හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය.
“දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටිෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටිෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්යියක් නමි…”
මේවා අති විශාල අගයක් දරණ සංඛ්‍යාය උදාහාරණ ලෙස මහා කාථානයකට 1යි බිංදු 133ක් ලෙසිය යුතුය. හින්දු අරබි ක්‍රමයට මෙවැනි විශාල සංඛ්‍යා ලිවීමේදී පිටු පිරීවට සිදුවනු ඇත. නමුත් බිංදුව රහිතව සංකේත මගින් ලියන්නාවූ සිංහල ඉලක්කම් වලින් පහසුවෙන් එක සංකේතයකින් මේ විශාල සංඛාවක් නමුදු ලිවිය හැකිය.