Akusala Mula Pajanathi

අකුසලඤ්‌ච, අකුසලමූලඤ්‌ච පජානාති

- සිංහල අටුවාවේ ඇති විග්‍රහය -

සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන්

අකුසලඤ් පජානාති – (අකුසලයත් විශේෂයෙන් දැනගනී)

දස අකුසල කර්මපථසංඛ්‍යාත වූ අකුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]

 

අකුසලමූලඤ් පජානාති, – (අකුසලමූලයත් විශේෂයෙන් දැනගනී)

ඒ දුකට මූලප්‍රත්‍යයවු අකුසලයද ඒ ප්‍රකාරයෙන්ම මේ දුක්ඛ සමුදය, යි  ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]

පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2]  (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]

කුසලය අකුසලය දැනගත යුත්තේ එය ලක්ෂණ වශයෙන්:
  1. සාවද්‍ය ලක්ෂණ
  2. කුඩා ප්‍රාණයෙහි අල්ප සාවද්‍ය.  මහත්වූ ශරීරයෙහි මහාසාවද්‍ය. කුමක් හෙයින්ද ප්‍රයෝගය මහත් බැවිනි.  ප්‍රයෝගය සමව ඇති කල්හි ද වස්තුහුගේ මහත් බැවින්, ගුණවත් වූ මනුෂ්‍යාදීන් අතුරෙන් මඳගුණ ඇති ප්‍රාණයෙහි අල්ප සාවද්‍යය. මහත්වූ ගුණ ඇති ප්‍රාණයෙහි මහා සාවද්‍යය. ශරීරගුණයන්ගේ සමව ඇති කල්හි ක්ලේශයන්ගේ ද උපක්‍රමයන්ගේ මෘදු බැවින් අල්ප සාවද්‍යය තීව්‍ර බැවින් මහාසාවද්‍ය වේ.

  3. දුක්ඛ විපාක ලක්ෂණ
  4. සංක්ලේශ ලක්ෂණ වශයෙනි
අකුශලය කවරේද? අකුශලමූලය කවරේ ද? 

අකුශලය කවරේද ?

  1. ප්‍රාණඝාතය
  2. අදත්තාදානය
  3. මිත්ථ්‍යාචා
  4. මුසාවාදය
  5. පිසුණවචනය
  6. ඵරුසවචනය
  7. සම්ඵප්පලාපය
  8. අභිධ්‍යාව
  9. ව්‍යාපාදය
  10. මිථ්‍යාදෘෂ්ටිය

 

අකුශලයතේරුමසම්පූර්ණ විය යුතු අංග
කයප්‍රාණඝාතයසත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරමගදී විනාශ කිරීම, පර පණ නැසීම1. පණ ඇති සත්ත්වයෙක් වීම
2. පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
3. මැරීමේ චේතනාව (කැමැත්ත)
4. මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
5. එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම
කයඅදත්තාදානයඅනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය1. අන්සතු වස්තුවක් වීම
2.  අන්සතු වස්තුවක් බව දැන සිටීම
3. එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
4. එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
5. එම වස්තුව සොරකම් කිරීම
කයකාමමිත්‍යාචාරය

සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය.

අන් කෙනෙකු යටතේ යැපෙන රැකෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු සමග සංවාසයේ යෙදීම

1. සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
2. සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
3. සේවනය සඳහා උත්සහ කිරීම
4. සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම
වචනයමුසාවාදයඅනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. අසත්‍ය ප්‍රකාශ හෝ ඇඟවීම් කිරීම1. කියන කරුණ අසත්‍යයක් වීම
2. අනුන් රැවටීමේ චේතනාව
3. එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
4. කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසින් තේරුම් ගැනීම, එය විශ්වාස කිරීම
වචනයපිසුණවචනය

දෙපිරිසක් අතර හෝ පිරිසක් අතර අසමගිය ඇති කරන වචන.

අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය

1. භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
2. ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
3. ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
4. ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම, එය විශ්වාස කිරීම

වචනයපරුෂාවාචයඅසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. අන්‍යයන් ප්‍රිය නොකරන වචන භාවිතය1. සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
2. ක්‍රෝධ සහගත සිත් ඇති වීම
3. සිත රිදවන වචන ප්‍රකාශ කිරීම
වචනයසම්ප්‍රප්පලාපයමෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය1. කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
2. එබඳු කථාවක් කීම
සිතඅභිද්‍යාවඅනුන් සතු වස්තුව තමන් සතු කර ගැනීමේ දැඩි ආශාව1. අන් සතු වස්තුවක් වීම
2. එය අයත් කර ගැනීමේ දැඩි ආශාව.
සිතව්‍යාපාදයඅනුන් සතු වස්තුව තමා සතු වීම සඳහා හෝ තමන් හා විරුද්ධකාරයන් විනාශ වීමේ කැමැත්ත1. අන්‍ය සත්ත්වයෙකු හෝ පුද්ගලයකු වීම
2. ඔහුගේ විනාශය පැතීම (සිතීම) හෝ විනාශය කැමති වීම
සිතමිථ්‍යාදෘෂ්ටියකර්මය කර්ම ඵලය තෙරුවන් හා නිවන් මග කෙරෙහි වැරදි මත1. ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
2. එය සත්‍යය වශයෙන් පිළිගැනීම
දස අකුසල කර්මපථයන්ගේ පස් ආකාර විනිශ්චය.
  1. ධර්ම (ධම්ම) වශයෙන්
  2. කොට්ඨාස වශයෙන්
  3. ආරම්මණ වශයෙන්
  4. වේදනා වශයෙන්
    1. දුඃඛ වෙදනා
    2. සුඛ වෙදනා
    3. මධ්‍යස්ථ වෙදනා
  5. මූල වශයෙන්
    1. ලෝභ මූල
    2. ද්වේෂ මූල
    3. මෝහ මූල
    යැ යි පස් ආකාරයෙකින් විනිශ්චය දතයුතුය.
අකුශලයධර්මකොට්ඨාසආරම්මණවේදනාමූල
ප්‍රාණඝාතයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.ජීවිතෙන්ද්‍රියාරම්මණ වශයෙන් සංස්කාරාරම්මණදුඃඛ වෙදනාද්වේෂ මෝහ වශයෙන් ද්විමූලක
අදත්තාදානයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණත්‍රිවෙදනාද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ වශයෙන් විමූලක
මිත්ථ්‍යාචාචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.ස්පර්ශ වශයෙන් සංස්කාරාරම්මණ (සත්වාරම්මණ)සුඛ හෝ මධ්‍යස්ථ වශයෙන් විවෙදනාලෝභ මෝහ විසින් විමූලක
මුසාවාදයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණත්‍රිවෙදනාද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ ද්විමූලක
පිසුණවචනයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණත්‍රිවෙදනාද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ ද්විමූලක
ඵරුසවචනයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.සත්වාරම්මණදුඃඛ වෙදනාද්වේෂ මෝහ වශයෙන් විමූලක
සම්ඵප්පලාපයචේතනා ධර්මකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත  වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණත්‍රිවෙදනාද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ ද්විමූලක
අභිධ්‍යාවචේතනා සම්ප්‍රයුක්ත

කර්මපථයෝද  මූලයෝද වෙති.

ලෝභ අකුසල මූල

දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත  වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණසුඛ හෝ  මධ්‍යස්ථ වශයෙන් විවෙදනාමෝහ මූල වශයෙන් ඒක මූල
ව්‍යාපාදයචේතනා සම්ප්‍රයුක්ත

කර්මපථයෝද  මූලයෝද වෙති.

දෝස අකුසල් මූල

සත්වාරම්මණදුඃඛ  වෙදනාමෝහ මූල වශයෙන් ඒක මූල
මිථ්‍යාදෘෂ්ටියචේතනා සම්ප්‍රයුක්තකර්මපථයොම වෙති, මූලයෝ නොවෙති.ත්‍රෛභූමක ධර්ම වශයෙන් සත්වාරම්මණසුඛ හෝ මධ්‍යස්ථ වශයෙන් විවෙදනාලෝභ මෝහ වශයෙන් දෙමූලික

සම්පයුක්ත = එක්ව යෙදුණු; යුක්ත වූ [1]
විප්පයුත්ත =  එකට නොයෙදුණු; වෙන් වූ [1] වෙන් කළ [2]
ධම්ම = ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය. [1] ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. [2]
කොට්ඨාස =  කොටස. [1] කොටස, භාගය, එනම් වාතය. [2]
ආරම්මණ = අරමුණ; සිත පිහිටීමට උපකාර වන රූප ශබ්දාදිය. [1] අරමුණ, කාරණය, ගෝචරය. [2]

වෙදන = විදීම. [2]
වෙදනා = විඳීම; වේදනාව; සැපදුක් විඳීම. [1] තුෂ්ටිය, පීඩාව, විඳීම. [2]

මූලක = මුල් කොට ඇති [1]
වි = විවිධාර්‍ථ, අතිශය, අභාව, ඓශ්වර්‍ය්‍ය, අතික්‍ර‍ම, විරහ, විවාද, පාදුර්‍භාව, සන්තොෂ කුත්සාර්‍ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්‍ර‍ධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්‍ථ යනාදියෙහි. [2]

ද්වි = දෙක [1]
ද්වි මූලක = මූල දෙකක්; මුල් කොට ඇති දෙකක්
විමූලක = විවිධ මූල, විවිධ මූල මුල්කොට ඇති
දෙමූලික = මූල දෙකක් ?????

අකුශලමූලය කවරේ ද?
  1. ලොභය අකුශලමූලයෙකි.

ලොභය = ගිජු වීම

  1. ද්වෙෂය අකුශලමූලයෙකි.

ද්වෙෂය (දෝස)  = නොසතුටු වීම

  1. මොහය අකුශලමුලයෙකි

මොහය = මුළාව

ලොභය = ගිජු වීම [3] , ආශාව; තෘෂ්ණාව; ලෝභය [1] ලොබ, ලෝභය. [2]
දොස =  කෝපය; දෝෂය; වරද. [1] දෝෂ, ක්‍රෝධය, නුගුණ, දොස්. [2]
මොහ = අවිද්‍යාව; මුළාව; මෝඩකම. [1] මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්‍යාව. [2]

පාලි – සිංහල ශබ්දකෝෂය

පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2]  (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]

සම්පයුක්ත = එක්ව යෙදුණු; යුක්ත වූ [1]
විප්පයුත්ත =  එකට නොයෙදුණු; වෙන් වූ [1] වෙන් කළ [2]
ධම්ම = ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය. [1] ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. [2]
කොට්ඨාස =  කොටස. [1] කොටස, භාගය, එනම් වාතය. [2]
ආරම්මණ = අරමුණ; සිත පිහිටීමට උපකාර වන රූප ශබ්දාදිය. [1] අරමුණ, කාරණය, ගෝචරය. [2]

වෙදන = විදීම. [2]
වෙදනා = විඳීම; වේදනාව; සැපදුක් විඳීම. [1] තුෂ්ටිය, පීඩාව, විඳීම. [2]

මූලක = මුල් කොට ඇති [1]
වි = විවිධාර්‍ථ, අතිශය, අභාව, ඓශ්වර්‍ය්‍ය, අතික්‍ර‍ම, විරහ, විවාද, පාදුර්‍භාව, සන්තොෂ කුත්සාර්‍ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්‍ර‍ධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්‍ථ යනාදියෙහි. [2]

ද්වි = දෙක [1]
ද්වි මූලක = මූල දෙකක්; මුල් කොට ඇති දෙකක්
විමූලක = විවිධ මූල, විවිධ මූල මුල්කොට ඇති
දෙමූලික = මූල දෙකක් ?????

ලොභය = ගිජු වීම [3] , ආශාව; තෘෂ්ණාව; ලෝභය [1] ලොබ, ලෝභය. [2]
දොස =  කෝපය; දෝෂය; වරද. [1] දෝෂ, ක්‍රෝධය, නුගුණ, දොස්. [2]
මොහ = අවිද්‍යාව; මුළාව; මෝඩකම. [1] මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්‍යාව. [2]

[1] පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය.
[2] මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය
[3] සිංහල අටුවාව, සම්මා දිට්ඨි සූත්‍රය වර්ණනාව

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top