Solosmasthanaya

සොළොස්මස්ථානය

ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා‍‍වේ පූජනීය වු ස්ථාන දහසයක් (16), සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහත පරිදි වේ.

සොලොස්මස්ථානය වදින ගාථාව:

මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි – අහං වන්දාමි සබ්බදා.

සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන:

  1. මහියංගන‍ය
  2. නාගදීපය
  3. කැළණිය
  4. ශ්‍රී පාදස්ථානය
  5. දිවා ගුහාව
  6. දීඝවාපිය
  7. මුතියංගනය
  8. තිස්ස මහා විහාරය
  9. ශ්‍රී මහා බෝධිය
  10. මිරිසවැටිය
  11. රුවන්වැලි සෑය
  12. ථූපාරාම‍ය
  13. අභයගිරිය
  14. ජේතවනාරාමය
  15. ශෛල චෛත්‍යය
  16. කතරගම කිරි වෙහෙර

ඔබගේ අදහස් සහ යෝජනා අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. කරුණාකර මෙම පිටුව සඳහා ඔබගේ අදහස් සහ යෝජනා යොමු කරන්න.

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org