා පදය පැනවීමට ආදිකර්මික වූයේ ය.)

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩීම

බුදුරජාණන් වහන්සේ ටික දිනක් වෛශාලි පුරයෙහි වැස, ඉන් නිම කපිලවස්තු පුරයට වැඩ එහි න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක.

උන් වහන්සේ වැඩි බව ඇසූ මහානාම ශාක්‍ය රජ ගොස් වැඳ, පසෙක හිඳ, “ස්වාමීනි, භික්ෂු සංඝයා වහන්සේ වේරංජායෙහි දී භික්ෂාව නිසි සේ නො ලැබීමෙන් හිරිහැර වින්ද සේක් ලු. එ බැවින් සිවු මසක් මම උන්වහන්සේ පෝෂිත කරන්නෙමි” යි කියා අයැද ගොස්, පසුදා සිට බුද්‍ධප්‍රමුඛ සංඝයාට මධුර වූ ඕජස් සම්පන්න ආහාර පානයෙන් සත්කාර කෙළේ ය.

ක්‍රි. පූ. 577 - බුද්ධත්වය ලබා 13 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතැ ටික කලක් වැස ඉන් නික්ම චාලිකා නගරයට වැඩ එය අසළ චාලිකා පර්වතයෙහි වූ විහාරයෙහි වුසූ සේක.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
13 වැනි වස්කාලය – චාලිය පව්වේ

චාලිකා නගරයට අසළ චාලිකා පර්වතයෙහි වූ විහාරයෙහි තෙළෙස් (13) වන වස වුසූ සේක.

ක්‍රි. පූ. 576 - බුද්ධත්වය ලබා 14 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩීම

වර්ෂාණ සමය ගත වූයෙන් භාග්‍යවතුන් වහන්සේ සැරි සරා සැවැත් නුවරට වැඩි සේක.

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
14 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය

තුදුස් වන වැසි සෘතුයෙහි එහි දෙව්රම් වෙහෙරෙහි වුසූ සේක.

රාහුලයන් වහන්සේ ගේ උපසම්පදාව

මෙ සමයෙහි රාහුල හෙරණ පිරුණ විසි වයස් ඇත්තේ උපසපන් බවට පමුණුවන ලද්දේ ය.

රාහුලයන් වහන්සේ රහත් විම

මෙ වස් කාලය ඇතුළත දී ම භාග්‍යවතුන් වහන්සේ වදාළ මහා රාහුලෝවාද සුත්තය අසා රාහුල භික්ෂු නම රහත් විය.

ක්‍රි. පූ. 576 - බුද්ධත්වය ලබා 14 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩීම

වැසි සාර මස ගත වූ පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩවදාළ සේක

ක්‍රි. පූ. 575 - බුද්ධත්වය ලබා 15 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
15 වැනි වස්කාලය – කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ

භාග්‍යවතුන් වහන්සේ පසොළොස් වන වර්ෂර්තුයෙහි වුසුයේ එහි න්‍යග්‍රෝධාරාමයෙහි ය.

නන්දිය ශාක්‍ය රජ සස්නෙහි පැහැදුණේ ය

මෙ සමයෙහි නන්දිය ශාක්‍ය රජ සස්නෙහි පැහැදුණේ ය.

සුප්‍රබුද්‍ධ නම් කෝලිය රජ භාග්‍යවතුන් වහන්සේ ට සතුරු කම් කිරීම

සුප්‍රබුද්‍ධ නම් කෝලිය රජ භාග්‍යවතුන් වහන්සේ ට සතුරු කම් කැර මහත් අකුසල් රැස් කොට පොළොවැ ගිලී විනාශයට පත් විය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩීම
භාග්‍යවතුන් වහන්සේ වසින් පසු කිඹුල්වතින් නික්ම සැරි සරන සේක්, සැවැත් නුවරට පැමිණ ජේතවනයෙහි වුසූ සේක.
ශක ප්‍රශ්න සමාගම

එ සමයෙහි දිනක් රෑ සක්දෙව් රජ මහත් දිව්‍ය සමූහයක් කැටුව අවුත්,

“වහන්ස, කවර දානයෙක් ශ්‍රේෂ්ඨ ද?
කවර රසයෙක් ශ්‍රේෂ්ඨ ද?
කවර රතියෙක් (ඇල්මෙක්) ශ්‍රේෂ්ඨ ද?
තෘෂ්ණාක්ෂයය (අර්හත් බව) කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ ද?

යන ප්‍රශ්න සතර ඇසුයේ ය.

එය විසැඳීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ:

“ධර්ම දානය සියලු දීම් මැඩ ජය ගනී. ලෝකෝත්තර ධර්ම රසය සියලු රසයන් මැඩ ජය ගනී. ධර්මය කීම කියැවීම ඇසීම යන මෙහි ඇල්ම සියලු ඇලීම් මැඩ ජය ගනී. තෘෂ්ණාක්ෂයය (රහත් බව) සියලු බව දුක් මැඩ ජයගනී.”165 යැ යි වදාළ සේක.

ධර්මදේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය.

ශක්‍ර තෙම මේ ධර්ම කථාව අසා ප්‍රමුදිත ව “ස්වාමීනි, මෙ සේ උතුම් වූ ධර්මදානය කිරීමේ දී ඒ කථිකයන් ලවා අපට පින් නො දෙවන්නේ මන්ද?” වහන්ස, මෙ තැන් සිට භික්ෂු සංඝයා වහන්සේට වදාරා අපට පින් දෙවනු මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇයැදී ය.

භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂු සංඝයා රැස්කොට “ලොකු කුඩා මොන ම ධර්ම කථාවක් කළත් එයින් ලබන පින් ලෝවැස්සනට අනුමෝදන් කරවන්නැ”යි වදාළ සේක

.

ක්‍රි. පූ. 558 - බුද්ධත්වය ලබා 31 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
31 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 557 - බුද්ධත්වය ලබා 32 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
32 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 556 - බුද්ධත්වය ලබා 33 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
33 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 555 - බුද්ධත්වය ලබා 34 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
34 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 554 - බුද්ධත්වය ලබා 35 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
35 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 553 - බුද්ධත්වය ලබා 36 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
36 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 552 - බුද්ධත්වය ලබා 37 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
37 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
භාග්‍යවතුන් වහන්සේට වයස
දෙ සැත්තෑයෙහි (72) දී ය
බිම්සර රජුගේ මරණය

භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්‍ධත්වයෙන් සත්තිස් වන වර්ෂයෙහි:

අජාසත් රජ තෙම පියා තවමත් සක්මනින් ජීවත් වන බව අසා සක්මන් කරනු නො දෙනු පිණිස කරනැවෑමියකු ලවා පිය රජහු පතුල් කරයෙන් පළවා ලුණු ඇඹුල් හා තෙල් ගල්ලවා ගිනි අඟුරෙන් පැසැවැවී ය. මෙයින් දැඩි දුක් වේදනා ඇති වුවත් රජ්ජුරුවෝ ඒ සියල්ල ඉවසා තෙරුවන් ගුණ සිහි කරමින් හිඳ නොබෝ වේලායෙන් මිය ගොස් චාතුර් මහාරාජික දෙවු ලොවැ ජනවසභ නම් දිව්‍ය රාජව උපන්හ.

නො බෝ කලෙකින් රජ බිසවු ද ස්වාමියා මළ ශෝකයෙන් කළුරිය කළාය.

රජගහ පුරයට වැඩ එහි වේළුවන යෙහි වුසුම් ගත් සේක.
නාලන්දා නුවරට වැඩ එහි පාවාරික සිටුහුගේ අඹවනයෙහි වූ වෙහෙරට වැඩි සේක

කිසි දවසෙක වේළුවනයෙන් නික්ම එයට යොදුනක්[1] පමණ දුරැ වූ නාලන්දා නුවරට වැඩ එහි පාවාරික සිටුහුගේ අඹවනයෙහි වූ වෙහෙරට වැඩි සේක. එහි ටික දිනක් වුසුම් ගත් සේක..

[1] යොදුන (යෝජන) යනු වත්මන් වහරෙහි මයිල පහක් පමණ දුරකි. එක් කලෙක මයිල හතක් පමණ දුරට ද යෝජන (යොදුන) යැ යි ව්‍යවහාර වූ බව පැරැණි දුර මැනුම් විමැසීමේ දී පෙන්නේ. ඈත පුරාතනයෙහි විය ගහේ දිගට ද යෝජන යැ යි ව්‍යවහාරයක් පැවැති බව ද පෙන්නේ. රජගහ සිට නාලන්දාවට මයිල 5 ක් 6ක් පමණ දුර ය.

උපාලි දමනය
ක්‍රි. පූ. 551 - බුද්ධත්වය ලබා 38 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
38 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 550 - බුද්ධත්වය ලබා 39 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
39 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 549 - බුද්ධත්වය ලබා 40 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
40 වැනි වස්කාලය - සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 548 - බුද්ධත්වය ලබා 41 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
41 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 547 - බුද්ධත්වය ලබා 42 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
42 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
ක්‍රි. පූ. 546 - බුද්ධත්වය ලබා 43 වන වර්ෂය
වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
43 වැනි වස්කාලය – සැවැත්නුවර ජේතවනාරාමය
(පරිනිර්වාණ වර්ෂය) ක්‍රි. පූ. 545 - බුද්ධත්වය ලබා 44 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමට වැඩ

භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි වනයෙන් නික්ම බේලුව ගමට වැඩ

වස් සාර මාසය - ඇසළ, නිකිණි, බිනර, වප් මාසයන්
44 වැනි වස්කාලය – බේළුව ගමෙහි
භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි වනයෙන් නික්ම බේලුව ගමට වැඩ, කැටු ව ගිය භික්ෂුනට විසල් පුර හාත් පසැ යහළු භික්ෂූන් ගේ සෙනසුන්හි වස් එළැඹෙන්නට නියෝග කොට තමන් වහන්සේ බේළුව ගමෙහි වස් එළැඹි සේක.
දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි” යි ඉටා ගත් සේක.

එහි දී “තව දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි” යි ඉටා ගත් සේක. (Nikkini month)

භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් ඇති වී ය.

මෙ සමෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා[1]* රෝගයෙක් ඇති වී ය.

[1]* මෙහි ලෝහිතපක්ඛන්දිකා යනු ලේ අර්ශසයැ යි සිතමු

සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීම

එය දැන ගත් සක්දෙව් රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේ වහගේ පා මිරිකුයේ ය. මේ කවුරුදැ’ යි බුදුරජාණන් වහන්සේ විචාළ කල “මම ශක්‍ර වෙමි” යි සක්දෙව් කී ය. “කුමට ආයෙහි දැ?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, ගිලන් වූ ඔබට උපස්ථානයට” යැ යි සක් දෙව් කී ය. “ශක්‍රය, මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න. මට ග්ලානෝපස්ථානයට භික්ෂූහු ඇතැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. “වහන්ස, මම් යොදුන් අසූ සාර දහසක් තරම් ඉහළ සිට ඔබේ ශීල සුගන්ධය ආඝ්‍රාණය කොට ආමි. මම ම උපස්ථාන කරන්නෙම්” යැ යි සක්දෙව් කී ය. මෙසේ කියා හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර වලංජන භාජනය අනෙකකුට අල්ලන්නටත් නො දී සිය හිසේ ම තබා ඉවත ගෙන යන්නේ මුව හැකිලීම් පමණකුත් නො කෙළේ ය. සුවඳ බඳුනක් ගෙන යන කලෙක මෙන් ඉතා සතුටින් ගෙන ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද වීර්‍ය්‍යයෙන් ඒ රෝගය මැඩ පවත්වා, තව දස මසක් ම එය මතු නො වන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි පසු ම ශක්‍රයා නික්ම ගියේ ය. ශක්‍රයා ගේ උපස්ථාන ගැන භික්ෂූන් අතර කථා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොට ගෙන “සාහු දස්සන මරියානං” ආදී ගාථා වදාළ සේක.

බුදු සස්නේ ගුරුමුෂ්ටි වශයෙන් සැඟෙවු කිසිත් නැති බව

යට කී පරිදි ගිලන් බැවින් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවෙණෙහි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. අනඳ තෙරණුවෝ ද එහි පැමිණ පසෙක උන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේ ගේ අසනීපය දැක්මෙන් තමන් තුළ බලවත් ශෝක ඇති වූ බවත්, භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැත හොත් පිරිනිවන් නො පාන සේක්” යි සිතීමෙන් ම යන්තම් අස්වැසිල්ලක් ඇති කැරැ ගත හැකි වූ බවත් කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟෙවිල්ලක් නොකොට සියල්ල ම එළිදරවු කොට වදාළ බව පවසා ආත්මයය (තමාම)[1] (ධර්මය ම) පිහිට කොට ගෙන විසිය යුතු බව විස්තර කොට වදාළ සේක.

[1] මෙ තැන “ආත්ම” යනු ආර්යමාර්ගය හා නිවන යි.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වැඩීම

ඉක්බිති වස් කාලයෙන් පසු බේළුව ගමින් නික්ම සැවැත් පුරයට වැඩ එහි වුසූ සේක

භාග්‍යවතුන් වහන්සේ විසල් පුරයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි විසල් පුරයට සම්ප්‍රාප්ත ව එහි පිඬු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළැඹුණ සේක. එළැඹ පැණැවූ අස්නේ හුන් සේක්,

එහි දී අනඳ තෙරුන් අමතා සතර සෘද්‍ධිපාදයන් වැඩු තැනැත්තහු විසින් කැමැති නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි බව තුන් වරක් ම වදාළ සේක. වසවත් මරු අනඳ තෙරුනට භයංකර අරමුණක් දැක්වීමෙන් උන් වහන්සේ එය බලා හුන්හ. භාග්‍යවතුන් වහන්සේට තව දීර්ඝ කාලයක් වැඩ ඉන්නා ලෙස ආයාචනය කිරීමට අමතක විය. 

වසවත් මර භාග්‍යවතුන් වහන්සේට පරිනිර්වාණයට කාලය බව දැන්වීය.

අනඳ තෙරුන් නික්ම ගිය නො බෝ වේලාවෙකින් වසවත් මර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ද මරහු අමතා එ තන් පටන් තුන් මසක් ගතවූ තැන පිරිනිවන් පානා බව වදාළ සේක.

නවම් පුර පසළොස්වක පොහොය දින
භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මෙ තුන් මසෙහි පමණක් සමවත් සමවැද ඉන් පසු එයට නො සමවදින්නෙමි” යි සිතින් නියම කැරැ ගත් සේක. (ආයුස්සංස්කාරය හළ සේක.) එ කෙණෙහි බිහිසුණු භූමිකම්පාවක් වි ය. අහස ගිගුරුම් ද ඇති විය. එ බව සලකා භාග්‍යවතුන් වහන්සේ එ වේලෙහි,

“බුද්‍ධ මුනි තෙම පුනර්භවය ඇති කරන කර්ම නිරාලය ව හැර දැමී ය. රණ බිමෙක මහා යෝධයකු සන්නාහයක් බිඳ ලන්නා සේ විදර්ශනා භාවනායේ ඇලුණේ ශමථ භාවනා වශයෙන් සංහිඳුණේ ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳැලී ය. ප්‍රහීණ කෙලෙස් ඇත්තහුට බියෙක් නැත. ඒ බැවින් අභීත ව ම බුද්‍ධ මුනි තෙම ආයුස්සංස්කාරය හළේ යැ”යි  මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

අනඳ තෙරුන් ගේ ඉල්ලීම

භූමිකම්පා හේතු අට

සිදු වූ භූමිචලනය දැක අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භූමිකම්පාවට හේතු විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ 

  1. “ධාතු ක්ෂෝභයෙන් ද,
  2. මහ පින්වතුන් ගේ සෘද්ධ්‍යානුභාවයෙන් ද,
  3. බෝධිසත්ත්වවරුන් ගේ ප්‍රතිසන්ධියෙහි දී ද,
  4. බිහිවීමේ දී ද,
  5. බුදු වීමේ දී ද,
  6. ධම්සක් පැවැත්වීමෙහි දී ද,
  7. බුදු රදුන් ගේ ආයුස්සංස්කාර හරණයෙහි දී ද,
  8. පරිනිර්වාණයෙහි දී දැ” යි යන අට කාරණයෙන් පෘථිවි චලනය වන බව වදාළ සේක.

අනඳ තෙරුන් ගේ ඉල්ලීම

ඒ අසා අනඳ තෙරණුවෝ ශෝක භරිත ව කපක් ජීවත් වන ලෙස ආයාචනා කළහ. “ඒ ආයාචනය කළ යුතු වූයේ එයට පෙර ආයුස්සංස්කාරය හරින්නට පළමු වෙනැ” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට තුන් මසෙකින් පිරිනිවන් පානා බව වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩීම

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩි සේක. වැඩ, විසාලා පුර හාත්පස සිටින සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්නට අනඳ තෙරුනට නියෝග කළ සේක. භික්ෂූන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩි සේක.

එ හිදී ඔවුනට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්‍ධිපාද පඤ්චේන්ද්‍රිය, පඤ්චබල, සප්තබොද්ධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන මේ තමන් වහන්සේ ම දැන වදාළ බෝධි පාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාරා.

“මහණෙනි, කරුණායෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝ ය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩවු. ළඟ දී තථාගතයන් ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැ”යි වදාළ සේක.

ධර්මාරාම භික්ෂු

භාග්‍යවතුන් වහන්සේ තව මාස හතරෙකින් මගේ පිරිනිවීම වෙතැ යි වදාළ සේක. ඒ ඇසූ නොයෙක් දහස් ගණන් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හැසුරුණහ. පෘථග්ජන භික්ෂූහු කඳුළු පිරුණු ඇස් ඇත්තෝ වූහ. රහත්නට ධර්ම සංවේගය පහළ විය. සියලු භික්ෂූහු කුමක් කරමෝ දැ යි සිත සිතා සමූහ සමූහ වී හැසිරෙන්නෝ වූහු.

එහෙත් ධර්මාරාම නම් භික්ෂුවක් භික්ෂූන් වෙත ද නො යයි. ඇවැත්නි, කිමෙක් දැ’යි අන් භික්ෂූන් ඇසූ විට පිළිතුරු ද නො දී, භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කල්හි ම රහත් වන්නෙමි’යි හුදෙකලා ව වසමින් බුද්‍ධ වචනය ආවර්ජනය කරයි, සිතයි. නැවැත නැවැත සිහි කරයි. භික්ෂූහු ගොස් “ධර්මාරාම තෙරුන් තුළ ඔබ වහන්සේට ස්නේහ මාත්‍රයකුත් නැතැ” යි බුදුරජාණන් වහන්සේට දැන්වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ ධර්මාරාම තෙරුන් කැඳවා “ඒ සැබෑ දැ” යි විචාළ සේක. ධර්මාරාම තෙරණුවෝ තමන් ගේ අදහස කීහ.

භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දී “මහණෙනි, මට ස්නේහ ඇති තවත් අන්‍ය භික්ෂුවක් ඇත්නම් ඔහුත් ධර්මාරාම හික්ෂු මෙන් විය යුතු. මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් නො වෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදනාහු ම මා ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් වෙති” යි වදාළ සේක.

ප්‍රජාවතීගෞතමී මහා ස්ථවිරි පිරිනිවන් පෑම

මේ සමයෙහි ම ප්‍රජාවතීගෞතමී මහා ස්ථවිරි අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.

යශෝධරා මහාස්ථවිරී පිරිනිවන් පෑම

මේ සමයෙහි ම යශෝධරා මහාස්ථවිරී ද භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.

සැරියුත් තෙරුන් පිරිනිවන් පෑම

බුදුරජාණන්වහන්සේ සැවැත්පුර වසන සමයෙහි සැරියුත් තෙරණුවෝ දිනක් තමන් ජීවත්විය හැකි කාලය බලා “තව ජීවිත කාලය සතියෙකැ” යි දැන මවු සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටුවා, තමන් උපන් ගෙයි දී ම පිරිනිවන් පෑ යුතු යැ යි සනිටුහන් කොට භාග්‍යවතුන් වහන්සේට ඒ බව දන්වා, වැඳ අවසර ගෙන, මහද්භික්ෂු පිරිසක් හා තමන්ගේ උපන් ගම වූ නාලක නම් ගමට වැඩියහ. උන්වහන්සේ වදාළ බණ අසා මවු සෝවාන් පෙළෙහි පිහිටියහ.

එදා අලුයම්හි සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑහ. ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ පාත්‍ර සිවුරු ද ධාතු ඇතුළත් පෙරහන ද ගෙන ජේතවනයට පැමිණ අනඳ තෙරුන් කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ ධාතු බහාලූ පෙරහන පිළිගෙන සැරියුත් තෙරුන් ගේ ගුණ වදාරා, ඒ ධාතූන් නිදන් කොට චෛත්‍යයක් කරවා, ඉක්බිති භික්ෂු පිරිස පිරිවරා රජගහ පුරයට වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ රජගහ පුරයට වැඩීම

ඉක්බිති භික්ෂු පිරිස පිරිවරා රජගහ පුරයට වැඩි සේක.

මුගලන් තෙරුන් පිරිනිවන් පෑම

“මුගලන් තෙර දෙව්ලොව ද නිරයේ ද ඇවිද අවුත් සත්වයන් කළ පින් පව් හා ඒවායේ විපාක මිනිස්නට කියයි. එ හෙයින් මිනිස්සු ශ්‍රමණ ගෞතමයනට මහත් සත්කාර කරති. එ බැවින් මුගලන් තෙරහු මරා දැමීම යුතු ය”යි කියා තීර්ථකයෝ කුමන්ත්‍රණ කළහ.

ඉක්බිති ඔහු සිය දායකයන්ගෙන් සමාදන් කොට කහවණු දාහක් ලබා පල් සොරුනට දී ඒ සමයෙහි කාලසිලා පර්වතයෙහි වුසූ මුගලන් තෙරුන් මැරීමෙහි ඔවුන් මෙහෙයූහ. සොරු ද එහි ගොස් උන් වහන්සේගේ වාසස්ථානය පිරිවැරූහ. උන් වහන්සේ ඒ බව දැන ස්වීය ඍද්‍ධි බලයෙන් කෙසි සිදුරෙන් නික්ම වැඩියහ. සොරහු ද තෙරුන් නො දැක ගොස් තවත් දිනෙක අවුත් එ සේම වැටලූහ. එදා පන්සලෙහි කැණිමඬල බිඳ අහස් නැඟ වැඩියහ. මෙසේ එ දෙ වරෙහි ම සොරුනට සිය අදහස සිදු කළ හැකි නො වීය. තුන් වන වාරයෙහි තෙරහු තමන් කළ පාප කර්මයෙක නො වැළැක්විය හැකි සේ විපාකය එළැඹ සිටි බව දැන පිටත නො ගොස් එහි ම හුන්හ. එ කල සොරු විත් උන් වහන්සේ තළා ඇට පොඩි කොට දමා “මළහ” යි සිතා පඳුරක් මත්තේ හෙළා පලා ගියහ.

තෙරණුවෝ ධ්‍යාන බලයෙන් ශරීරය ස්ථිර කොට ගෙන අහසින් රජගහ පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ තමන් කාලශිලා ප්‍රදේශයෙහි දී පිරිනිවන් පානා බව දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයක් දේශනා කරන ලෙස තෙරුනට වදාළහ.

තෙරණුවෝ ද නොයෙක් සෘද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා බණ වදාරා භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුලැ වැටී වැඳ අවසර ගෙන කාලශිලා වනයට වැඩ එහි දී පිරිනිවන් පෑහ.

මෙය වූයේ සැරියුත් තෙරුණුවන් පිරිනිවුණු තන් පටන් දෙ සතියකින් පසු අව පසළොස්වක දා ය.

භාග්‍යවතුන් වහන්සේ උක්කවේලා නිගමයට වැඩීම

බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් ගේ ද ධාතුන් ගෙන චෛත්‍යයක් කරවා රජගහ පුරයෙන් පිටත් ව පිළිවෙළින් වඩනා සේක්, ගංගානදී තීරයට පැමිණ එහි හිඳ සැරියුත් මුගලන් දෙ නම ගේ පිරිනිවීම මුල් කොට ගෙන බණ වදාරා නැඟී සිට එහි දකුණු දිග උක්කවේලා නිගමයට වැඩි සේක.

කුසිනාරාව දක්වා ගමන
භාග්‍යවතුන් වහන්සේ වේසාලියට වැඩීම
භාග්‍යවතුන් වහන්සේ භාණ්ඩ ග්‍රාමයට වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් භාණ්ඩග්‍රාමයට වැඩි සේක.

වැඩ එහි දී ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කිරීම් හේතුයෙන් තමන් වහන්සේත් භික්ෂු සමූහයාත් දික් සසර හැසුරුණු බවත්, එහෙත් දැන් එ සතර ධර්මයෙන් අනුබෝධ ප්‍රතිවේධ කළ බවත්, තෘෂ්ණාව සුන් කළ බවත්, එ හෙයින් ඉන් මතු භවයක් නැති බවත් වදාළ සේක. එහි වැඩ හිඳිමින් ශීල සමාධි විමුක්තීන් පිළිබඳ කථායෙන් ම කල් ගෙවූ සේක.

භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයට වැඩීම

එයින් පිටත්ව පිළිවෙළින් හස්තිග්‍රාමය, ආම්‍රග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසු කොට භෝගනගරයට වැඩ එහි ආනන්දචෛත්‍ය ස්ථානයෙහි වුසූසේක.

එහි දී භික්ෂූනට සතර මහා අපදේශයන් වදාළ සේක

භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරට වැඩීම

එහි ටික දිනක් වැස ඉන් පිටත්ව පාවා නුවරට වැඩ එහි චුන්දකාර්මාර පුත්‍රයා ගේ අඹ වනයෙහි වූ විහාරයෙහි වුසූ සේක.

චුන්දකාර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක උන්නේ ය. ඔහුට බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. සතුටු වූ චුන්ද තෙම දනට නිමන්ත්‍රණය කොට ගොස් පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මධුර වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භෝජනාවසානයෙහි චුන්දයාට අනුමෝදන බණ වදාරා එයින් නික්ම වැඩි සේක.

රෝගය මතුවීම

පෙරැ බේලුව ගම දී ලෝහිත පක්ඛන්දිකා රෝගය හට ගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දස මසක් ම නො හට ගන්නා ලෙස අධිෂ්ඨාන කොට සමාපත්ති බලයෙන් මැඩලූ සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තුබුණු රෝගය මතුවිය. ඒ මතු වූයේ චුන්දයා ගේ දානය වැළැඳීමෙන් පසුය. එහෙත් චුන්දයාගේ සිනිඳු වූ බොජුන් වැළැඳි හෙයින් රෝගය මුල දී මෙන් බලවත් ව නො නැංගේ ය. එ භෝජනය නො වැළඳු සේක් නම් එ දින රෝගය ඉතා බලවත් ව දරුණු ලෙස නැඟෙන්නේ ය. සමාපත්ති බලයෙන් එ දිනත් එය මැඩ පැවැත්විය හැකි වුවත්, බුද්‍ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුර ම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සව්වන් කළකිරුවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේ ම තිබෙන්නට ඉඩ හැරි සේක.

පිපාසා ඇති බව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳු සේක

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස කැටුව කුසිනාරා පුරයට වඩනා සේක්, ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳු සේක.

පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා පැහැදීම

එ කල්හි ආළාරකාළාම තවුසාගේ ශ්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේ ය.

එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු ශරණ ශීලයෙහි පිහිටුවා, ඔහු පිදූ රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක අනඳ තෙරුනට පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක.

ඔහු ගිය පසු අනඳ තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එළවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙර වූ සේක. එ කලැ උන් වහන්සේ ගේ ශරීරය එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුයෙනුත් “පෙර බුදුවරයන් වැඩි අමාමහ නිවන් පුරට අද ප්‍රවිෂ්ට වන්නෙම්” යැ යි හටගත් බලවත් සොම්නසිනුත්, බුදු වූ දිනයෙහි මෙන් ම, ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත් ව බැබැළුණේ ය.

භාග්‍යවතුන් වහන්සේ කුකුත්ථා නදිය කරා වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩි සේක. වැඩ, නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැඟී නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක.

ඒ වේලායෙහි අනඳ තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගේ ජලශාටිකාව (නාන කඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින්, සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟළ සිවුර සතර පටක් කොට පණවා සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක.

ඉක්බිති එහි වැඩි අනඳ තෙරුන් අමතා. බුදු වන දාට පෙර දා සුජාතාව දුන් භෝජනය ද ඒ පිරිනිවන්පාන දිනට පෙර දා චුන්ද කර්මාරපුත්‍රයා දුන් භෝජනයද සමඵල බව වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා පුර වැඩීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩි සේක. වැඩ, එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට පැමිණි සේක.

පැමිණ එහි රජුන් ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට අනඳ තෙරුනට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද එ සේ ම ශයනය පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක.

පිරිනිවන් මංචකයෙහි සැතපීම

එ විට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහස්හි සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවා ලීමෙන් ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් ද පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා, “ආමිස පූජා මාත්‍රයෙකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නො වන බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත්” වදාරා අවවාද කළ සේක.

එ වේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතකු වූ උන් වහන්සේ ගේ ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථහ. එ බැවින් එහි භාග්‍යවතුන් වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන් ගේ සිත් රිදෙනුවට අවකාස නො තබන සේක් එ තැනින් ඉවත් වන්නැයි ඒ තෙරුනට වදාළ සේක. දෙවියනට ඉඩ දී තෙරණුවෝ ඉන් ඉවත් වූහ, අනාගාමී ද රහත් ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින් හඬමින් වැලැපෙමින් බිම ඇද වැටෙමින් පෙරැළෙමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ.

අනඳ තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

ඉක්බිති අනඳ තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“ශ්‍රද්ධාවත් කුලපුත්‍රයා විසින් දැක්ක යුතු වූ, දැකීමෙන් සංවේග ඇති වීමට හේතු වූ ස්ථාන සතර

  1. බුදුරජුන් උපන් භූමිය,
  2. බුදු වූ තැන,
  3. දම්සක් පැවැත්වූ තැන,
  4. පිරිනිවන් පෑ තැන” යැයි ද,

වදාරා ඉක්බිති ස්ත්‍රීන් කෙරෙහි භික්ෂූන් විසින් පිළිපැදිය යුතු සැටි ද වදාළ සේක.

නැවත භාග්‍යවතුන් වහන්සේ ගේ මෘත දේහය කෙරේ පිළිපැදිය යුතු සැටි විචාළ විට, තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නො කළ යුතු යැ යි ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීන් බුද්‍ධ ශරීරය පුදති යි ද වදාළ සේක.

“බුද්‍ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතු දැ යි ද විචාළ විට “චක්‍රවර්ති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙස යැ” යි වදාරා, එහි ක්‍රමය ප්‍රකාශ කළ සේක.

ඉන් පසු බුද්‍ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බව ද, බුදු, පසේ බුදු ,රහත්, සක්විති රජ යන සතර දෙනා ස්තූපාර්භ පුද්ගලයන් බවද වදාළ සේක. 

අනඳ තෙරුනට බලවත් ශෝක ඇත්තේ

අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ එ දින ම පිරිනිවන් පාන සේකැ යි වැටහුණේ ය. එ හෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත් ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙළවරැ අගුල් කණුවැ එල්බ ගෙන,

“අහෝ මම් තව ම රහත් වීමට කළ යුතු දෑ අවසන් නො කෙළෙකිමි. මට දයායෙන් අවවාදානුශාසන කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ ! හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම් ද? කාගේ පා සෝදන්නෙම් ද? කාගේ සේනාසනය අරපරිස්සම් කොට තබන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදින්නෙම්ද?”

යන ආදීන් විලාප කිය කියා හඬමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ආනන්ද කොයි දැ”යි විචාළ සේක. “ස්වාමීනි, මණ්ඩල මාලයෙහි අගුල් කණුයෙහි එල්බගෙන හඬන්නේ යැ” යි භික්ෂූහු කීහ. එ විට බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා ගෙන එන්නට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා,

ආනන්දයෙනි, නො හඬන්න. ශෝක නො කරන්න. හැම ප්‍රිය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නො වේ ද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුලු ය. එ සේ කලැ එය පලුදු නො වේ වා යි සිතා ඒ පෙරැ ළීම් වළකා ලන්නට කිසිවකුටත් නො හැක්ක. “ආනන්දයෙනි, තෙපි බොහෝ කල් හිත කැමැති ව, හමුයෙහිත් නො හමුයෙහිත් එක හිතින් ම මෛත්‍රීසහගත අප්‍රමාණ කාය වාග් මනඃ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝ ය. ආනන්දයෙනි, තෙපි පෙර ද බොහෝ පින් කළ කෙනෙක. එ බැවින් පමා නො වවු. නොබෝ කලෙකින් ම තෙපි රහත් බව ලබන්නහු යැ” යි වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට ආමන්ත්‍රණය කොට අනඳ තෙරුන් ගේ ගුණ රාශිය ප්‍රකාශ කළ සේක.

මහා සුදර්ශන සූත්‍රය දෙසීම

ඉක්බිති අනඳ තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවර දී නො ම පිරිනිවන් පානා සේක් වා. චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කොසඹෑ බරණැස් යන මෙකී නගරයෙක පිරිනිවන් පානා සේක්වා”යි කී හ.

එ විට භාග්‍යවතුන් වහන්සේ ඒ එසේ පහත් කුඩා නුවරෙකැ යි නො සිතිය යුතු බවත්, පෙර එය මහාසුදර්ශන චක්‍රවර්ති රජු ගේ වාසස්ථානය වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සුත්‍රාන්තය වදාළ සේක.

මල්ල රජුන්ගේ රැස්වීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් එ දින රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව මල්ල රජුනට අනඳ තෙරුන් අත දන්වා යැවූ සේක. කුසිනාරා පුර සියලු මල්ලයෝ ඒ පවත් අසා ශෝක භරිත ව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කැර සිටියහ.

ක්‍රි. පූ. 544 - බුද්ධත්වය ලබා 45 වන වර්ෂය
භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා

සුභද්ද නම් පරිපබ්‍රාජකයා බුදුරදුන්ගෙන් පැනයක් ඇසීමට අවසර ඉල්ලීය ආනන්ද තෙරුන් එය වැළැක්වීමට අදහස් කළත් බුදුන් වහන්සේ එයට කැමැත්තෙන්ම අවසර දුන්නාහ. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සැක දුරු කර ගෙන පැවිදි උපසම්පදාව ලැබූ අන්තිම ශ්‍රාවක සුභද්දය.

<< විස්තර සඳහා >>

ධර්මයේ ශාස්තෘ භාවය

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා “තමන් වහන්සේ ගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්තෘ (අනුශාසකයා) වෙතැ”යි ද තමන් වහන්සේ ධරමාණ කාලයෙහි භික්ෂූන් ඔවුනොවුනට “ආවුසෝ” (ඇවැත්නි) යන වචනයෙන් ආමන්ත්‍රණය කළ නමුත් ඉන් පසු වැඩිමාලු භික්ෂුව නවක භික්ෂුවට නමින් හෝ “ආවුසෝ” යන වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද නවක භික්ෂුව වයසින් වැඩි මහළු භික්ෂුවට “ස්වාමීනි” කියා හෝ ආයුෂ්මතුන් වහන්ස කියා ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද ආදීන් වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය

“මහණෙනි, කරුණාවෙන් අවවාද කරමි” සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු” යැයි මේ අන්තිම බුද්ධ වචනය වදාළ සේක.

 

ක්‍රි. පූ. 544 / 480
වෙසක් පුන් පොහෝ දින - මහා පරිනිර්වාණය
සම්බුදු පරිනිර්වාණය

 

දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළ සේක.

මහා පරිනිර්වාණය - ජන්මයෙන් අසූවන වියෙහි වෙසක් පසොළොවක් දා

මින් පසු ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉක්බිති ඉන් නැඟිට ද්විතීය ධ්‍යානයටද, ඉන් නැගිට තෘතිය ධ්‍යානයට ද, ඉන් නැඟිට චතුර්ථ ධ්‍යානයට ද, ඉන් නැඟිට ආකාශානන්තායතන සමාපත්තියට ද, ඉන් නැඟිට විඥානානන්තායතන සමවතට ද, ඉන් නැඟිට ආකිඤ්චන්‍යායතන සමාපත්තියට ද, ඉන් නැඟිට නෛවසංඥානාසංඥායතන සමාපත්තියට ද, එයින් නැඟිට නිරෝධ සමාපත්තියට ද සමවන් සේක. යලිත් නිරෝධ සමාපත්තියෙන් නැගිට නෛවසංඥානාසංඥායතන ආකිඤ්චන්‍යායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථධ්‍යාන තෘතීය ධ්‍යාන ද්විතීය ධ්‍යාන ප්‍රථම ධ්‍යානය යන මේවාට ද පිළිවෙළින් ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයට ද සමවැද චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටි සේක.

එ දා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටු ව චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට අනතුරු ව, ඒ මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්ති නායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාවට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශෙෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කෙණෙහි භය ජනක වූ මහද් භූමි කම්පාවෙක් විය. බලවත් වූ අහස් ගිගුරුම් ද විය.

සහම්පතී මහ බඹ තෙම:

බුද්‍ධ පරිනිර්වාණ ක්ෂණයෙහි ම සහම්පතී මහ බඹ තෙම “ලොවැ මෙ වැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්‍ය්‍යන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක් ද, එ සේ ම ලෝක ධාතුවේ සියලු ම සත්ත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මෙහි බහා ලන්නෝ යැ” [1] යි ද,

ශක්‍ර දේවේන්ද්‍ර තෙම:

“අහෝ සංස්කාරයෝ අනිත්‍යයහ. හැදෙන නැසෙන සුලුහ. ඔහු ඉපිද නිරුද්ධ වෙත්. එ බැවින් ඔවුන්ගේ සංසිඳීම සැප වේ” [2] යැ යි.

අනුරුද්ධ තෙරුණුවෝ:

“ආයුෂ්මත්නි, ස්ථිර සිත් ඇති, අට ලෝ දහමින් කම්පිත නො වන ස්වභාවය ඇති, නිවන් සෙත් පුර අරමුණු කොට කළුරිය කළ මාගේ ශාස්තෘ වූ බුද්‍ධ මුනිවරයාණන් වහන්සේ ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නො හැකුළුණු (පිබිදි) සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනාව ඉවසූ සේක. ප්‍රදීපයෙක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේ ගේ චිත්ත විමෝක්ෂය [3] වී යැ යි ද,

අනඳ තෙරුණුවෝ:

[4] “සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේ ගේ පිරිනිවන් පෑම හා එක් විට ම බිහිසුණු ලොමු දහ ගන්වන සුලු භූමිචලනයෙක් වී ය. අහෝ ! ආශ්චර්යයෙකි !!” යි ද වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කෙණෙහි අවීතරාග භික්ෂුහු හැඬීමට වැලැපීමට පටන් ගත්හ. වීතරාග භික්ෂූහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්ෂූනට සංස්කාරයන් ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට, හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැ යි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති, ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ධර්ම කථායෙන් ගත කළහ.

 

  1. සබ්බෙ’ව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං
      යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො. 
  2. අනිච්චා වත සංඛාරා, උප්පාදවයධම්මිනො
    උප්පජ්ජිත්වා නිරුක්ධන්ති, තෙසං වූපසමො සුඛො.

  3. නාහු අස්සාසපස්සාසා, ඨිත චිත්තස්ස තාදිනො
    අනෙජො සන්තිමාරබ්භ යං කාලමකරි මුනි.
    අසල්ලිනෙන චිත්තෙන, වෙදනං අජ්ඣවාසයි
    පජ්ජොතස්සෙව නිබ්බාණං, විමොක්ඛො චෙතසො අහු.

  4.  තදා’ සි යං හිංසනකං තදාසි ලෝමහංසනං
    සබ්බාකාරවරූපෙතෙ, සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.
සම්බුදු පරිනිර්වාණයෙන් දින හතකට (07) කට පසු
සර්වඥ දේහය ආදාහන කිරීම

අනඳ තෙරණුවෝ අනුරුද්‍ධ තෙරුන් ගේ නියමයෙන් කුසිනාරා පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව දැන්වූහ. මල්ල රජුන් ප්‍රමුඛ කොට ඇති නගර වාසීහු ඒ පවත් අසා හඬා වැලැප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙන්වා ගෙන උපවර්තන ශාලාවනෝද්‍යානයට රැස් වැ බුද්‍ධ ශරීරයට නෘත්‍ය ගීතාදියෙන් පූජා කරමින් සත් දිනක් ගෙවා, ඉක්බිති මහ පෙරහැරින් උතුරු දොරින් පිවිස කුසිනාරා නුවර මැදින් පිටතට වැඩම කරවා නැඟෙනහිර පැත්තෙහි වූ මල්ල රජුන් ගේ මුකුටබන්දන නම් චෛත්‍ය ස්ථානයෙහි තැබූහ.

ඉක්බිති මල්ල රජහු සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගෙන් අසා දැන අළුත් කසී වස්ත්‍රයෙන් බුද්‍ධ ශරීරය වෙළා ඉන් පසු මනා ව නෙළූ කපු පුළුනින් වෙළූහ. ඉන් පසු නැවතත් කසී වතින් වෙළූහ. මේ නියායෙන් පන්සිය වරක් පන්සියයක් පමණ කපු පුළුනෙන් ද පන්සියක් කසී වතින් ද බුද්‍ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එ බඳු ම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දරසෑයෙහි රන්දෙණ නැංවූහ.

ඉක්බිති බාල මධ්‍යම වයස් ඇති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරැසී චිතකයට ගිනි තැබූහ. ගිනි නො දැල්විණ. මල්ල රජුන් එයට හේතුව විචාළ විට මහා කාශ්‍යප තෙරුන් එන තෙක් එය දැවෙන්නට දෙවියන් ඉඩ නො දෙන බව අනුරුද්‍ධ තෙරුන් වහන්සේ වදාළ සේක.

ස්වල්ප වේලාවෙකින් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එහි වැඩි සේක. වැඩ සිවුර ඒකාංශ කොට පොරොවා වැඳ තුන් වරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රී පාදය පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැන්ද සේක. උන් වහන්සේ හා වැඩි පන්සියක් පමණ වූ භික්ෂූහු ද වැන්දහ. ඉන් පසු දර සෑය දේවතානුභාවයෙන් තෙමේ ම හාත්පස එක් පැහැර ගිනි දැල්වී ගියේ ය.

බුද්‍ධ ශරීරයෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, දෙ අකු ධාතු, නලාට ධාතු යන ධාතුහු සත් දෙන නො විසිරුණහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං බියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ, අහසින් ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින් ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවී ය. මල්ල රජහු ද සුවඳ දිය ඉස්සහ.

ධාතු පූජාව

ඉක්බිති මල්ල රජහු නුවර දෙව් පුරයක් සේ සරසා සර්වඥ ධාතු රන් දෙණක තබා, එය මනා ව සැරැසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා, එහි සන්ථාගාර ශාලායෙහි මහඟු පර්‍යඞ්කයකට පැමිණැවූහ. ඉක්බිති එහි වටේ රකවල් තබවා මල්ල රජුන් ප්‍රමුඛ කුසිනාරා නුවරැ වස්සෝ නෘත්‍යගීතාදියෙන් සත් දිනක් ධාතූන් පිදූහ

සම්බුදු පරණ පරිනිර්වාණය දින දාහතරකට (14) පමණ පසු ???
ධාතු බෙදීම

මගධෙශ්වර අජාතශත්‍රැ රජ ද, විසාලා පුර වැසි ලිච්ඡවී රජහු ද, කපිලවාස්තුපුර වාසි ශාක්‍ය රජහු ද, අල්ලකප්පරට වැසි බුලි රජහු ද, රාමග්‍රාම වාසි කෝලිය රජහු ද, වේඨදීපක නුවර වැසි වේඨදීපක බමුණා ද, පාවා නුවර වැසි මල්ල රජහු ද, එහි ගොස් කුසිනාරාව වට කොට ගෙන අයිතිවාසිකම් කියා ධාතු කොටස් ඉල්ලා, තමන් ද ස්තූප කරනු කැමැති බව දන්වා කුසිනාරා පුර මල්ල රජුනට වෙන වෙන ම පණිවුඩ යැවූහ. මල්ල රජහු ද තමන් රටෙහි පහළ වු රුවන් පිටතට නො දෙන බව දන්වා “තෙපි යුද්‍ධ කරනු කැමැති නම් අපිත් යුද්‍ධ කරම්හ” යි කියා පණිවුඩ යැවූහ. මෙයින් ඔවුන් අතර මහත් කැලැඹීම් හට ගත් විට ඒ සියලු දෙනා ගේ ආචාර්‍ය්‍ය වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා ඔවුනට කරුණු කියා සමාදාන කොට ඒ ධාතූන් අට කොටසකට බෙදා දුන්නේ ය. ඉක්බිති ඒ බමුණා ද තමාටත් පූජ්‍ය වස්තුවක් ඕනෑ බව කියා ධාතූන් බෙදු ස්වර්ණමය නාළිකාව ඔවුන්ගෙන් ඉල්ලා ගත්තේ ය.

පිප්පලීවන පුරැ වැසි මෝරිය රජහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව අසා පසු ව එහි ආහු, ධාතු නො ලැබ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන ගියහ. ධාතු ගෙන ගිය ඒ ඒ රජහු ඒවා නිදන් කොට ස්තූප කරවා පිදූහ.

ද්‍රෝණ බමුණා ද තමා ලත් ස්වර්ණ නාළිකාව නිදන් කොට කුම්භථූප නම් චෛත්‍යයක් කෙළේ ය.

මෝරිය රජුන් දර සෑයේ අඟුරු නිදන් කොට කැරැවූ අංගාර ස්තූප දෙක ද සමඟ සර්වඥ ධාතු නිදන් කළ චෛත්‍ය අට දැ යි සියලු චෛත්‍යයෝ දස දෙනෙක් වූහ

ක්‍රි. පූ. 544
විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම
ක්‍රි. පූ. 544
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව
1 ප්‍රථම ධර්ම සංගායනාව (පංච සතිකා සංගීති)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.

* බුද්ධ පරිණිර්වානයෙන් : මාස තුනකට පසු
* ස්ථානය : මගධයේ රජගහනුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාව අභියස
* සහභාගීත්වය : 500ක් මහ රහතුන්
* කාලය : මාස 07
* ප්‍රධානත්වය : මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
* සහාය : ආනන්ද මහරහතන් වහන්සේ සහ උපාලි මහරහතන් වහන්සේ
* දායකත්වය : අජාසත්ත රජතුමා

ක්‍රි. පූ. 543
විජය කුමාරයා ලක්දිව යටත් කිරීම

විජය කුමාරයා කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව ආක‍්‍රමණය කළ,  ඔහු මෙරට යටත් කර ගත්තේය.

බු. ව. 100 - ක්‍රි. පූ. 444
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව
2 දෙවන ධර්ම සංගායනාව (සත්තසතිකා සංගීති)

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.

* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 100කට පසු
* ස්ථානය : විශාලා මහනුවර වාලුකාරාමයේදී
* සහභාගීත්වය : 700ක් මහ රහතුන්
* කාලය : මාස 08
* ප්‍රධානත්වය : කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ
* සහාය : සබ්බකාමි, රේවත, සාළ්හ, බුජ්ජසෝභිත, වාසභගාමි, සුමන, සාණවාසී, සම්භූත, යස හිමිවරු
* දායකත්වය : කාලාශෝක රජතුමා

ක්‍රි. පූ. 437
පණ්ඩුකාභය රජතුමා රජවිම

ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තු පූර්ව 437 දී රජවිය.
රාජ්‍ය සමය: ක්‍රි:පූ 437 - ක්‍රි:පූ 367
පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි. පසුව ඔහුගේ පුත් මුටසිව රජකමට පත්විය.

ක්‍රි. පූ. 367
මුටසීව රජතුමා රජවිම

පණ්ඩුකාභය රජතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රිස්තු පූර්ව 367 දී රජවිය.
රාජ්‍ය සමය: ක්‍රි:පූ 367 - ක්‍රි:පූ 307

පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල රජ කෙනෙකි.

බු. ව. 236 - ක්‍රි. පූ. 308
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්හයකට (236) පසුව (බු.ව.236)
3 තුන්වන ධර්ම සංගායනාව (සහස්සසතිකා සංගීති)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්ම වී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැළලුප් නුවර අශෝකරාමයේදී සහස්සිකා නම් ධර්ම සංගීතිය පවත්වන ලදි. මෙය ව්‍යවහාරානුකූල තෙවැනි ධර්ම සංගායනාවයි.

* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 236කට පසු ක්‍රි. පූ. 308 (247)
* ස්ථානය : පැළලුප් නුවර අශෝකාරාමයේදී
* සහභාගීත්වය : 1000ක් මහ රහතුන්
* කාලය : මාස 09
* ප්‍රධානත්වය : ​මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
* දායකත්වය : ධර්මාශෝක රජතුමා

නව මසක් පුරා පැවැති මේ ධර්ම සංගායනාවේ දක්නට ලැබෙන්නේ විප්ලවීය ක්‍රියා මාර්ගයකි. සැට දහසක් දුසිල් මහණුන් නෙරපනු ලබයි. භාරතදේශයේ භූගෝලීය සීමාවලින් මිදී ලොව පුරා බුදු දහම ව්‍යාප්ත කෙරෙයි. සිරිලක බුදු සසුන ස්ථාපනය වෙයි. අරිට්ඨ කුමරා සහ අනුලා දේවිය ද සසුන්ගත වෙති. බුද්ධත්වයට සෙවණ දුන් බෝධියෙහි දකුණු ශාඛාව සිරිලක් බිමෙහි රෝපණය වී බුදු දහම ද සමඟ ම මුල්බැස ගනියි.

ක්‍රි. පූ. 307
දේවානම්පිය තිස්ස රජතුමා රජවිම

මුටසීව රජතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රිස්තු පූර්ව 307 දී රජවිය.
රාජ්‍ය සමය: ක්‍රි:පූ 307 - ක්‍රි:පූ 267

මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. 

අනුරාධපුරයේ ථූපාරාමය, දේවානම්පියතිස්ස රජ සමයේ ගොඩනංවන ලද්දකැයි විශ්වාස කෙරේ.  දේවානම්පියතිස්ස රාජ සමයට අයත් අනෙක් වැදගත් ප්‍රධාන ස්ථානයක් නම් ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයයි

ක්‍රි. පූ. 307
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්හයකට (236) පසුව (බු.ව.236)
ලංකාවට බුද්ධාගම පැමිණීම

දේවානම්පියතිස්ස රජු (307 BCE - 267 BCE) අනුරාධපුරය මුලස්ථානය කරගෙන රාජ්‍ය කාලය වැදගත්වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. 

ක්‍රි. පූ. 307
මහින්දාගමනයෙන් මාස හයකට පමණ පසුව උඳුවප් මස පොහෝ දිනයේදී (දෙසැම්බරයේදී)
සංඝමිත්තා තෙරණියගේ ශ්‍රී මහා බෝධි ආගමනය

සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 236 කට පසුව සිද වූ මහින්දාගමනයත්, ඊට මාස හයකට පමණ පසුව සිදුවූ සංඝමිත්තා තෙරණියගේ ශ්‍රී මහා බෝධි ආගමනයත් යන දෙකරුණ ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් මෙන්ම අනුස්මරණීය ඓතිහාසික සිදුවීම් වෙති.  

ක්‍රි. පූ. 307
ථූපාරාම විනය සංගායනාව

පස්වැනි ධර්ම සංගායනාව ලෙස පිළිගනු ලැබ ඇත්තේ මෙතෙක් දඹදිව පැවැති ධර්ම සංගායනාවලට වෙනස් අයුරින් මෙ සිරිලක මුල් බැසගන්නා පරිදි පවත්වන ලද ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවයි. විනය සංගායනාවක් වූ මෙය අරිට්ඨ හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් මන්තාභය තෙරුන් ඇතුළු සැටදහසක් භික්‍ෂූන් වහන්සේලා විසින් ථූපාරාමයෙහි පවත්වන ලද බව සඳහන් වෙයි. මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම පරිදි මහා අරිට්ඨ තෙරණුවෝ විනයාචාර්ය ලෙසින් පන්සියයක් භික්‍ෂූන්ට විනය ඉගැන් වූ බවට පත් වෙයි

* යුගය : ක්‍රි.පූ 307
* ස්ථානය : ථූපාරාමයේ මේඝවර්ණ පිරිවෙනේදී
* අධීක්ෂණය : මිහිඳු මහරහතන් වහන්සේ
* ප්‍රධානත්වය : අරිට්ඨ හිමි
* සහාය : ඉට්ඨිය හිමි, උත්තිය හිමි, සම්බල හිමි, භද්දසාල හිමි සහ ලංකාවෙන් 60 නමක්
* දායකත්වය : දේවානම්පියතිස්ස රජතුමා.

ක්‍රි. පූ. 267
උත්තිය රජතුමා රජවිම

දේවානම්පිය තිස්ස රජතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රිස්තු පූර්ව 267 දී රජවිය.
රාජ්‍ය සමය: ක්‍රි:පූ 267 - ක්‍රි:පූ 257

උත්තිය රජ අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 267 සිට ක්‍රිපූ 257 දක්වා රාජ්‍යය පාලනය කල, රජරට රාජධානියෙහි රජ කෙනෙකි.

ක්‍රි. පූ. 259
උත්තිය රජු රජකමට පැමිණ වසර 8ක් ගතවූ අවස්ථාවේ
මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වදාලහ

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා ඇත්තේ දේවානම්පියතිස්ස රජුට පසුව රජ වූ එතුමාගේ සහෝදරයෙකු වූ උත්තිය රජුගේ 8 වැනි රජවර්ෂයේ දී මහාවංසයෙහි සඳහන් වී ඇත. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව එම ධාතූන් වහන්සේලා නිදන් කොට මිහින්තලේ ද ලංකාවේ තවත් පුදබිම්වල ද දාගැබ් සාදන ලද බව මහාවංසයේ සඳහන් වී ඇති කරුණකි

ක්‍රි. පූ. 258
උත්තිය රජු රජකමට පැමිණ වසර 9 ක් ගතවූ අවස්ථාවේ
සංඝමිත්තා තෙරණිය පිරිනිවන් වදාලහ

ඌට්ඨිය රජු රජකමට පැමිණ වසර 9ක් ගතවූ අවස්ථාවේදී සංඝමිත්තා තෙරණිය පිරිනිවන් වදාලහ. ඒ අනුරධපුරායේ පිහිටි ඇයගේ ආවාසය වූ හත්තාලෝක උපාසිකාරාමයේදී වයස අවු: 79ක් ව තිබියදීය. ඇයට ගරු කිරීමක් ලෙස සතියක් පුරා මුළු ශ්‍රි ලංකාව පුරාම ඇයගේ අනුස්මරණය සිදුවිය.

ඇය ජීවමානව සීටියදී ඉල්ලා සිටි පරිදි ඇයගේ දේහය, නැගෙනහිර ථුපාරාමයේ බෝධි ශාඛය ඉදිරිපිට ආදාහනය කොට, එහි භෂ්මාවශේෂ මැදිකොට උට්ඨිය රජු විසින් ස්ථූපයක් සාදන ලදී.

බු. ව. 236 - ක්‍රි. පූ. 308
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්හයකට (236) පසුව (බු.ව.236)
3 තුන්වන ධර්ම සංගායනාව (සහස්සසතිකා සංගීති)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්ම වී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැළලුප් නුවර අශෝකරාමයේදී සහස්සිකා නම් ධර්ම සංගීතිය පවත්වන ලදි. මෙය ව්‍යවහාරානුකූල තෙවැනි ධර්ම සංගායනාවයි.

* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 236කට පසු ක්‍රි. පූ. 308 (247)
* ස්ථානය : පැළලුප් නුවර අශෝකාරාමයේදී
* සහභාගීත්වය : 1000ක් මහ රහතුන්
* කාලය : මාස 09
* ප්‍රධානත්වය : ​මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
* දායකත්වය : ධර්මාශෝක රජතුමා

නව මසක් පුරා පැවැති මේ ධර්ම සංගායනාවේ දක්නට ලැබෙන්නේ විප්ලවීය ක්‍රියා මාර්ගයකි. සැට දහසක් දුසිල් මහණුන් නෙරපනු ලබයි. භාරතදේශයේ භූගෝලීය සීමාවලින් මිදී ලොව පුරා බුදු දහම ව්‍යාප්ත කෙරෙයි. සිරිලක බුදු සසුන ස්ථාපනය වෙයි. අරිට්ඨ කුමරා සහ අනුලා දේවිය ද සසුන්ගත වෙති. බුද්ධත්වයට සෙවණ දුන් බෝධියෙහි දකුණු ශාඛාව සිරිලක් බිමෙහි රෝපණය වී බුදු දහම ද සමඟ ම මුල්බැස ගනියි.

ක්‍රි.ව ??? පළමු සියවස
The two "Fourth Councils"
The two "Fourth Councils"

Not a Theravāda Councils (had in India)

2. කණිෂ්ක සංගීතිය Sarvāstivāda

* යුගය : ක්‍රි.ව පළමු සියවස
* ස්ථානය : කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු
* ප්‍රධානත්වය : ​පාර්ශව හිමි
* සහාය : මහාකවි භූදන්ත හිමි, අශ්වඝෝෂ හිමි, වසුමිත්‍ර හිමි, නාගාර්ජුන හිමි
* දායකත්වය : කණිෂ්ක රජතුමා

බු. ව. 518 - ක්‍රි. පූ. 88
4 සිව් වන ධර්ම සංගායනාව ( පුස්තකාරූඪ සංගීතිය)

* යුගය : බුද්ධ පරිණිර්වානයෙන් වසර 518කට පසු (ක්‍රි.පූ 88 – 76)
* ස්ථානය : මාතලේ අලු විහාරයේ ආලෝක ලෙනෙහිදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු

බු. ව. 544 - ක්‍රි. ව. 1
Birth of Jesus of Nazareth (0-33 C.E.)
බු. ව. 577 - ක්‍රි. ව. 33
Death of Jesus of Nazareth (0-33 C.E.)
බු. ව. 1114 - ක්‍රි. ව. 570
Birth of Prophet Muhammad
බු. ව. 1176 - ක්‍රි. ව. 632
Death of Prophet Muhammad. 8 June 632 (aged 61–62)
බු. ව. 2415 - ක්‍රි. ව. 1871
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2415 පසුව (ක්‍රි. ව. 1871)
5 න ධර්ම සංගායනාව

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2415ක් ක්‍රි. ව. 1871

* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 2415කට පසු
* ස්ථානය : බුරුමයෙහි මණ්ඩලේ නගරයේ
* සහභාගීත්වය : 2400
* කාලය : මාස පහක් පමණ කාලයක
* ප්‍රධානත්වය : ​ජාගරාභිවංස නරින්දජා සහ සුමංගල යන භික්‍ෂුන් වහන්සේලාගේ
* දායකත්වය : ඩොන්මින් රජුගේ අනුග්‍රහයෙන්

බු. ව. 2448 - ක්‍රි. ව. 1954
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2448 පසුව (ක්‍රි. ව. 1954)
6 න ධර්ම සංගායනාව

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2448 -2500ක් , (ක්‍රි. ව. 1954 -1956)

* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 2448 කට පසු
* ස්ථානය :  බුරුමයේ රැන්ගුන් නුවර
* සහභාගීත්වය : 500.

භාරතය, ශ්‍රී ලංකාව, නේපාලය, කාම්බෝජය, තායිලන්තය, ලාඕසය සහ පකිස්ථානය යන රටවල් ප්‍රමුඛ වෙනත් රටවලින් ද වැඩම කරවන ලද භික්‍ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද්දකි.

* කාලය : 1954 ආරම්භ කොට 1956 වෙසක් පුන් පෝ දින නිම විය
* ප්‍රධානත්වය : ​අභිජා රටඨගුරු රේවත මහතෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
* දායකත්වය : 

බු. ව. 2500 - ක්‍රි. ව. 1956
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500
Celebration of 2,500 years of Buddhism.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක්

බු. ව. 2565 - ක්‍රි. ව. 2022
ක්‍රි. ව. 2022

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2565 - 2566 ක් . 

සටහන:

බු. ව. – බුද්ධ වර්ෂ – බෞද්ධ දින දර්ශනයේ 1 වසර බුද්ධ පරිනිබ්බාන වර්ෂය, එය බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී “ඓතිහාසික” කාල සටහනට (Historical Time Line) අනුව ක්‍රි.පූ. 480, “සම්ප්‍රදායික” කාල සටහනට (Traditional Time Line) අනුව ක්‍රි.පූ. 544 සිදු විය.

බුදුන් වහන්සේ සැබෑ උපන් දිනය නොදනී. බෞද්ධ සම්ප්‍රදායට අනුව, බුදුන් වහන්සේගේ උපත සිදු වූයේ ක්‍රි. පූ. 624 දී ය, නමුත් ක්‍රි. පූ. 560 යනු බුදුන් වහන්සේගේ උපත සඳහා පොදුවේ පිළිගත් එක් දිනයක් ද වේ.

මා මෙහිදී විශේෂ සිද්ධීන් සඳහා අනුගමනය කරන්නේ සම්ප්‍රදායික කාල සටහනට අනුව “සම්ප්‍රදායික” දිනය වේ. එනම් බුද්ධ පරිනිබ්බාන වර්ෂය බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී එනම් ක්‍රි. පූ. 544 වූ බව සලකයි.

කාලානුක්‍රමය පිළිබඳ සටහන :

බෞද්ධ යුගයේ පාදක දිනය වන ක්‍රි.පූ. 543 සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතියි. ක්‍රි.පූ. 483 බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දිනය යැයි සැලකේ. විල්හෙල්ම් ගයිගර් සඳහන් කරන පරිදි දීපවංසය හා මහාවංසය දකුණු ආසියානු කාලානුක්‍රමයේ ප්‍රධාන මූලාශ්‍ර වේ; එහි දිනායනය කොට ඇත්තේ අශෝක අධිරාජයා‍‍ගේ රාජාභිෂේකය පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසුව සිදුවූ බව ය. චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වූයේ මෙයට වර්ෂ 56කට පෙර, එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 162කට පසුව ය. චන්ද්‍රගුප්ත‍ගේ සිහසුනට පත්වීම ආසන්න වශයෙන් ක්‍රි.පූ. 321 අවට වර්ෂ දෙකක කාලය තුළ සිදුවන්නට ඇත. (මෙගස්තීනිස් අනුව). එමනිසා පරිනිර්වාණය සඳහා ලැබෙන ආසන්නතම දිනය වන්නේ ක්‍රි.පූ. 485 සහ ක්‍රි.පූ. 481 අතර දිනයකි. මෙය ක්‍රි.පූ. 483 ලෙස ගැනෙන මහායාන කාලානුක්‍රමය සමග හොඳින් ගැළපේ.

ගයිගර් අනුව, මෙම ගණන් බැලීමේ දෙකෙහි වෙනස හටගෙන ඇත්තේ III වන උදය (946–954 හෝ 1007–1015) සහ පරාක්‍රම පාණ්ඩ්‍ය (1046–1048 පමණ) රාජ්‍ය සමයයන් අතර කාලයේ ය. මෙකල දිවයිනෙහි සැලකිය යුතු කලබලකාරී වාතාවරණයක් පැවතිණි. කෙසේ නමුත් ක්‍රි.ව. 428දී චා-චා මො-හෝ-නාන් විසින් චීනය වෙත යැවුණු තානාපති මණ්ඩලයක් පිළිබඳ සඳහන් වේ. මෙම නම ඇතැම්විට මෙම කාලයේ රාජ්‍ය කළ (සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව) ‘රාජා (රජ) මහානාම’ යන්නෙහි විකරණයක් විය හැක.

එපමණක් නොව, ක්‍රි.ව. 642දී පමණ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට උත්සාහ දැරූ දේශාටක භික්ෂුවක වූ ෂුවාන්සෑංහට ශ්‍රී ලාංකික භික්ෂූන් (ඇතැම්විට කාංචිපුරම්හි විසූ) විසින් රාජධානියේ එකල ගැටලු පැවති බව පවසා තිබිණි. ඒ නිසා ඔහු එම ගමනින් වැළකී ඇත; මෙය සිහසුන වෙනුවෙන් අග්ගබෝධි III සිරිසඟබෝ, IIIවන ජෙට්ඨතිස්ස සහ දාඨෝපතිස්ස I හත්ථදාඨ අතර 632–643 කාලයේ පැවති අරගලකාරී කාලසීමාවට අනුරූප වේ.

මෑතකාලීන ඉන්දුවේදීය පර්යේෂණ අනුව පෙණීගොස් ඇත්තේ බුද්ධ පරිනිර්වාණය මින් පෙර යෝජනා කෙරුණු දිනයට වඩා තරමක් පසු කාලයක සිදුවන්නට ඇති බවයි. 1988දී මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෝටින්ජන්හි පැවති සමුළුවක දී විද්වතුන් බහුතරයක් දැරූ මතය වූයේ මෙම ගැටලුව පවතින්නේ ක්‍රි.පූ. 440–360 අතර කාලසීමාව හා සම්බන්ධව බවයි. කෙසේනමුත්, ඔුවන්ගේ ගණනයන් පාදක වී තිබුණේ දීපවංසයගමහාවංසය මත නොව ටිබෙට් බුදු දහමේ කාලානුක්‍රමය මත ය. ඉන්දියානු පාලක සුසුනාගගේ පුත් කාලාශෝක සමග බින්දුසාරගේ පුත් අශෝක අධිරාජයා හඳුනාගැනීමට වැඩිදියුණු කළ කාලානුක්‍රමයක් අවශය වේ. සැලකිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලාංකික වංශකථා පාදක වී ඇත්තේ වඩාත් පැරණි කෘති මත වන අතර, ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කෙරුණේ ද ශ්‍රී ලංකාවේ වීමයි. පහත ලැයිස්තුව කෙරෙහි පාදක කොටගෙන ඇති කාලානුක්‍රමය සම්ප්‍රදායික ථෙරවාද/ ශ්‍රී ලාංකීය ක්‍රමය මත ගොඩනගා ඇති අතර, එයට පාදක වී ඇති ක්‍රි.පූ. 543 දිනය මහායාන දින දර්ශනයට වඩා වර්ෂ 60ක් මුල් දිනයකි. කෙසේනමුත්, ක්‍රි.ව. 1048න් පමණ පසු දැක්වෙන දිනයන් එකිනෙකට සමකාලීන බැව් පෙනේ.

මූලාශ්‍රයන්:

  1. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ප්‍රධාන වශයෙන් මෙම ලිපිය සැකසීමේදී භාවිතා කරන ලදී.
  2. මහාපරිනිර්වාණ සූත්‍රය – (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » මහා වර්ගය » 3. මහාපරිනිර්වාණ සූත්‍රය)
  3. www.accesstoinsight.org : Theravada Buddhism A Chronology
  4. www.wikipedia.org
  5. www.budusarana.lk – බුදුසරණ පුවත්පත අන්තර්ජාල කලාපය.
  6. Other Internet sources.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…