බ්‍රහ්මජාල සූත්‍රය
BRAHMAJALA SUTTA

Arya Patipada Post Divider

සූත්‍ර පිටකය / දීඝ නිකාය / සීලක්ඛන්ධ වර්ගය
Sutta Pitaka / Dega Nikaya 

සකස් කළ සූත්‍ර බ්‍රහ්මජාල සූත්‍ර සාරාංශ කියවන්න

බ්‍රහ්මජාල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය

සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය.

සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය පිරිවැජියාගේ අතවැසි බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි. සඟ ගුණ කියයි. මෙසේ මේ කාරණයෙහි ඒ ගුරුවරයා සහ ඔහුගේ අතවැසියාද යන දෙදෙනා ඔවුනොවුන්ට හාත්පසින්ම විරුද්ධ මත ඇත්තෝව භාග්‍යවතුන් වහන්සේගේද, භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

මහණෙනිඅනුන් මාගේ හෝ නුගුණ කියද්දධර්මය ගැන හෝ නුගුණ කියද්දසංඝයාගේ හෝ නුගුණ කියද්දඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේයසිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනිඅනුන් මාගේ හෝ නුගුණ කියද්දධර්මයේ හෝ නුගුණ කියද්දසංඝයාගේ හෝ නුගුණ කියද්දඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනිඅනුන් මාගේ හෝ නුගුණ කියද්දධර්මයේ හෝ නුගුණ කියද්දසංඝයාගේ හෝ නුගුණ කියද්දතෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

ස්වාමීනිඑසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනිඅනුන් මාගේ හෝ නුගුණ කියද්දධර්මයේ හෝ නුගුණ කියද්දසංඝයාගේ හෝ නුගුණ කියද්දඑවිට තොප විසින් මෙයමේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැතමෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.

මහණෙනිඅනුන් මාගේ හෝ ගුණ කියද්දධර්මයේ හෝ ගුණ කියද්දසංඝයාගේ හෝ ගුණ කියද්දඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනිඅනුන් මාගේ හෝ ගුණ කියද්දධර්මයේ හෝ ගුණ කියද්දසංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය

මහණෙනිඅනුන් මාගේ හෝ ගුණ කියද්දධර්මයේ හෝ ගුණ කියද්දසංඝයාගේ හෝ ගුණ කියද්දඑවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය ස්වල්ප මාත්‍රයකි. (සුළු දෙයකි) ලාමක මාත්‍රයකි, (සුළු ස්වභා ගතියෙකි,) ශීල මාත්‍රයෙකි, (අඩු දෙයකි) එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය

ශ්‍රමණ භවත් ගෞතමයෝ

  1. ප්‍රාණයට හිංසා කිරීම (ප්‍රාණඝාතය) අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ
  2. (හිංසා කිරීමට) දඬු මුගුරු නොමැත්තෙක් වේ.
  3. පාපයට ලජ්ජා ඇත්තෙකි.
  4. දයාවන්ත බවට පැමිණියෙකි.
  5. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි.
  6. (අන්සතු) නුදුන්දේ ගැනීම අත්හැරදමා නුදුන් දේ ගැනීමෙන් වැළකුණාහ.
  7. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ.
  8. දුන් දෙය ගැනම කැමති වන්නෝය.
  9. වංචා රහිතව පිරිසිදු සිතින් වාසය කරන්නාහ’යි.
  10. අබ්‍රහ්මචර්යාව (කාමසම්පත් දුරුකොට) කාම සැපයෙන් වැළකුණෝය.
  11. දුරාචාරයයි කියන ලද කාම සම්පතෙන් ඉතාමත් ඈත්වූවෙකි.
  12. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් (ග්‍රාම්‍ය ධර්මයෙන්) වෙන්වූවෝය’යි
  13. බොරුකීමෙන් (මුසාවාදයෙන්) වැළකුණෝය.
  14. සත්‍යයම කියති. සත්‍යයම ගළපා කියති.
  15. ස්ථිරවූ ඇදහියයුතු කථා ඇත්තෝය.
  16. ලෝකයා මුළාකරන විෂම වාද නොකරන්නෝය.
  17. පිසුනු බස් නමැති කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වැළකුණෝය.
  18. මෙතනින් අසා මොවුන්ගේ භෙදය පිණිස එතැන්හි නොකියයි.
  19. එතැනින් අසා ඔවුන්ගේ භෙදය පිණිස මොවුන්ට නොකියයි.
  20. මෙසේ බිඳුනවුන් ගළපන ස්වභාව ඇත්තාහ.
  21. මෙසේ භින්නවූවන් සම්බන්ධව හෝ ගළපන ස්වභාව ඇත්තෝය.
  22. සමගිවූවන්හට අනුබල දෙන්නෝය.
  23. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ (සමගි තන්හි වාසය ඇත්තෝය.)
  24. සමගි වූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති.’
  25. පරුෂ වචනය අත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය.
  26. යම් වචනයක් නිදොස්ද, කණට සැපද පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රියවේද, බොහෝදෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය’
  27. සම්ඵප්‍රලාපය (වැඩ නැති කථා) අත්හැර (සම්ඵප්‍රලාපයෙන්) නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්නෝය.
  28. කියයුතු කාලය සලකා කියන්නෝය.
  29. සත්‍යයම කියන්නෝය.
  30. දියුණුව සලකා කියන්නෝය.
  31. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය.
  32. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යොග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ හිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.
  33. තණ, ගස්, වැල් ආදීන්ගේ භෙදනයෙන් (කැඩීම් සිඳීම් වලින්) වැළකුණෝය.
  34. රාත්‍රි කෑමෙන් වැළකී විකාලභොජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය.
  35. නැටීම්, ගීකීම්, වැයීම්, කෝලම් බැලීම් ආදියෙන් වැළකුණෝය.
  36. මල්මාලා සුවඳ දැරීම් වැනි සැරසීම් වලින් වැළකුණෝය.
  37. නුසුදුසු උස් ආසන මහා ආසනයන් ගෙන් වැළකුණෝය.
  38. රන් රිදී මිළ මුදල් පිළිගැනීමෙන් වැළකුණෝය.
  39. අමු මාංශ පිළිගැනීමෙන් වැළකුණෝය.
  40. ස්ත්‍රීන් හෝ ගෑනු දරුවන් පිළිගැනීමෙන් වැළකුණෝය.
  41. දාසයින් හෝ දාසීන් පිළිගැන්මෙන් වැළකුණෝය.
  42. එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණෝය.
  43. කුකුළන් ඌරන් පිළිගැන්මෙන් වැළකුණෝය.
  44. ඇතුන් ගවයින් අශ්වයින් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණෝය.
  45. කුඹුරු වතු පිළිගැන්මෙන් වැළකුණෝය.
  46. දූත ගමන් සහ ගෙන්ගෙට යන (පණිවුඩ පනත්) මෙහෙවරින් වැළකුණෝය.
  47. ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන් වැළකුණෝය.
  48. හොර කිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද වැළකුණෝය.
  49. අල්ලස් ගැනීම් වංචා මායම් යන නපුරු ප්‍රයෝගයන් ගෙන් වැළකුණෝය.
  50. කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර ක්‍රියාවලින්ද වැළකුණෝය.

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය

ශ්‍රමණ භවත් ගෞතමයෝ

  1. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. එවැනි තණ ගස් වැල්වල මුල්වලින් පැලවෙන, කඳ පැලවෙන, පුරුක් පැලවෙන, දලු පැලවෙන බීජයෙන් පැලවෙන, පහක් (පස් වර්ගයක්) වේ. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’
  2. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- නැටීමය, ගී කීමය, වීණා ආදිය වැයීමය, රඟමඬුලු බැලීමය, ගොතා රසකර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, (ප්‍රතිභාන චිත්‍ර විචිත්‍රය) නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙවුම් කෙළිය, උනගස් ඔසවා නැටුම, මිනී ඇට සෝදා තැබීමය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, මල්ලව (නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුද සෙන් පිරික්සීමය, (සේනාසන්නිවෙස) කඳවුරුය, සතරාකාර යුද්ධ හමුදාව (සිවුරඟසේනාව) දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.
  3. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණවූ මෙයාකාර සූදුකෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්, අට මඬුලු (කොටු) කෙළිය, දස මඬුලු (කොටු) කෙළිය (ලනුපැනීම) අහස්කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම) එක්කොට තබන දේ නොසොල්වා ගැනීමේ ලම කෙළිය, සිංකෙළීම. (එනම් සැලුම්කෙළිය, කූරුගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම, බිම හෝ බිත්තිවල ලීකූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩාකිරීම, පන්දුකෙළිය, පත් කුලල් (වස්දඬු) පිඹීමය, නඟුල්කෙළිය, කරනම්ගැසීම, කන්නන්ගුරු කෙළිය. එනම් තල් පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රීඩාවකි.) වැලි ආදිය මැනීමේ සෙල්ලම, රථවාහන යොදා කරන සෙල්ලම දුනුකෙළිය, අකුරුසෙල්ලම සිතූදේ කීමේ සෙල්ලම, දෝෂරූප දක්වා කරන සෙල්ලම යනුයි. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණගෞතමයෝය.
  4. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ‘උස් ආසන’ ‘මහ ආසන’යන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. එනම් දික්හඟලා පුටුය, පලඟය, අඟල් හතරකට වඩා දික් ලොම් ඇති ඇතිරිය (ඇතුරු ආසනය) එළු ලොමින් සැරසූ ඇතිරිය, එළු ලොමින් සෑදූ සුදු ඇතිරිය, එළුලොමින් සෑදූ ඝන මලින් යුත් ඇතිරිය, ගුදිරිය, සිංහාදී රූපයෙන් සැරසූ එළු ලොම් ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, එකපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය රත්තරණින් කැටයම්කළ පසතුරුණුය, (පලස්) පටනූලෙන් කළ පසතුරුණුය, නාටිකාවන් දහසය දෙනෙකුට නැටියහැකි එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතුන්පිට අතුරණ ඇතිරිය, අසුන්පිට අතුරණ ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ පසතුරුණුය, කෙසෙල් මුව සම් වැනි සමෙන් කළ උතුම් පසතුරුණුය, මත්තෙහි බඳිනාලද රතු වියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ටා ඇති ආසනය යනාදියයි. මෙබඳුවූ ‘උස් ආසන’ මහා ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,
  5. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සම්බන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරති. එනම්: සුවඳකුඩු ඇඟ ගැල්වීමය, ඇඟ අතගෑමය, නෑවීමය, මිරිකීමය (කැඩපත්) මුහුණ බලන කන්නාඩි අඳුන්, ගෙතූ නොගෙතූ මල් හා (විලවුන්) එනම් මල් සහිත සුවඳ සුණුය, (මුවසුණුය) මුහුණේ ලන සුවඳ සුණු හා කටේ ගාන (ආලෙපය) සුවඳ කල්කය, අත්වල පළඳින ආභරණය, අතේ තබාගෙන යන දඬු කෝටු (සැරයටි) ආදිය, බෙහෙත් සුර; කඩු, කුඩ, සැරසිලි සහිත සෙරෙප්පු, සපත්තු දමාගෙන ඇවිදීමය, නළල්පටි, හිස මුදුනේ පළඳින මැණික් සහිත ආභරණ, වල්විදුනා (පවන් සැලීමට ගන්නා චාමර) දැරීමය, දික්දාවලු වලින් යුත් සුදුරෙදි ඇඳීමය යනාදියයි. මෙබඳුවූ සැරසීම හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.
  6. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන (ජනපද) කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුරගන්නා තැන්වලට හෝ තොටුපළවලට රැස්වූ අය කරණ කථාය, නැසීගිය නෑයන් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය යන මේ කථායි. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  7. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දොස් පවරා නින්දාකරන කථාවෙහියෙදී වාසය කරති. එනම්: ‘උඩඟු ලෙස තෝ මේ ධර්මය අනුව හැසිරීම නොදන්නෙහිය. මම මේ ධර්මය දනිමි. තෝ මේ ධර්මය අනුව හැසිරීම කුමක්දැයි දන්නෙහිද? තෝ වරදවා පිළිගන්නෙහිය. යහපත් අන්දමින් මම මොනවට පිළිපන්මි. මගේ වචනය අර්ථ සහිතය. (සිලුටුය), තගේ වචනය අනර්ථයෙන් යුක්ත වෙයි (නොසිලුටුය), පළමුව කියයුතු දේ පසුව කීයෙහිය. පසුව කිය යුතු දේ පළමුව කීයෙහිය. තා විසින් පුරුදු කරන ලද්ද පෙරැළී ගියේය. තට වාදාරොපණය (වාද නැගීම) කරණ ලද්දේය. නින්දා කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදෙන පිණිස හැසිරෙව, ඉදින් සමර්ථයෙහි නම් දැන්ම තෝ වාදයෙන් ගැළවී යව’ මෙසේ මෙබඳු දොෂාරෝපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.
  8. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් (වැඩකාරකම්) සහ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වාසයකරති. එනම් රජුන්ගේ, රාජ මහා ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෙදර ප්‍රධානයන්ගේ (ගෘහපතියන්ගේ), කුමාරයන්ගේ ‘මෙහි එනු’ (ඔහේ) ‘එහාට යනු’ ‘මෙය ගෙන එනු’ ‘එහාට මෙය ගෙන යනු’ ආදී වශයෙනි. එවැනි වැඩකාරකම් (දූතකම්) හා පණිවුඩ ගෙනයාමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  9. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති. සිවුපසය (සිවුරු, දන්, අසුන්, ගිලන්පස) ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය

ශ්‍රමණ භවත් ගෞතමයෝ

  1. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  2. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  3. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරති. එනම්: (අසවල් දින) රජුගේ බැහැරයාම වෙයි, රජුගේ ආපසු ඒම වෙයි, ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි, පිට රජුන්ගේ ඉවත යෑම වෙයි, ඇතුළු නුවර රජුන්ට ජය වෙයි, පිට රජුන්ට පරාජය වෙයි, පිටරජුන්ට ජය වෙයි, ඇතුළු නුවර රජුන්ට පරාජය වෙයි, මෙසේ මොහුට ජය වන්නේය. මොහුට පරාජය වන්නේය. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය’
  4. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරෙති. එනම්: (අසවල් දින) චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය (ග්‍රහ) තාරකාවන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) වන්නේය. දිසාවන් දැවීම වන්නේය. භූමිකම්පා වන්නේය. අහස ගිගුරුම් වන්නේය. චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැහීම, කෙලෙසීම පිරිසිදුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති සූර්යග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය, මෙබඳු විපාක ඇති උල්කාපාතයෙක් වන්නේය. මෙබඳු විපාක ඇති දිගුන් (දිසාවන්) දැවීමෙක් වන්නේය. මෙබඳු විපාක ඇති භූමිකම්පාවක් වන්නේය. මෙබඳු විපාක ඇති අහස ගිගිරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම, කෙලෙසීම, පිරිසිදුවීම වන්නේය යනු දක්වන විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  5. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: හොඳින් වැහි ඇති වන්නේය. නියඟ වන්නේය හෝ නපුරු වැහි ඇතිවන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය. ආහාර ආදිය හිඟවන්නේය. භය නැති වන්නේය. භය ඇති වන්නේය. ලෙඩ ඇති වන්නේය. ලෙඩ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණු වලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිතශාස්ත්‍රය (පිණ්ඩගණිතය) ඝනප්‍රමාන දැනගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය, යන මේ විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  6. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයා කාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත්දිනා ගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස්කරවීම, වියදම් කරවීම යහපත් ශ්‍රීයාව ඇති කරවීම යහපත් ශ්‍රියාව නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නාසේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, (කැඩපත්හි) මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටුවා ප්‍රශ්න ඇසීම, (අංජනම්), ආවේසවූ ගෑණුදරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූර්යයාට නමස්කාර කිරීම, බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිටකිරීමය, ශ්‍රීදෙවිය කැඳවීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යායෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය
  7. සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: බාරහාරවීම, බාරහාර ඔප්පු කිරීම බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රියා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුද්ධ කරවීම, අනුන් නැහැවීම අනුන් සඳහා ගිනි පිදීම, වමනකරවීම, විරෙචන කරවීම, ඌද්ධව විරෙචනය (ළය විරෙකය) අධො (පහතින්) විරෙචනය සිරෝ (බෙල්ලෙන් උඩ) විරෙචනය, කනේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,

මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි, අඩු දෙයකි, සුළු ස්වභා ගතියකි.

පුබ්බන්තකප්පිකා – 18

පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. පෙර ස්කන්ධ කොටස් ගැන ඇදහීම ඇත්තෝ වෙති. ඔවුහු පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති.

සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලොකයද සදාකාලිකයයි

  1. නොයෙක් ආකාරවූ පෙර ජාතිවල සිටිතැන් සිහිකර,  නොයෙක් සියදහස් ගණන් ජාතිද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි, ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරමි, ආත්මයද ලොකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති, ජීවත් වෙති, එයින් මිදී යති, උපදි. සදාකාලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්මය ඇති බව ඒ කාරණයෙන් මම දනිමි’යි කියායි.
  2. නොයෙක් ආකාරවූ පෙර ජාතිවල සිටිතැන් සිහිකර,  එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, …….. ‘සංවට්ටවිවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි, ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරමි, ආත්මයද ලොකයද සදාකාලිකය, නිත්‍යය. කිසිත් නූපදවයි. ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති, ජීවත් වෙති, එයින් මිදී යති, උපදි. සදාකාලික වස්තු මෙන් නිතර නොවෙනස්ව නිත්‍යය ආත්මය ඇති බව ඒ කාරණයෙන් මම දනිමි’යි කියායි.
  3. නොයෙක් ආකාරවූ පෙර ජාතිවල සිටිතැන් සිහිකර, එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, ……. ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන උපන්නෙමි. මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි.  ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, ගොත්‍රයක්, රූපයක්, ආහාර, සුව දුක්, ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මේ කරුණින් ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති, චුත වෙත්, උපදිත්, සදාකාලික දේ සමව සිටිත් යනුයි. සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරයි.
  4. තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී.  ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටි.

එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලොකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි ප්‍රකාශ කරති.

  1. ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.   මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි. “යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි.
  2. ක්‍රීඩාවෙන් නැසෙන්නා’ නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත් ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. බොහෝ වේලාවක් සිනාවෙහි ක්‍රීඩාවෙහි ඇලී වාසය කිරීමෙන් ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයෙන් චුතවේ.  ඒ දිව්‍ය ලොකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්මභාවයට ආ ඔහු ගිහිගෙය අත්හැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි,  අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟකරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ හිතේ තත්ත්වයක් ලබයි. “ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළානොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ, ඒකාන්ත වූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම්බඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනාකෙළියෙහි ඇලී සැපයෙන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදීවාසය කළාවූ අපේ සිහි මුළා විය. මුළා වීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍ය වීමු. ස්ථිර නැති වීමු. සුළු ආයුෂ ඇත්තෝ වුම්හ, මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු”යි කියායි.
  3. මනොපදොසික’ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රොධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. ඔහු බොහෝ වේලා ක්‍රොධයෙන් බලා ඔවුනොවුන් කෙරෙහි සිත කිලිටු කරගනී. ඔහු ඔවුනොවුන් කෙරෙහි කිලුටු සිත් ඇත්තේ වෙහෙසුනු ශරීර ඇත්තෙක් (වේ) වෙහෙසුනු සිත් ඇත්තේ ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන්  චුතවේ. . මෙලොවට ඇවිත් ගිහිගෙයින් පිටව ශාසනයට ඇතුල්වේ. අප්‍රමාදයට පැමිණ, යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් (සිත සමාධියට ගිය කල) පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ.  “ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔව්හු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔව්හු වැඩිකලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්මභාවයෙන් චුත නොවෙත්. ඔව්හු නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය නොපෙරළෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නුමුත් අපි යම් කරුණකින් සිත් කිලිටු කර ගනිමුද, ඒ අපි දීර්ඝ කාලයක් ඔවුනොවුන් කෝප සිතින් බැලුවෙමු. ඔවුනොවුන් දෙස කෝපව බලන ඒ අපි ඔවුනොවුන් කෙරෙහි හිත් කිලුටු කෙළෙමු. එසේවූ අපි ඔවුනොවුන් කෙරෙහි නපුරු සිත් ඇත්තෝ වෙහෙසෙන ශරීර සහසිත් ඇත්තෝ වෙමු. එවිට අපි ඒ දෙව් බවෙන් චුතව මෙසේ අනිත්‍ය, අස්ථිර, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු
  4. තර්ක කරන්නේය. පරීක්ෂා කරන්නේය. ඔහු ඒ ආකාර තර්ක කොට පරීක්ෂා සහිත විමසීමෙන් ලබාගත් තම වැටහීම (ඇතිවූ මතය) අනුව මෙසේ කියයි. ඇසද, කණද, නාසයද දිවද, ශරීරයද යන මේ වෙනස් කරුණුවලින් යුත් ආත්මය අනිත්‍යය, ස්ථිර නැත, සදාකාලික නොවේය, වෙනස්වන ස්වභාව ඇත්තේය. සිතද, මනසද, විඥානයද යනුවෙන් දක්වන මේ ආත්මය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ගති ඇත්තේය. සදාකාලික වූයේම ස්ථිරවම එසේම සිටින්නේය.”

 කෙළවරක් ඇත කෙළවරක් නැත යයි අදහා ලොකය කෙළවරක් ඇතයයි ප්‍රකාශ කරත්ද

  1. (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලොකයේ කෙළවරක් ඇතැයි හිත එකඟකිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ‘හාත්පසින් වටවූ මේ ලොකය කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලොකයෙහි වාසය කෙරෙම්ද, එබඳු හිත් එකඟවීමක් ලබාගත්තෙමි. මේ හේතුවෙන් මම ලොකය කෙළවරක් ඇතුව හාත්පසින් වටවූ බව දනිමි.’
  2. (සක්වළ කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරයක් නැතැයි හිත එකඟ කිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. මේ ලොකය අනන්තය, කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල යම්සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතුව ලොකයේ වාසය කෙරෙම්ද එබඳු හිත එකඟවීමක් ලබාගත්තෙමි. මෙයින් ලොකය අනන්තය කෙළවරක් නැත්තේයයි දනිමි.’
  3. හිත එකඟ කරගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලොකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරයට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙස් කියයි;- ‘මේ ලොකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ‘මේ ලොකය කෙළවරක් ඇත හාත්පසින් මං ඇතියි’ මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ‘මේ ලොකය කෙළවරක් ඇත හාත්පසින් වටවී ඇතැයි’- මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ. ‘මේ ලොකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද, වෙයි, එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයි ද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේයයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලොකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි.’
  4. තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. මේ ලොකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් ඇතැයිද හාත්පසින් වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් නැතැයිද හාත්පසින් වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය.
    “යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද, කියත්ද ඔවුන්ගේ කීම බොරුය මෙලොව කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත.’

‘අමරා වික්ෂේප’ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල  ‘අමරා වික්ෂේප’ වූවෝ වචන දමාගැසීමෙන් ‘අමරා වික්ෂේප’යට පැමිණෙත්.

  1. මේ කුසල්යයි ඇතිහැටි නොදනියි. මේ අකුසල් යයි ඇතිහැටි නොදනියි. ඔහුට මෙසේ සිතෙයි ‘මම මේ කුසල්යයි හරිහැටි නොදනිමි. මේ අකුසල්යයි හරිහැටි නොදනිමි. මම මේ කුසල්යයි හරිහැටි නොදන්නෙමි, මේ අකුසල්යයි හරි හැටි නොදන්නෙමි. මේ කුසල යයි කියා හෝ පවසන්නේ නම් මේ අකුසලයයි හෝ පවසන්නේ නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වන්නේය. යම් කරුණකදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේද ඒ මාගේ පැවසීම බොරු වේ. මගේ යමක් බොරු වේ නම් එය මට දුකක් වේ යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි.
    “මෙසේ ඔහු බොරු කීමට භයින් බොරු කීමට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති, මේ අකුසලැයිද නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැසීමට පැමිණේ. ‘එසේ ද මාගේ ගැන්මක් නැත, එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
  2. මේ කුසල්යයි හරිහැටි නොදනි. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ: ‘මම මේ කුසල්යයි හරි ලෙස නොදනිමි. මේ අකුසල්යි හරි ලෙස නොදන්නෙමි. මේ කුසල්යයි හෝ පවසම් නම් මේ අකුසල්යයි හෝ පවසම් නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේ නම් ඒ මට තද ඇල්මක් වේ. යමක් තද ඇල්මක් නම් ඒ මට දුකක් වේ. යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි.”
    “මෙසේ ඔහු තද ඇල්මට භයින්, තද ඇල්මට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසයි. මේ අකුසල්යයි නොපවසයි. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණේ. මෙසේ ගැන්ම මගේ නැත. එසේ යයිද මට නැත වෙන අනික් මාර්ගයක්ද මට නැත. මට එසේ නැත්තේ නොවේය. මට නැත්තේ නොවන්නේත් නොවේය.”
    “මහණෙනි, ‘අමරා වික්ෂේපිකවූ’ සමහර මහණ බමුණෝ යමක් කරණකොටගෙන යමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද
  3. මේ කුසල්යයි හරි ආකාර නොදනී. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ. ‘මම මේ කුසල්යයි හරිලෙස නොදනිමි. මේ අකුසල්යයි හරිලෙස නොදනිමි එසේ මම මේ කුසල්යයි හරි ලෙස නොදන්නෙමි, මේ අකුසල්යයි හරිලෙස නොදන්නෙමි මේ කුසල්යයි හෝ පවසම් නම්’ මේ අකුසල්යයි හෝ පවසම් නම්, පණ්ඩිතවූ, සියුම් ලෙස තේරුම් ගැනීමේ බලය ඇති, වාදකොට පුරුදු ඇති, වාළවෙධි, නම් දුනුවායන් (දුනුවලින් විදින්නන්) සමානව තමන්ගේ ඥානයෙන් අනුන්ගේ ඇදහීම් බිඳිමින් මෙන් හැසිරෙන මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහුමය. ඔව්හු ඒ කුසල් අකුසල් ගැන ‘ඔබේ ඇදහීම කෙසේදැයි, මගෙන් ඇසුවෝ නම් කරුණු දක්වා ඇසුවෝ නම්, මාගේ වාදයෙහි දොස් දක්වා මා තැතිගන්වන්නෝ නම් ඔවුන්ට හොඳින් වැටහෙන ලෙස උත්තරදීමට මම සමත් නොවෙමි. එසේ යම් කෙනෙකුට උත්තරදීමට සමත් නොවෙම්ද එය මට දුකක් වේ. යමක් මට දුකක් වේද එය මට අන්තරාය පිණිස වේ.’ මෙසේ අනුන් විසින් ගුණ දොස් කීම ගැන භයින් අනුන් විසින් ගුණ දොස් කීම ගැන ලජ්ජාවෙන් මේ කුසල්යයි නොකියා මේ අකුසල් යයි නොකියා ඒ ඒ තැන්වලදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. මෙසේද මට හැඟීමක් නැත. එසේත් මට නැත වෙන ආකාරයෙනුත් නැත, නැතැයිද මට නැත, නැත්තේ නොවේයි ද මට නැතැ’යි කියායි.
  4. නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. ‘මොන යම් පරලොවක් ඇත්දැයි මා මෙසේ විචාළේ නම් එය මෙසේ ඔබට කියමි. මෙසේත් මට නැත, එසේත්, මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ ඒ මන්ද? පරලෝ නැත්දැයි මා විචාලෙහි නම් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයිද මට නොසිතේ නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ නොම නැත්තේ වේද? ඒ මන්ද? පරලොවක් ඇත්තේත් වේද නැත්තේත් වේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ, නැත්තේත් නැතැයිද මට නොසිතේ, නොම නැත්තේත් වේද, ඒ මන්ද? පරලොවක් ඇත්තේත් නොවේද නැත්තේත් නොවේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයි මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නොමනැත්තේද වේද? ඕපපාතික* ‘සත්වයෝ ඇත්ද? ඕපපාතික සත්වයෝ නැත්ද? ඕපපාතික සත්වයෝ ඇත්තාහුත් නැත්තාහුත් වෙත්ද? ඕපපාතික සත්වයෝ නොම ඇත්තාහුත් නොම නැත්තාහුත් වෙත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නැත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නොම ඇත්තේත් නොම නැත්තේත් වේද? තථාගතයෝ මරණින් මතුවෙත්ද? තථාගතයෝ මරණින් මතු නොවෙත්ද? මරණින් මතු තථාගතයෝ ඇත්තේත් වෙත්ද? නැත්තේත් වෙත්ද? තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්ද නොම නැත්තේත් වෙත්දැයි විචාළොත් මට මෙසේ සිතේ නම් ‘තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්. නොම නැත්තේ වෙත්’යයි ඔබට කියන්නෙමි. මෙසේත් මට (සිතෙන්නේ) නැත, එසේත් මට නැත. වෙනත් ආකාරයයිද මට නැත. නැතැයිද මට නොසිතේ. නොම නැතැයිද මට නොසිතේ.’

අහේතුක (ඉබේ) උත්පත්තිය අදහන්නෝව ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේ) හටගත්තේයයි ප්‍රකාශ කරත්ද?

  1. ‘රූපය පමණක් ඇත්තා’ නම් දෙවියෙක් වේ. ඔහු (ප්‍රතිසන්ධි චිත්තය) ජීවිතයක් ඊළඟ ජීවිතයත් එකතු කරන හිත පහළවීමෙන්ම ඒ දේව භාවයෙන් චුතවෙත්. ‘මහණෙනි, මේ කාරණය පැහැදිලිව පෙනේ. එනම් එක්තරා සත්වයෙක් ඒ ශරීරයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. ඒ භවයට පැමිණ ගිහිගෙන් නික්ම මහණ වෙයි. ගිහිගෙන් නික්ම පිට ශාසනයකට ඇතුල්වූ ඔහු කෙලෙස් නසන වීර්යයට පැමිණ, ඒ වීර්යය නැවත නැවත දියුණුකර භාවනාවට පටන්ගෙන, අප්‍රමාදයට පැමිණ, යහපත් සිහිකිරීමට පැමිණ, හිත එකඟ කරගත් කල හිතෙහි ඉහත ආත්මයේ උත්පත්තිය සිහිකරන හිතේ එකඟකමක් ලබයි. එයින් ඔබ සිහි නොකෙරෙයි. ඔහු මෙසේ කියයි. ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම ‘පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්වභාවයට පැමිණියෙමි.’
  2. ‘රූපය පමණක් ඇත්තා’ නම් දෙවියෙක් වේ. ඔහු (ප්‍රතිසන්ධි චිත්තය) ජීවිතයක් ඊළඟ ජීවිතයත් එකතු කරන හිත පහළවීමෙන්ම ඒ දේව භාවයෙන් චුතවෙත්. ‘මහණෙනි, මේ කාරණය පැහැදිලිව පෙනේ. එනම් එක්තරා සත්වයෙක් ඒ ශරීරයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. ඒ භවයට පැමිණ ගිහිගෙන් නික්ම මහණ වෙයි. ගිහිගෙන් නික්ම පිට ශාසනයකට ඇතුල්වූ ඔහු කෙලෙස් නසන වීර්යයට පැමිණ, ඒ වීර්යය නැවත නැවත දියුණුකර භාවනාවට පටන්ගෙන, අප්‍රමාදයට පැමිණ, යහපත් සිහිකිරීමට පැමිණ, හිත එකඟ කරගත් කල හිතෙහි ඉහත ආත්මයේ උත්පත්තිය සිහිකරන හිතේ එකඟකමක් ලබයි. එයින් ඔබ සිහි නොකෙරෙයි. ඔහු මෙසේ කියයි. ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම ‘පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්වභාවයට පැමිණියෙමි.’

අපරන්තකප්පිකා – 44

අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය ගැන විස්වාස ඇති, අනාගතය ගැන නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අනාගතය ගැන නොයෙක් ආකාර ඇදහීම් හතළිස් හතර ආකාරයකින් ප්‍රකාශ කරති.

මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා- හිත) ඇත්තේයයි  (දහසය ආකාරයකින්  මරණින් මතු ආත්මය ඇත)

  1. මරණින් මතු ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු  (සංඥා- හිත) ඇත්තේයයි ප්‍රකාශ කරති
  2. මරණින් මතු ආත්මය අරූපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු  (සංඥා- හිත) ඇත්තේයයි ප්‍රකාශ කරති
  3. මරණින් මතු ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි. නිත්‍යය, මරණින් මතු ලකුණු  (සංඥා- හිත) ඇත්තේයයි ප්‍රකාශ කරති
  4. මරණින් මතු ආත්මය රූපයක් නැත්තේමද, අරූප නැත්තේ නොවෙද වෙයි ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි
  5. මරණින් මතු ආත්මය කෙළවරක් නැත්තේ වෙයි
  6. මරණින් මතු ආත්මය කෙළවරක් ඇත්තේද නැත්තේද වෙයි.
  7. මරණින් මතු ආත්මය කෙළවරක් නැත්තේද නොම නැත්තේද වෙයි
  8. මරණින් මතු ආත්මය එකම ලකුණුවලින්  (සංඥා- හිත) යුතු වෙයි
  9. මරණින් මතු ආත්මය නොයෙක් ලකුණුවලින්  (සංඥා- හිත) යුතුවෙයි.
  10. මරණින් මතු ආත්මය ඉතා කුඩා ලකුණු  (සංඥා- හිත) වලින් යුතුවෙයි
  11. මරණින් මතු ආත්මය සීමාවක් නැති ලකුණෙන්  (සංඥා- හිත) යුතු වෙයි,
  12. මරණින් මතු ආත්මය නොඅනුමාන සැපයෙන් යුතු වෙයි.
  13. මරණින් මතු ආත්මය නොඅනුමාන දුකින් යුතු වෙයි
  14. මරණින් මතු ආත්මය දුක් සැප දෙකෙන් යුතුවෙයි
  15. මරණින් මතු ආත්මය නො දුකින් යුතු නො සැපෙන් යුතු වෙයි
  16. මරණින් මතු ආත්මය නිත්‍යයයි මරණින් මතු ලකුණු  (සංඥා- හිත) ඇත්තේය.

මරණින් මතු ලකුණු (සංඥා- හිත) නැතැයි අදහන්නෝව, මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු (සංඥා- හිත) නැත්තක් කොට ප්‍රකාශ කරත්, පෙන්වත්ද.

  1. මරණින් මතු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු (සංඥා- හිත) නැත්තේයයි ප්‍රකාශ කරත්.
  2. රූපය නැති ආත්මයක්වෙයි. එය ලකුණු (සංඥා- හිත) නැත්තේයයි ප්‍රකාශ කරත්
  3. රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි
  4. රූපය නැත්තාවුද අරූපය නැත්තාවුද ආත්මයක් වෙයි
  5. අන්තයක් ඇත්තාවුද ආත්මයක් වෙයි
  6. අන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි.
  7. අන්තයක් ඇත්තාවූද අන්තයක් නැත්තා වූද ආත්මයක් වෙයි
  8. අන්තයක් නොම ඇත්තාවූද, අන්තයක් නොම නැත්තාවූද, ආත්මයක් වෙයි. එය මරණින් මතු නිත්‍යවූ බැවින් ලකුණ (සංඥා- හිත) නැත්තේයයි.

මරණින් මතු ආත්මය ගැන නොම සංඥා (ලකුණු/හිත) ඇති, නොම අසංඥා (ලකුණක් නුවූදේ/හිත නුවූදේ) ඇතියයි අදහා මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි, ප්‍රකාශ කරද්ද

  1. මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්
  2. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්
  3. රූපිවූද අරූපිවූද ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්
  4. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා තිවූයයි ප්‍රකාශ කරත්
  5. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්
  6. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්
  7. කෙළවරක් ඇත්තාවූද කෙළවරක් නැත්තාවූද ආත්මයක් වෙයි එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්
  8. කෙළවරක් නැත්තා වූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති යයි ප්‍රකාශ කරත්.

නැතිවීයෑම (උච්ඡේදවාදය) විස්වාසකරන්නෝව සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරත්.

  1. සතර මහා භූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් නැතිවන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය.  මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවීයේය.” මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ නැතිවීම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරත්.
  2. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය. එය ඇත්තේ නැතැයි නොකියමි. ‘පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. ‘පින්වත, රූපයක් ඇති, කාම ලොකයෙහි හැසිරෙණ, කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයෙක් ඇත්තේය. එය ඔබ නොදනිහි, නොදකිහි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය නැතිවී ගියේ වෙයි.” මෙසේ යම්කිසි කෙනෙක් සත්වයාගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවීම ප්‍රකාශ කරත්.
  3. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, තා කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවනලද සියලු අවයව ඇති දැනීමට උපකාරවන නොපිරිහුණු අවයවයන් ඇති අනික් දිව්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි. එය මම දනිමි, දකිමි. ‘පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් සිඳෙන්නේද විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, එපමණකින් මේ ආත්මය මනාකොට නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම, විනාශය, භවයෙන් නැතිවී යෑම ප්‍රකාශ කරත්.
  4. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍යවූ හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැසෙන ලකුණු බැහීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ආකාශානඤ්චායතන, නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලොකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි, එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත’ මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම’ විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.
  5. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකාශානඤ්චායතනය’ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලොකයෙන් ඉක්මවී හිත කෙළවරක් නැතැයි ‘විඤ්ඤාණඤ්චායතනය’ නම් බ්‍රහ්ම ලොකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහී, නොදකිහි එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කාලයකදී ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයන්ගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.
  6. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. “පින්වත, හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ‘ආකිඤ්චඤ්ඤායතනය, නම්, බ්‍රහ්ම ලෝකයට පැමිණියාවූ ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. මම එය දනිමි, දකිමි පින්වත, යම්කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවීයන්නේද මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය නැතිවී ගියේයයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරයි.
  7. “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි, ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකිඤ්චඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලොකය ඉක්මකොට මෙය ශාන්තය මෙය මිහිරියයි ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. එය මම දනිමි. දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි” මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරති.

මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි.  ඔව්හු සත්ත්වයාගේ මේ ආත්මයෙහිම නිර්වාණය ප්‍රකාශ කරති.

  1. මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. “යම්දිනක මේ ආත්මය පඤ්චකාම ගුණයෙන් යුත්වූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි,” කියායි
  2. කම් සැප අනිත්‍යය, දුකය, පෙරළෙන ආකාරය – (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා, සෝක, වැලපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයක මේ ආත්මය කාමයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, සිත අරමුණට නගා අරමුණෙහි සිත හසුරුවා විවේකයෙන් හටගත් ප්‍රීති සහිත සැප ඇති පළමුවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, එපමණකින් මෙ ආත්මය මේ ආත්මයේදීම නිවනට පැමිණියේ වෙයි.’
  3. දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි. 
  4. තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.
  5. හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින්ම මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.
Arya Patipada Post Divider

බ්‍රහ්මජාලසූත්‍ර දේශනාව කියවන්න

Buddha Jayanthi Edition of Tripitka

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

Sinhala Tipitaka AP Zoysa Translation

සරල සිංහල ත්‍රිපිටකය

Arya Patipada Post Divider

බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න

බ්‍රහ්මජාල සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

බ්‍රහ්මජාල සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය උඩඊරියගම ධම්මජීවස්වාමින්වහන්සේවිසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

බ්‍රහ්මජාල සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේවිසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

මෙම ලිපියේ නිමාව සනිටුහන

සාධු… සාධු… සාධු…

මේ දුර්ලභ සූත්‍ර දේශනා උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.
මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම දේශනා ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම දේශනා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org