Kusala Muka Pajanathi

කුසලඤ්‌ච, කුසලමූලඤ්‌ච පජානාති

- සිංහල අටුවාවේ ඇති විග්‍රහය -

සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන්

කුසලඤ් පජානාති,  – (කුසලයත් විශේෂයෙන් දැනගනී)

දස කුසල කර්මපථසංඛ්‍යාත වූ කුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]

කුසලමූලඤ් පජානාති – (කුසල මූලයත් විශේෂයෙන් දැනගනී)

ඒ දුකට මූලප්‍රත්‍යයවු කුසලයද ඒ ප්‍රකාරයෙන්ම මේ දුක්ඛ සමුදය, යි  ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]

පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2]  (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]

කුසලය අකුසලය දැනගත යුත්තේ එය ලක්ෂණ වශයෙන්:
  1. සාවද්‍ය ලක්ෂණ
  2. කුඩා ප්‍රාණයෙහි අල්ප සාවද්‍ය.  මහත්වූ ශරීරයෙහි මහාසාවද්‍ය. කුමක් හෙයින්ද ප්‍රයෝගය මහත් බැවිනි.  ප්‍රයෝගය සමව ඇති කල්හි ද වස්තුහුගේ මහත් බැවින්, ගුණවත් වූ මනුෂ්‍යාදීන් අතුරෙන් මඳගුණ ඇති ප්‍රාණයෙහි අල්ප සාවද්‍යය. මහත්වූ ගුණ ඇති ප්‍රාණයෙහි මහා සාවද්‍යය. ශරීරගුණයන්ගේ සමව ඇති කල්හි ක්ලේශයන්ගේ ද උපක්‍රමයන්ගේ මෘදු බැවින් අල්ප සාවද්‍යය තීව්‍ර බැවින් මහාසාවද්‍ය වේ.

  3. දුක්ඛ විපාක ලක්ෂණ
  4. සංක්ලේශ ලක්ෂණ වශයෙනි
කුශලය කවරේද? කුශලමූලය කවරේ ද? 

කුශලය කවරේද ?

  1. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි.
  2. අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි.
  3. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශලයෙකි
  4. මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි.
  5. පිසුණවචනයෙන් වෙන් වීම කුශලයෙකි.
  6. ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි.
  7. සම්ඵප්පලාපයෙන් වෙන් වීම කුශලයෙකි.
  8. අනභිධ්‍යාව කුශලයෙකි.
  9. අව්‍යාපාදය කුශලයෙකි.
  10. සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි
ත්‍රිවිධ විරතිය
විරතිය තුන් ආකාරයකි
  1. සම්පත්ත විරති –
  2. ශික්ෂාපද සමාදන්ව නොවී තමාගේ ජාතිය වයස බව ආදිය කල්පනා කොට අපට මෙබඳු දේ නොකළ යුතු යි සිතා එසේ නොකරන්න උපදින්නා වූ වැළකීම.

  3. සමාදාන විරති –
  4. සමාදන් වූ ශික්ෂාපද ඇති,  ශික්ෂාපද සමාදන් වූ කාලයෙහි ද එයින් මත්තෙහි ද තමාගේ ජීවිතය පූජා කොට මෙබඳු දේ නොකළ යුතු යි සිතා එසේ නොකරන්න උපදින්නා වූ වැළකීම.

  5. සමුච්ඡේද විරති –
  6. ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත (එක්ව යෙදුණු) වැලකීම

විරති = ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම [1] විරමණය, වැලකීම [2]
ආරති = ඉවත් වීම; වෙන්වීම [1] නොඇලීම, වැළකීම, “ආරතිවිරති පාපා මජ්ජපානාච සංයමො” [2]
වෙරමණී = නොකර හැරීම; වෙන්ව පැවතීම. [1]
වෙන්වීම, තුරන් වීම, අහක් වීම. [2]
වේරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුක්තව විරති (වැළකී සිටීම) යයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසල් සිත හා යෙදුනු වැළකී සිටීම [3]
විරහිත = ඉවත් වූ; නැති; හිස් වූ. [1] රහිත, නැති. [2]
විරහිත වූවාහුද = වැලකී සිටි

දස කුසල කර්මපථයන්ගේ පස් ආකාර විනිශ්චය.
    1. ධර්ම (ධම්ම) වශයෙන්
    2. කොට්ඨාස වශයෙන්
    3. ආරම්මණ වශයෙන්
    4. වේදනා වශයෙන්
      1. දුඃඛ වෙදනා
      2. සුඛ වෙදනා
      3. මධ්‍යස්ථ වෙදනා
    5. මූල වශයෙන්
      1. අලෝභ මූල
      2. අද්වේෂ මූල
      3. අමෝහ මූල

යැ යි පස් ආකාරයෙකින් විනිශ්චය දතයුතුය.

කුශලයධර්මකොට්ඨාසආරම්මණවේදනාමූල
ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.ජීවිතෙන්ද්‍රියාරම්මණ වශයෙන් සංස්කාරාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.ස්පර්ශ වශයෙන් සංස්කාරාරම්මණ (සත්වාරම්මණ)

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
මුසාවාදයෙන් වෙන් වීම

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
පිසුණවචනයෙන් වෙන් වීම

ඵරුසවචනයෙන් වෙන් වීම

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
සම්ඵප්පලාපයෙන් වෙන් වීම

චේතනා වූවාහුද, විරහිත වූවාහුද

(චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි)

කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත  වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ
අනභිධ්‍යාවචේතනා සම්ප්‍රයුක්ත

කර්මපථයෝද මූලයෝද වෙති.

අනභිධ්‍යාව කුසල මූලයක්  බවට පැමිණ අලෝභ කුසල මූල වේ

දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත  වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙන් වූවන් හට ද්විමූල වේ. ඥාන විප්පයුත්ත චිත්තයෙන් ඒකමූල ද වේ
අව්‍යාපාදයචේතනා සම්ප්‍රයුක්ත

කර්මපථයෝද මූලයෝද වෙති.

අව්‍යාපාදය කුසල මූලයක් බවට පැමිණ අදොස කුසල මූල වේ

සත්වාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

ඥානසම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙන් වූවන් හට ද්විමූල වේ. ඥාන විප්පයුත්ත චිත්තයෙන් ඒකමූල ද වේ
සම්‍යග්දෘෂ්ටියචේතනා සම්ප්‍රයුක්ත

කර්මපථයෝද මූලයෝද වෙති.

සම්‍යග්දෘෂ්ටිය කුසල මූලයක්  බවට පැමිණ අමෝහ කුසල මූල වේ

ත්‍රෛභූමක ධර්ම වශයෙන් සත්වාරම්මණ

සුඛ වෙදනා හෝ

මධ්‍යස්ථ වෙදනා

සම්මා දෘෂ්ඨිය අලෝභ අද්වේෂ විසින් ද්විමූල වේ
කුශලමූලය කවරේ ද?

කුශලමූලය කවරේ ය?

  1. අලොභය කුශලමූලයෙකි.
  2. අද්වේෂය කුශලමූලයෙකි.
  3. අමොහය කුශලමූලයෙකි.

[*] අලොභය, තෙමේ තමා හට මූල නොවේ
[*] අව්‍යාපාදය තෙමේ තමා හට මූල නොවේ

ආර්ය සත්‍ය විස්තරය

පර්ය්යාය (පරියාය) = ආකාරය; එක් අර්ථයක් ඇති වෙනස් වචන; කෙළින් නොකියා අන්‍ය වචනවලින් කීම; දහම් කොටස; පිළිවෙළ; මාරු වී එන වාරය; වටේ යාම; සමානාර්ථ ඇති වචනය. [1] හේතුව, කාරණය, දේශනා, වාරවේවචන, සමානාර්ථ ශබ්දය, ප්‍රකාර ප්‍රස්තාව. [2]

නිෂ්පර්ය්යාය = ?????

  1. අභිධ්‍යාව හැර දස අකුසල් කර්මපථයෝ දුක්ඛ සත්‍ය වේ.
  2. අභිධ්‍යාව සහ ලෝභය යන අකුසල් මූල ධර්මයෝ දෙදෙනා නිෂ්පර්‍ය්‍යාය වශයෙන් සමුදය සත්‍ය වේ.

    පර්‍ය්‍යාය වශයෙන් සියලුම කර්මපථයෝ දුක්ඛ සත්‍ය වේ.
    සියලුම කුසලාකුසල මූලයෝ සමුදය සත්‍යය වේ
  1. කුසලාකුසල මූලයෝ දෙදෙනාගේ නොපැවතීම නිරෝධ සත්‍යය වේ
  1. දැක හාත්පසින් දැන්ගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය දැනගන්නා වූ ආර්ය මාර්ගය තෙමේ මාර්ග සත්‍යය වේ.

[*] මෙහි සත්‍ය වූ දෙදෙනෙක් ස්වරූපයෙන් කියන්න ලද්දාහුය.
[*] දෙදෙනෙක් අවෘත්තහාර වශයෙන් කියන ලද්දාහුය.

පාලි – සිංහල ශබ්දකෝෂය

පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2]  (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]

සම්පයුක්ත = එක්ව යෙදුණු; යුක්ත වූ [1]
විප්පයුත්ත =  එකට නොයෙදුණු; වෙන් වූ [1] වෙන් කළ [2]
ධම්ම = ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය. [1] ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. [2]
කොට්ඨාස =  කොටස. [1] කොටස, භාගය, එනම් වාතය. [2]
ආරම්මණ = අරමුණ; සිත පිහිටීමට උපකාර වන රූප ශබ්දාදිය. [1] අරමුණ, කාරණය, ගෝචරය. [2]

වෙදන = විදීම. [2]
වෙදනා = විඳීම; වේදනාව; සැපදුක් විඳීම. [1] තුෂ්ටිය, පීඩාව, විඳීම. [2]

මූලක = මුල් කොට ඇති [1]
වි = විවිධාර්‍ථ, අතිශය, අභාව, ඓශ්වර්‍ය්‍ය, අතික්‍ර‍ම, විරහ, විවාද, පාදුර්‍භාව, සන්තොෂ කුත්සාර්‍ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්‍ර‍ධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්‍ථ යනාදියෙහි. [2]

ද්වි = දෙක [1]
ද්වි මූලක = මූල දෙකක්; මුල් කොට ඇති දෙකක්
විමූලක = විවිධ මූල, විවිධ මූල මුල්කොට ඇති
දෙමූලික = මූල දෙකක් ?????

ලොභය = ගිජු වීම [3] , ආශාව; තෘෂ්ණාව; ලෝභය [1] ලොබ, ලෝභය. [2]
දොස =  කෝපය; දෝෂය; වරද. [1] දෝෂ, ක්‍රෝධය, නුගුණ, දොස්. [2]
මොහ = අවිද්‍යාව; මුළාව; මෝඩකම. [1] මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්‍යාව. [2]

විරති = ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම [1] විරමණය, වැලකීම [2]
ආරති = ඉවත් වීම; වෙන්වීම [1] නොඇලීම, වැළකීම, “ආරතිවිරති පාපා මජ්ජපානාච සංයමො” [2]
වෙරමණී = නොකර හැරීම; වෙන්ව පැවතීම. [1]
වෙන්වීම, තුරන් වීම, අහක් වීම. [2]
වේරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුක්තව විරති (වැළකී සිටීම) යයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසල් සිත හා යෙදුනු වැළකී සිටීම [3]
විරහිත = ඉවත් වූ; නැති; හිස් වූ. [1] රහිත, නැති. [2]
විරහිත වූවාහුද = වැලකී සිටි

[1] පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය.
[2] මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය
[3] සිංහල අටුවාව, සම්මා දිට්ඨි සූත්‍රය වර්ණනාව

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top