ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂුන් වහන්සේලා

ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ වනාහී අප භාග්‍යවතුන් වහන්සේ පමණි.

 

1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝචිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි
2. සාරිපුත්ත තෙරණුවෝමහාප්‍රාඥයන් අතුරෙන් අග්‍රයි
3. මොග්ගල්ලාන තෙරණුවෝසෘද්‍ධිමතුන් අතුරෙන් අග්‍රයි
4. මහාකස්සප තෙරණුවෝධූතවාදීන් අතුරෙන් අග්‍රයි
5. අනුරුද්‍ධ තෙරණුවෝදිවැස් ඇත්තන් අතුරෙන් අග්‍රයි
6. කාලිගොධාපුත්ත භද්දිය තෙරණුවෝඋසස් කුලයෙහි උපන්නන් අතුරෙන් අග්‍රයි
7. ලකුණ්ට භද්දිය තෙරණුවෝමධුරස්වර ඇත්තන් අතුරෙන් අග්‍රයි
8. පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝසිංහනාද කරන්නන් අතුරෙන් අග්‍රයි
9. පුණ්ණ (මන්තානි පුත්ත) තෙරණුවෝධර්ම කථිකයන් අතුරෙන් අග්‍රයි
10. මහාකච්චායන තෙරණුවෝකොටින් කී දෙයක් විස්තර කිරීමෙහි සමතුන් අතුරෙන් අග්‍රයි
11. චුල්ලපන්ථක තෙරණුවෝමනෝමය රූප නිර්මාණයෙහි සමර්ථයන් අතුරෙන් අග්‍රයි
12. මහාපන්ථක තෙරණුවෝඅරූපධ්‍යානයෙන් නැගිට රහත් වුවන් අතුරෙන් අග්‍රයි
13. සුභූති තෙරණුවෝනොකිලිටි විහරණ ඇත්තන් අතුරෙන් අග්‍රයි
14. සුභූති තෙරණුවෝදක්ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයි
15. රේවත (ඛදිරවනිය) තෙරණුවෝආරණ්‍යකයන් අතුරෙන් අග්‍රයි
16. කඞ්ඛාර්වත තෙරණුවෝධ්‍යානයෙහි ඇලුණවුන් අතුරෙන් අග්‍රයි
17. සෝණ (කෝළිවිස) තෙරණුවෝආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍රයි
18. සෝන (කුට්කණ්ණ) තෙරණුවෝමනාප කථා ඇත්තවුන් අතුරෙන් අග්‍රයි
19. සීවලී තෙරණුවෝලාභීන් අතුරෙන් අග්‍රයි
20. වක්කලී තෙරණුවෝඅධික ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රයි
21. රාහුල තෙරණුවෝශික්ෂාකාමීන් අතුරෙන් අග්‍රයි
22. රට්ඨපාල තෙරණුවෝශ්‍රද්ධායෙන් පැවිදි වූවන් අතුරෙන් අග්‍රයි
23. කොණ්ඩධාන තෙරණුවෝපළමු කොට සලාකා ගන්නන් අතුරෙන් අග්‍රයි
24. වංගීස තෙරණුවෝවැටහෙන නුවණ ඇත්තවුන් අතුරෙන් අග්‍රයි
25. උපසේන (වංගන්ත බ්‍රාහ්මණ පුත්) තෙරණුවෝසියල්ලෙන් ප්‍රසාද එලවන සුලු තැනැත්තන් අතුරෙන් අග්‍රයි
26. දබ්බ(මල්ල පුත්ත) තෙරණුවෝසෙනසුන් පණවන්නන් අතුරෙන් අග්‍රයි
27. පිළින්දිවච්ඡ තෙරණුවෝදෙවියනට ප්‍රිය වූවන් අතුරෙන් අග්‍රයි
28. බාහිය (දාරුවීරිය) තෙරණුවෝවහා අභිඥා ලද්දන් අතුරෙන් අග්‍රයි
29. කුමාරකස්සප තෙරණුවෝවිචිත්‍ර කථිකයන් අතුරෙන් අග්‍රයි
30. මහා කොට්ඨිත තෙරණුවෝප්‍රතිසංචිත් ප්‍රාප්තයන් අතුරෙන් අග්‍රයි
31. ආනන්ද ස්ථවිර තෙරණුවෝ
  • උපස්ථායකයන් අතුරෙන් අග්‍රයි
  • ධාරණ ස්මෘති ඇත්තන් අතුරෙන් අග්‍රයි
  • භාග්‍යවතුන් වහන්සේ වදාළ තාක් එ සේ ම දැනගැන්මෙහි සමර්ථයන්, වීර්යවතුන් අතුරෙන් අග්‍රයි
32. උරුවේල කස්සප තෙරණුවෝමහ පිරිස් ඇත්තවුන් අතුරෙන් අග්‍රයි
33. කාළුදායි තෙරණුවෝකුලයන් සස්න කෙරේ පහදවන්නන් අතුරෙන් අග්‍රයි
34. බක්කුල තෙරණුවෝනීරෝගයන් අතුරෙන් අග්‍රයි
35. සෝහිත තෙරණුවෝපුර්වනිවාසය සිහි කරන්නන් අතුරෙන් අග්‍රයි
36. උපාලි තෙරණුවෝවිනයධරයන් අතුරෙන් අග්‍රයි
37. නන්දක තෙරණුවෝ තෙරණුවෝමෙහෙණියනට අවවාද කරන්නන් අතුරෙන් අග්‍රයි
38. නන්ද තෙරණුවෝඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවන් අතුරෙන් අග්‍රයි
39. මහාකප්පින තෙරණුවෝභික්ෂ්වවවාදකයන්  අතුරෙන් අග්‍රයි
40. සාගත තෙරණුවෝතේජෝධාතු සමවතට සමවදන වුන් අතුරෙන් අග්‍රයි
41. රාධ තෙරණුවෝධර්මදේශනා වැටැහීමට ප්‍රත්‍යය වූ දෘෂ්ටි සමුදාචාරාදිය ඇත්තන් අතුරෙන් අග්‍රයි
42. මෝඝරාජ තෙරණුවෝරූක්ෂ සිවුරු දරන්නන් අතුරෙන් අග්‍රයි

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය  ඉදිරිපත් කළ මහත්මට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top