ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු රාජධානිවලින් පැමිණි තැනැත්තන් විය.

පූර්ව-ඉස්ලාමීය ඉරානය

සැසේනීය පාලන සමයේ ඔවුන් සතු වූ විශාල අධිරාජ්‍යය තුළ බෞද්ධයින් හට හිංසා කිරීම් සිදුව තිබේ. එයට හේතුව ක්‍රි.ව. 224දී ඔවුන් සිය රාජ්‍ය ආගම ලෙස සරතුස්ත්‍ර ආගම ප්‍රකාශයට පත් කිරීමයි. මේ නිසා ඉන් පසුව එළැඹි කාල සීමාව තුළ මධ්‍ය ආසියාවේ පිහිටා තිබූ බොහෝ වැදගත් බෞද්ධ පුද බිම් ගිනිබත් කිරීම සිදු විය. වර්තමාන මධ්‍ය ආසියානු ප්‍රදේශයට අයත් සැසේනියානු භූමියේ වඩාත් නැගෙනහිරට වන්නට පිහිටා තිබූ නිරුපද්‍රිත බෞද්ධ පුද බිම් පසුකාලීනව 5වන සියවසේ දී සුදු හන්වරුන් විසින් ආක්‍රමණය කරන ලදී.

අරාබි ආක්‍රමණ සහ පරිහානිය

7වන සියවසේ මැදි භාගයේ පමණ අරාබි ආක්‍රමණ එල්ල වන විට, නැගෙනහිර ඉරානියානු ලෝකයේ ජීවත් වූ ජනතාවගෙන් වැඩි පිරිසක් බෞද්ධයෝ වූහ. ඇෆ්ගනිස්ථානය වැදගත් බෞද්ධ පුද බිම් රැසකින් පොහොසත් විය. මීට අමතරව තවතබෞද්ධ පුජනීය ස්ථාන රැසක් තුර්ක්මෙනිස්ථානය, උස්බෙකිස්ථානය, ටජිකිස්ථානය, සහ ඉරානය යන රටවලට අයත් බිම් තුළින් හමුවී ඇත. අරාබි ආක්‍රමණ හේතුවෙන් නැගෙනහිර ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බුදු සමයේ අවසන් බිඳවැටීම සිදු විය. නමුත් 8 වන සහ 9 වන සියවස් තෙක්ම බාමියන් සහ හඩ්ඩා වැනි පුද බිම් රැසක් විනාශ නොවී පැවතිණි. 

තරුණ වියේ දී බෞද්ධ අධ්‍යාපනය ලද මොංගෝල පාලකයකු වූ ඝසාන් ක්‍රි.ව. 1295 දී, ඉස්ලාම් ආගම වැළඳ ගත්තේ ය. අනතුරුව ඉස්ලාම් ආගම මිය ඉල්ඛානේට් රාජ්‍යයේ රාජ්‍ය ආගම බවට ප්‍රකාශ කළේ ය. මීට අමතරව ඔහු විසින් බුදු දහම ඇදහීම තහනම් කරන ලදී. නමුත් බෞද්ධ භික්ෂූන් හට අසල්වැසි බෞද්ධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමට ඔහු අවසර ලබා දුන්නේ ය.

වර්තමානය

මෑතකාලීන වර්ෂවල පශ්චාත්-විප්ලවවාදී යුගයේ කොටසක් ලෙස බෞද්ධ අදහස් සහ චාරිත්‍ර ඉරානයේ නොයෙකුත් විශ්වාසයන් තුළ ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම ඉරානවරුන් තුළ බුදු දහම කෙරෙහි කිසියම් උනන්දුවක් ඇතිව තිබෙන බැව් පෙනේ. සොහ්රාබ් සපේරිගේ ඇතැම් කාව්‍ය නිර්මාණ තුළ ද බෞද්ධ ආභාසය දක්නට ලැබේ

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top