බෞද්ධාගමික පිළිවෙත්

නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?

බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන් වේ දැයි සැකසහිත ය. පංච ශීලයට වැඩි සීලයක් සමාදන්ව ගිහි බෞද්ධයා ආරක්‍ෂා කළේ සතර පෝ දිනයේ හෝ නිශ්චය කරගත් කාලසීමාවක් තුළදී පමණි.

පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන් ජීවත්වීම යන මේ කරුණු අට අතීත කාලයේ පටන් ම ලෝකයේ සියලු ම ආගම් අදහන ආගම් නො අදහන නුවණැති සෑමදෙනා විසින් ම නො කළ යුතු වැඩ සැටියට, නො මනා වැඩ සැටියට පිළිගත් කරුණු අටෙකි. ඒවායින් වැළකීම ශීලය ය. මේ ශීලය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්ච ශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංග ශීල, දසශීල වලට ගෙන ඇත්තේ ද ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණෙකි. සාමණේර ශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.

කළ යුතු දස කථා

දෙතිස් කථා නොකළ යුතු නම්, කළ යුතු කථා මොනවා දැයි ප්‍රශ්නයක් මතුවේ. ඒ සඳහා පිළිතුරු වදාරණ බුදුරජාණන් වහන්සේ පිරිසක් එකතු වූ තැනකදී තමා වඩන භාවනාවට සිත යොමු කොට නිහඬ වීම හෝ දසකථාවන් සිදු කිරීම අනුදැන වදාළහ. කර්මස්ථානය නොවඩා නොයෙක් කල්පනාවන්ට වැටී නිහඬ වීම අනුමත නොකරන බුදුරදුන් දස කථා හඳුන්වා දී ඇත්තේ කථා කරන ඇත්තන්ගේ යහපත උදෙසා ය.

නොකළ යුතු දෙතිස් කථා

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

සීල විස්තරය

Description of Seelaya

අවසර ස්වාමීනි! මම තිසරණය සහිත ( අෂ්ටාංග උපෝසථ ශීලය / නවාංග උපෝසථ සීලය / දසාංග උපෝසථ ශීලය ) ඉල්ලමි. මා හට අනුග්‍ර‍හ කොට අනුකම්පාවෙන් සිල් දුන මැනවි.

සංඝයා වහන්සේ වඳින ගාථාව

Sanga Rathnaya Wandana

මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව නිසි ලෙස හඳුනාගෙන භාවිතා කරමු! කිසියම් පිංකමක් අවසානයේදී සංඝයා වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනෝ”…. යනාදී වශයෙන් ආශීර්වාද ගාථාව සජ්ජායනා කරන විට බහුතරයක් ගිහි පින්වතුන් නොදැනුවත් කම නිසා සංඝයා වහන්සේ අනුව යමින් එම ආශීර්වාද ගාථාව මුමුණති. නමුත් විය යුත්තේ වැඳගෙන ගාථාව ශ්‍රවණය කර එම සජ්ඣායනය අවසන් වනවාත් සමඟම …

සංඝයා වහන්සේ වඳින ගාථාව Read More »

දස සීලය සමාදන්වන ආකාරය

How To Observe Dasa Seela

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ; අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන …

නවාංග උපෝසථ සීලය සමාදන්වන ආකාරය

How To Observe Nawanga Seela

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ….

අටසිල් සමාදන්වන ආකාරය

How To Observe Ata Seela

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන …

සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?

How Should Seela Be Observed

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහෝ දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කර ගත යුතු ය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක් ද ඒකාංස කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදුවතක් ද පිළියෙළ කර ගත යුතු ය.

තිසරණය, පංච, අෂ්ටාංග, නවාංග, දසාංග සීලය

ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් …

Scroll to Top