බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා එ සමයෙහි කුසිනාරා පුර වුසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා …

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා Read More »

ආනන්ද බෝධිය රෝපණය

ආනන්ද බෝධිය රෝපණය භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි …

ආනන්ද බෝධිය රෝපණය Read More »

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම. මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත …

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම Read More »

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් …

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම Read More »

ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු

ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂුන් වහන්සේලා ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ වනාහී අප භාග්‍යවතුන් වහන්සේ පමණි. 1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ චිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි …

ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු Read More »

ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම

ශාක්‍ය කෝලිය යුද්‍ධය භාග්‍යවතුන් සංසිඳුවීම වස් වසා පවරා ඉක්බිති සැරි සරා වඩනා සාමි දරුවන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණි සේක්, න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. එසමයෙහි ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ …

ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම Read More »

නන්ද තෙරුන්

නන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ වසන සමයෙහි, ඉන් මාස කීපයකට පෙර කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ සිවුරු හැර ගිහි වීමට අදහස් කොට ඒ බව භික්ෂූනට දැන්වී ය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ පවත් දැන්වූහු. එවිට භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු කැඳවා ඒ පවත් සැබෑදැ” යි ඇසූ සේක. නන්ද …

නන්ද තෙරුන් Read More »

අනේපිඬු සිටුතුමා

සුදත්ත සිටු නම් අනේපිඬු සිටුතුමා උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම එ සමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා …

අනේපිඬු සිටුතුමා Read More »

රාහුල කුමරුන් මහණ කිරීම

රාහුල කුමරුන් මහණ කිරීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. රාහුල කුමරුන් මහණ කිරීම – බුද්‍ධත්වයෙන් දෙවෙනි වසැ සැටවක්දා   භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක. යශෝධරා දේවී …

රාහුල කුමරුන් මහණ කිරීම Read More »

කිඹුල්වත් පුර වැඩීම

කිඹුල්වත් පුර වැඩීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට අසරු දූත පිරිසක් යෙදී ය. බෝසතාණන් වහන්සේ යන එන හැම …

කිඹුල්වත් පුර වැඩීම Read More »

මහා කාශ්‍යපයන් වහන්සේ

මහා කාශ්‍යපයන් වහන්සේ මගධ රට මහා තීර්ථ නම් බමුණුගමැ කපිල නම් මහා ධනවත් බමුණකු ගේ පිප්පලී මානවක නම් පුතෙක් විය. තුරුණු විය පත් ඔහුට බමුණු කුමරියක පා වා දෙන්නට පිය බමුණා නියම කැරැගත්ය. මේ පිප්පලී මානවක බඹලොවින් චුත වැ මිනිස් ලොවැ උපන්නෙකි. කාමාශාව නැත්තෙකි. එහෙත් පියාගේ පෙරැත්තයෙන් බේරෙන පිණිස මට කුමරියක ගෙනෙතොත් මෙබඳු එකියක සොයා …

මහා කාශ්‍යපයන් වහන්සේ Read More »

රජගහ නුවර තල්වනයට වැඩීම

අගසවු තනතුරු දීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. අගසවු තනතුරු දීම, මහා ශ්‍රාවක සන්නිපාතය, පාමොක් දෙසීම්, නවම් මැදි පොහෝ දා මෙ දින වනාහි නවම් මස මැදි පොහෝ වී. එ දා සවස වේළුවනාරාමයෙහි මහා සංඝ සන්නිපාතයෙක් විය. උරුවේල කාශ්‍යපයන් …

රජගහ නුවර තල්වනයට වැඩීම Read More »

රජගහ නුවර තල්වනයට වැඩීම

රජගහ නුවර තල් වනය වැඩීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් …

රජගහ නුවර තල්වනයට වැඩීම Read More »

සැරියුත් මුගලන් දෙනම

සැරියුත් මුගලන් දෙනම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. භාග්‍යවතුන් වහන්සේ වෙත සැරියුත් මුගලන් දෙදෙනා පැමිණීම හා පැවිදිවීම නවම් මස පුර පෑලවිය දා   එ සමයෙහි සංජය නම් පරිව්‍රාජකයෙක් දෙසිය පනහක් පමණ වූ පිරිවැජි පිරිසකට නායකවැ රජගහ නුවර සමීපයෙහි පරිව්‍රාජකාරාමයෙකැ වෙසෙයි. …

සැරියුත් මුගලන් දෙනම Read More »

ජටාධර සහෝදර තවුසන් තිදෙනා

ජටාධර සහෝදර තවුසන් තිදෙනා උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. ඒ කාලයෙහි උරුවෙල් දනව්වෙහි උරුවිල්වාකාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යැ යි සහෝදර තවුසෝ තිදෙනෙක් නේරංජනා ගඟ අද්දර තාපසාරාම කොට ගෙන වසති. ඉන් උරුවිල්වාකාශ්‍යප නම් වැඩිමහලු තවුසාගේ පිරිස පන්සියයක් පමණ …

ජටාධර සහෝදර තවුසන් තිදෙනා Read More »

බිම්සර රජ හා පිරිස උපාසක වීම

බිම්සර රජ හා පිරිස උපාසක වීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. රජගහ පුර තල්වනයට වැඩීම භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් …

බිම්සර රජ හා පිරිස උපාසක වීම Read More »