තිසරණ සරණ යෑම
පංච සීලය, ආජීවාෂ්ටමක සීලය
උපෝසථ අෂ්ටාංග, නවාංග, දසාංග සීලය

ගිහි සීලය

ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන් ද සිටි බව ත්‍රිපිටකයෙහි සඳහන් වේ.
( දීඝනිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය )

 

ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය සීලය තිසරණ සහිත පංචසීලය යි. ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන්ගේ සීලයෙහි ප්‍රභේද සතරකි.

එනම් :-

  1. තිසරණ සහිත ආදිබ්‍රහ්මචරියක පංච සීලය,
  2. තිසරණ සහිත උපෝසථ අෂ්ටාංග සීලය,
  3. තිසරණ සහිත උපෝසථ නවාංග සීලය,
  4. තිසරණ සහිත උපෝසථ දසාංග සීලය යි.

මෙම සීලයන් සමාදන් වීමේදී පලමුව උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට තෙවරක් නමස්කාර කර තිසරණ සමාදන් වී තමා කැමති සීලය නිවැරදිව උච්චාරණය කර කියා සමාදන් විය යුතු ය. 

උපෝසථ සීලයක් සමාදන්ව පැය 24 ක කාලයක් සිටීමෙන් පූර්ණ උපෝසථයක් සපිරෙයි. පැය 24 ක කාලයක් සිටීමට වීර්යය මඳ පුද්ගලයා විසින් අවම වශයෙන් පැය 12 ක කාලයක් එම උපෝසථ සීලය රැකිය යුතුය. එවිට එය අර්ධ උපෝසථයක් ලෙස හැඳින්වේ. එයට අඩු කාලයක උපෝසථ සිල් රැකීමක් ත්‍රිපිටකයෙහි සඳහන් නොවේ.

තිසරණ සරණ යෑම

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

 

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

 

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

පංච සීලය

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  3. කාමේසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

ආදිබ්‍රහ්මචරියක පංච සීලය

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

ප්‍රඥා සම්පන්න ධෛර්ය සම්පන්න ගිහියා විසින් කාමයෙහි හැසිරීම ගිනි අඟුරු වලක් සෙයින් දැක බ්‍රහ්මචාරී ව සිටිය යුතු බව ද, එපමණ ශක්තිය නොමැත්තා විසින් අවම වශයෙන් අනුන් සතු ස්ත්‍රීන් කරා නොයා යුතු බව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එම නිසා සෑම දෙනා ම තම තමාට හැකි උපරිම සීලය රැකිය යුතු ය. ( සුත්තනිපාතය – චූලවර්ගය – ධම්මික සූත්‍රය )

ආජීවාෂ්ටමක සීලය (ආජීව අෂ්ටමක සීලය) *

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  3. කාමේසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි **
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  5. පිසුණාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  6. ඵරුසාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  7. සම්පප්ඵලාපා වෙරමණි සික්ඛාපදං සමාදියාමි
  8. මිච්ඡා ආජීවා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

**  බ්‍රහ්මචරියාවෙහි හැසිරීමේ හැකියාව ඇති අය “අබ්‍රහ්මචරියා වේරමණී” යනුවෙන් සමාදන් වීම සුදුසුයි.

* ආජීවාෂ්ටමක සීලය (ආජීව අෂ්ටමක සීලය) සම්බන්ධව වැදගත් හා සිතන්නට යමක්:

කරුණාකර මෙම කරුණු සම්බන්ධව ඔබත් සොයා බලන්න…..

උපෝසථ අෂ්ටාංග සීලය (අටසිල් )

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  8. උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

උපෝසථ අෂ්ටාංග සීලය (අටසිල් ) සමාදන්වන ආකාරය හා පිලිපැදිය යුතු වත් පිළිවෙත් ගැන වැඩිදුර දැනගැනීම සඳහා අටසිල් සමාදන්වන ආකාරය විස්තර කරනු ලබන ලිපිය පරිශීලනය කරන්න. 

උපෝසථ නවාංග සීලය

Uposatha Nawanga Silaya
  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භොජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  8. උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  9. සබ්බ සත්තෙසු මෙත්තා සහගතෙන චෙතසා විහරණං සමාදියාමි.

උපෝසථ නවාංග සීලය සමාදන්වන ආකාරය හා පිලිපැදිය යුතු වත් පිළිවෙත් ගැන වැඩිදුර දැනගැනීම සඳහා නවාංග උපෝසථ සීලය සමාදන්වන ආකාරය විස්තර කරනු ලබන ලිපිය පරිශීලනය කරන්න. 

උපෝසථ දසාංග සීලය (දස සිල් )

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූකදස්සනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  8. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  9. උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
  10. ජාත රූප රජත පටිග්ගහණා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
Uposatha Dasanga Silaya

උපෝසථ දසාංග සීලය (දස සිල් ) සමාදන්වන ආකාරය හා පිලිපැදිය යුතු වත් පිළිවෙත් ගැන වැඩිදුර දැනගැනීම සඳහා දස සීලය සමාදන්වන ආකාරය විස්තර කරනු ලබන ලිපිය පරිශීලනය කරන්න. 

ඉදිරි ලිපිවලින් අටසිල්නවාංග උපෝසථ සිල් සහ දස සිල් සමාදන්ව න ආකාරය හා පිලිපැදිය යුතු වත් පිළිවෙත් ගැන විස්තර ඉදිරිපත් කිරීමට හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top