April 3, 2020 April 19, 2020 සම්මාදිට්ඨිය - සිංහල අටුවාවේ ඇති විග්‍රහය - සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් සම්මාදිට්ඨි තොමෝ විවිධ වේ. ලෞකික සම්මා දිට්ඨිය කර්ම ස්වකෘත ඥානය ද, සත්‍යානුලොම්ක ඥානය ද, ලෞකික සම්මා දිට්ඨිය නම් වේ. කෙටියෙන් නම් සියලුම ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වූ ප්‍රඥාතොමෝ යි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය මාර්ග ඵලයන් හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාතොමෝ යි සම්මාදිට්ඨි පුද්ගලයන් තුන් ආකාරයක් වේ. පෘථජ්ජන පුද්ගලයන් බාහිරක – කර්මවාදි වුයේ, කර්ම ස්වකෘත දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටිවුයේ වේ. සත්‍යානුලොම්ක දෘෂ්ටියෙන් නොවේ. ආත්මදෘෂ්ටිය පරාමර්ශනය කරන බැවිනි. ශාසනික – ස්වකෘතදෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටිවුයේ වේ. සත්‍යානුලොම්ක දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටිවුයේ වේ. ශෛක්ෂය පුද්ගලයන් නියත වූ සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටි වුයේ වේ. අශෛක්ෂය පුද්ගලයන් අශෛක්ෂය සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටි වුයේ වේ. පාලි – සිංහල ශබ්දකෝෂය මිච්ඡාදිට්ඨි = වැදි අවබෝධය; වැරදි ඇදහීම. [1] මිථ්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම. [2]සම්මාදිට්ඨි = නිවැරදි ඇදහීම [1] සම්‍යග් දෘෂ්ටිය, නිවරදි දැක්ම. [2]ශෛක්ෂය = සෙක්ඛ, හික්මෙන්න [1]අශෛක්ෂය = (අසෙක්ඛ, හික්මී අවසන් කල තැනැත්තා, රහතන්වහන්සේ [1]මිච්ඡාදිට්ඨි = තත් වූ පරිද්දෙන් ගැනීමක් නැති බැවින් වරදවා දැකීම. [3]සම්මාදිට්ඨි = තත් වූ පරිද්දෙන් ගැනීමක් ඇති බැවින් නිවැරදි දැකීම. [3]සම්මාදිට්ඨි = සම්‍යග් දෘෂ්ටි = නිවැරදි ඇදහීම = නිවැරදි දැක්ම [1] පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය.[2] මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය[3] සිංහල අටුවාව, සම්මා දිට්ඨි සූත්‍රය වර්ණනාව මුල් පිටුව සම්මාදිට්ඨි සූත්‍රය ලිපියේ ඉහලට අකුසලඤ්ච මූලඤ්ච පජානාති By Rasika Nambagodagewww.aryapatipada.org