තුන්වන ධර්ම සංගායනාව

The Second Council

තුන්වන ධර්ම සංගායනාව
(සාහස්සිකා සංගීති)

සාහස්සිකා සංගීති නමින්ද, තුන්වන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට (326 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (රහතන් වහන්සේලා 1,000 නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)

  • කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 (444 B.C.) 
  • සංගායනාව පැවති කාලය : මාස 9.
  • සංගායනාව පැවති ස්ථානය : පැළලුප් නුවර, අශෝකාරාමය
  • සහභාගීත්වය : රහතන් වහන්සේලා 1,000 නමකගේ සහභාගීත්වයෙන්.
  • සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා: රහතන් වහන්සේලා දහස් (1,000) නමකගේ සහභාගිත්වය ඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.
  • සංගායනාව සඳහා ප්‍රධානත්වය : මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේ.
  • සංගායනාව සඳහා සහය වූ අනෙක් භික්ෂූන් : මහින්ද හිමි, මහා රක්ඛිත හිමි, මහා දේව හිමි
  • සංගායනාව සඳහා දායකත්වය (රාජඅනුග්‍රහය) : ධර්මාශෝක මහරජතුමා රාජ අනුග්‍රහය ලබා දුන්නේ ය.
  • සංගායනාව පැවැත්වූ ආකාරය:
    • ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු විමසා ඇත.
    • ධර්ම ප්‍රශ්න විමසීම – මොග්ගලීපුත්ත තිස්ස හිමි
    • සහය වූ අනෙක් භික්ෂූන් – මහින්ද හිමි, මහා රක්ඛිත හිමි, මහා දේව හිමි.

නිදානය - ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු

ආසන්නතම හේතුව:

  1. ලාභ සත්කාරයට ගිජු වූ අන්‍ය තීර්ථක පිරිස්, ජීවිකාව සඳහා සසුන්ගතවීම.
  2. දුසිල් මහණුන් නිසා සහ ශාසනය විනාශ කිරීම, සසුන පිරිහීමයි.
  3. සංඝයා අතර අසමගිය ඇතිවීම.

දුරස්ථ හේතුන්:

  1. බුදු සසුනට විරුද්ධව දියත් වූ කුමන්ත්‍රණ.
  2. දෙවන ධර්ම සංගායනාවේ ශක්තිය හීනවී තිබීම.
  3. බුද්ධ වචනය සම්බන්ධව ඇති වූ මතවාද.
  4. සර්වාස්තිවාදී භික්ෂූන්ගේ නැගීම.

දෙවන සංගායනාවේ ප්‍රතිඵල

  1. දුසිල් මහණුන් 60,000ක් ශාසනයෙන් නෙරපා හැරීම.
  2. නැවතී තිබූ පොහොය කර්ම නැවත ආරම්භ කිරීම, ශාසනික වත් පිළිවෙත් නැවත ඇරඹීම.
  3. ධර්මය සහ විනය සුරක්ෂිතවීම.
  4. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුප්පකරණය රචනා කිරීම.
  5. පරවාද මත 500ක් බිඳිමින් සකවාද මත 500ක් උද්දීපනය කරමින් කථාවත්ථු ප්‍රකරණය අභිධර්ම පිටකයට ඇතුළත් වීම.
  6. අභිධර්ම පිටකය සප්තප්‍රකරණයෙන් යුතුව සම්පූර්ණ කිරීම:-
    1. ධම්මසංගණී ප්‍රකරණය.
    2. විභංග ප්‍රකරණය.
    3. ධාතුකථා ප්‍රකරණය.
    4. පුද්ගල ප්‍රඤ්ඤප්ති ප්‍රකරණය.
    5. කථාවත්ථු ප්‍රකරණය.
    6. යමක ප්‍රකරණය.
    7. පට්ඨාන ප්‍රකරණය.
  7. ථෙරවාද සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය සම්පූර්ණ කිරීම.
  8. භාරතය තුළ හා ඉන් පිටත ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය ඇරඹීම (ධර්ම දූත සේවාව) ආරම්භ සිදු වීම. (නවරට සසුන් පිහිටුවීම).
  9. ථේරවාදී දහම නිර්මලත්වයට පත් කර ගැනීම.

ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය

  1. ථේරවාදයේ කොටස් කැඩීයෑම නතරවීම.
  2. ථේරවාදය අද දක්වාම ආරක්ෂාවීම.
  3. කථාවත්ථුප්‍රකරණය හරහා අභිධර්ම පිටකය සම්පූර්ණවීම සහ පෝෂණයවීම.
  4. ධර්ම දූත සේවාවන් හරහා බුදු දහම වෙනත් රටවල ව්‍යාප්තවීම

නව රට ධර්ම ව්‍යාප්තිය

ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි.

Dharma to Nine Countries

රට

ප්‍රධානත්වය

සුත්‍රය

කාශ්මීර ගන්ධාර
(නූතන පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය)

මජ්ඣන්තික තෙරණුවෝ

ආසිවිසෝපම සූත්‍රය

මහිස මණ්ඩලය
(නූතන ඉන්දියාව – මයිසූර්)

මහාදේව තෙරණුවෝ

දේවදූත සූත්‍රය

වනවාස දේශය
(නූතන ඉන්දියාව – තමිල්නාඩු)

රක්ඛිත තෙරණුවෝ

අනමතග්ග සංයුත්තය

අපරන්ත දේශය
(නූතන ඉන්දියාව – ගුජරාටය)

යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ

අග්ගික්ඛන්ධෝපම සූත්‍රය

මහා රට්ඨය
(නූතන ඉන්දියාව – මධ්‍යම)

මහා ධම්ම රක්ඛිත තෙරණුවෝ

මහානාරද කස්සප ජාතකය

යෝනක රට්ඨය/දේශය
(නූතන ග්‍රීසිය)

මහා රක්ඛිත තෙරණුවෝ

කාලකාරාම සූත්‍රය

හිමවන්ත ප්‍රදේශය
(නේපාලය සහ හිමාලය ආශ්‍රිත)

මජ්ඣිම තෙරණුවෝ

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ස්වර්ණභූමිය
(බුරුමය)

සෝණ, උත්තර යන තෙරුන් වහන්සේලා

බ්‍රහ්මජාල සූත්‍රය

තම්බපණ්ණිය
(ශ්‍රී ලංකාව)

මිහිඳු මහ රහතන් වහන්සේ

චූලහත්ථිපදපම සූත්‍රය

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top