කිසියම් පිංකමක් අවසානයේදී සංඝයා වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනෝ”…. යනාදී වශයෙන් ආශීර්වාද ගාථාව සජ්ජායනා කරන විට බහුතරයක් ගිහි පින්වතුන් නොදැනුවත් කම නිසා සංඝයා වහන්සේ අනුව යමින් එම ආශීර්වාද ගාථාව මුමුණති.
නමුත් විය යුත්තේ වැඳගෙන ගාථාව ශ්‍රවණය කර එම සජ්ඣායනය අවසන් වනවාත් සමඟම සාදුකාර පවත්වා, ඉන් අනතුරුව “සීලවන්තං ගුණ වන්තං – පුඤ්ඤඛෙත්තං අනුත්තරං ……” යනාදී වශයෙන් වන මහා සංඝරත්නය වන්දනා කිරීමේ ගාථාව ‘අඤ්ඤා කොන්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ, සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලා, ආනන්ද මහා රහතන් වහන්සේ, සීවලී මහ රහතන් වහන්සේ, ආදී වශයෙන් වූ ආර්ය මහා සංඝරත්නයෙන් පැවත එන්නාවූ අංග අටකින් යුක්ත වූ මහා සංඝරත්නය නමස්කාර කරමියි, වන්දනා කරමියි…….’; කියා අචල වූ ශ්‍රද්ධාවකින්, ගෞරවයකින් හඬනගා සජ්ජායනා කර සංඝයා වහන්සේ වන්දනා කිරීමයි.