පරමාර්ථ ධර්ම ලිපි අංක 03:

චිත්තය

කාමාවචර සිත් 54

උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.

 

අකුසල් සිත් - අහේතුක සිත් - කාමාවචර සෝභන සිත්

සාමාන්‍යයෙන් එකක් (01) වූ සිත කාමාවචර භූමීය වශයෙන් කාමාවචර සිත් 54 කට බෙදනු ලැබේ.

  1. අකුසල් සිත් දොළොස (12) ය,
  2. අහේතුක සිත් අටළොසය (18),
  3. කාමාවචර සෝභන සිත් සූවිස්ස (24) ය යි, කාමාවචර සිත් සිවුපනසෙ (54) කි.

කාමාවචර සිත් සිවුපනසෙ (54) කි.

අකුසල් සිත් (12)

1. ලෝභමූල සිත් අට (8)
  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  3. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  4. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  5. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  6. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  7. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  8. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
2 - ද්වේෂ මූල සිත් දෙක (2)
  1. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  2. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
3 - මෝහමූල සිත් දෙක (2)
  1. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍ර‍යුක්ත සිත.
  2. උපේක්ෂා සහගත ඖධත්‍ය සම්ප්‍ර‍යුක්ත සිත.

අහේතුක සිත් 18

1. අහේතුක අකුශල විපාක සිත් (7)
  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය. 
2 - අහේතුක කුශල විපාක සිත් (8)
  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය
3 - අහේතුක ක්‍රියා සිත් (3)
  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය

කාමාවචර සෝභන (කුසල්) සිත් සූවිස්ස (24)

1. කාමාවචර කුසල් සිත් අට (8)
  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
2. සහේතුක කාමාවචර විපාක සිත් අට (8)
  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
3. සහේතුක කාමාවචර ක්‍රියා සිත් අට (8)
  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය.
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය.
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය.
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය.
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය.
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය.
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය.
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය.
මෙම ලිපියට සම්බන්ධ ලිපි:

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top