කුසලඤ්‌ච, කුසලමූලඤ්‌ච පජානාති
- සිංහල අටුවාවේ ඇති විග්‍රහය -
සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන්
කුසලඤ්‌ච පජානාති, – (කුසලයත් විශේෂයෙන් දැනගනී)
දස කුසල කර්මපථසංඛ්‍යාත වූ කුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]
කුසලමූලඤ්‌ච පජානාති – (කුසල මූලයත් විශේෂයෙන් දැනගනී)
ඒ දුකට මූලප්‍රත්‍යයවු කුසලයද ඒ ප්‍රකාරයෙන්ම මේ දුක්ඛ සමුදය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3]
පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2] (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]
කුසලය අකුසලය දැනගත යුත්තේ එය ලක්ෂණ වශයෙන්:
- සාවද්‍ය ලක්ෂණ
- දුක්ඛ විපාක ලක්ෂණ
- සංක්ලේශ ලක්ෂණ වශයෙනි
කුඩා ප්‍රාණයෙහි අල්ප සාවද්‍ය. මහත්වූ ශරීරයෙහි මහාසාවද්‍ය. කුමක් හෙයින්ද ප්‍රයෝගය මහත් බැවිනි. ප්‍රයෝගය සමව ඇති කල්හි ද වස්තුහුගේ මහත් බැවින්, ගුණවත් වූ මනුෂ්‍යාදීන් අතුරෙන් මඳගුණ ඇති ප්‍රාණයෙහි අල්ප සාවද්‍යය. මහත්වූ ගුණ ඇති ප්‍රාණයෙහි මහා සාවද්‍යය. ශරීරගුණයන්ගේ සමව ඇති කල්හි ක්ලේශයන්ගේ ද උපක්‍රමයන්ගේ මෘදු බැවින් අල්ප සාවද්‍යය තීව්‍ර බැවින් මහාසාවද්‍ය වේ.
කුශලය කවරේද? කුශලමූලය කවරේ ද?
කුශලය කවරේද ?
- ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි.
- අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි.
- කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශලයෙකි
- මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි.
- පිසුණවචනයෙන් වෙන් වීම කුශලයෙකි.
- ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි.
- සම්ඵප්පලාපයෙන් වෙන් වීම කුශලයෙකි.
- අනභිධ්‍යාව කුශලයෙකි.
- අව්‍යාපාදය කුශලයෙකි.
- සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි
ත්‍රිවිධ විරතිය
- සම්පත්ත විරති –
- සමාදාන විරති –
- සමුච්ඡේද විරති –
ශික්ෂාපද සමාදන්ව නොවී තමාගේ ජාතිය වයස බව ආදිය කල්පනා කොට අපට මෙබඳු දේ නොකළ යුතු යි සිතා එසේ නොකරන්න උපදින්නා වූ වැළකීම.
සමාදන් වූ ශික්ෂාපද ඇති, ශික්ෂාපද සමාදන් වූ කාලයෙහි ද එයින් මත්තෙහි ද තමාගේ ජීවිතය පූජා කොට මෙබඳු දේ නොකළ යුතු යි සිතා එසේ නොකරන්න උපදින්නා වූ වැළකීම.
ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත (එක්ව යෙදුණු) වැලකීම
විරති = ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම [1] විරමණය, වැලකීම [2]
ආරති = ඉවත් වීම; වෙන්වීම [1] නොඇලීම, වැළකීම, “ආරතිවිරති පාපා මජ්ජපානාච සංයමො” [2]
වෙරමණී = නොකර හැරීම; වෙන්ව පැවතීම. [1]
වෙන්වීම, තුරන් වීම, අහක් වීම. [2]
වේරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුක්තව විරති (වැළකී සිටීම) යයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසල් සිත හා යෙදුනු වැළකී සිටීම [3]
විරහිත = ඉවත් වූ; නැති; හිස් වූ. [1] රහිත, නැති. [2]
විරහිත වූවාහුද = වැලකී සිටි
දස කුසල කර්මපථයන්ගේ පස් ආකාර විනිශ්චය.
- ධර්ම (ධම්ම) වශයෙන්
- කොට්ඨාස වශයෙන්
- ආරම්මණ වශයෙන්
- වේදනා වශයෙන්
- දුඃඛ වෙදනා
- සුඛ වෙදනා
- මධ්‍යස්ථ වෙදනා
- මූල වශයෙන්
- අලෝභ මූල
- අද්වේෂ මූල
- අමෝහ මූල
යැ යි පස් ආකාරයෙකින් විනිශ්චය දතයුතුය.
කුශලය | ධර්ම | කොට්ඨාස | ආරම්මණ | වේදනා | මූල |
ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | ජීවිතෙන්ද්‍රියාරම්මණ වශයෙන් සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | ස්පර්ශ වශයෙන් සංස්කාරාරම්මණ (සත්වාරම්මණ) | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
මුසාවාදයෙන් වෙන් වීම | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
පිසුණවචනයෙන් වෙන් වීම | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
ඵරුසවචනයෙන් වෙන් වීම | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | සත්වාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
සම්ඵප්පලාපයෙන් වෙන් වීම | චේතනා වූවාහුද, විරහිත වූවාහුද (චේතනාව එහි නමුත් එයින් වැලකී සිටි) | කර්මපථයොම වෙති, මූලයෝ නොවෙති. | දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් වෙන් වූවන් හට අලෝභ, අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වේ, ඥානවිප්‍රයුත්තවු වූ සිතින් වෙන් වූවන් වෙනුවට ද්විමූල වේ |
අනභිධ්‍යාව | චේතනා සම්ප්‍රයුක්ත | කර්මපථයෝද මූලයෝද වෙති. අනභිධ්‍යාව කුසල මූලයක් බවට පැමිණ අලෝභ කුසල මූල වේ | දෘෂ්ට, ශ්‍රෑත, මුත, විඥාත වශයෙන් සත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙන් වූවන් හට ද්විමූල වේ. ඥාන විප්පයුත්ත චිත්තයෙන් ඒකමූල ද වේ |
අව්‍යාපාදය | චේතනා සම්ප්‍රයුක්ත | කර්මපථයෝද මූලයෝද වෙති. අව්‍යාපාදය කුසල මූලයක් බවට පැමිණ අදොස කුසල මූල වේ | සත්වාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | ඥානසම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙන් වූවන් හට ද්විමූල වේ. ඥාන විප්පයුත්ත චිත්තයෙන් ඒකමූල ද වේ |
සම්‍යග්දෘෂ්ටිය | චේතනා සම්ප්‍රයුක්ත | කර්මපථයෝද මූලයෝද වෙති. සම්‍යග්දෘෂ්ටිය කුසල මූලයක් බවට පැමිණ අමෝහ කුසල මූල වේ | ත්‍රෛභූමක ධර්ම වශයෙන් සත්වාරම්මණ | සුඛ වෙදනා හෝ මධ්‍යස්ථ වෙදනා | සම්මා දෘෂ්ඨිය අලෝභ අද්වේෂ විසින් ද්විමූල වේ |
කුශලමූලය කවරේ ද?
කුශලමූලය කවරේ ය?
- අලොභය කුශලමූලයෙකි.
- අද්වේෂය කුශලමූලයෙකි.
- අමොහය කුශලමූලයෙකි.
[*] අලොභය, තෙමේ තමා හට මූල නොවේ
[*] අව්‍යාපාදය තෙමේ තමා හට මූල නොවේ
ආර්ය සත්‍ය විස්තරය
පර්ය්යාය (පරියාය) = ආකාරය; එක් අර්ථයක් ඇති වෙනස් වචන; කෙළින් නොකියා අන්‍ය වචනවලින් කීම; දහම් කොටස; පිළිවෙළ; මාරු වී එන වාරය; වටේ යාම; සමානාර්ථ ඇති වචනය. [1] හේතුව, කාරණය, දේශනා, වාරවේවචන, සමානාර්ථ ශබ්දය, ප්‍රකාර ප්‍රස්තාව. [2]
නිෂ්පර්ය්යාය = ?????
- අභිධ්‍යාව හැර දස අකුසල් කර්මපථයෝ දුක්ඛ සත්‍ය වේ.
- අභිධ්‍යාව සහ ලෝභය යන අකුසල් මූල ධර්මයෝ දෙදෙනා නිෂ්පර්‍ය්‍යාය වශයෙන් සමුදය සත්‍ය වේ.
පර්‍ය්‍යාය වශයෙන් සියලුම කර්මපථයෝ දුක්ඛ සත්‍ය වේ.
සියලුම කුසලාකුසල මූලයෝ සමුදය සත්‍යය වේ
- කුසලාකුසල මූලයෝ දෙදෙනාගේ නොපැවතීම නිරෝධ සත්‍යය වේ
- දැක හාත්පසින් දැන්ගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය දැනගන්නා වූ ආර්ය මාර්ගය තෙමේ මාර්ග සත්‍යය වේ.
[*] මෙහි සත්‍ය වූ දෙදෙනෙක් ස්වරූපයෙන් කියන්න ලද්දාහුය.
[*] දෙදෙනෙක් අවෘත්තහාර වශයෙන් කියන ලද්දාහුය.
පාලි – සිංහල ශබ්දකෝෂය
පජානාති = (ප+ඤා+නා) විශේෂයෙන් දැනගනී. [1]
ජානාති = (ඤා+නා) දනී; දැන ගනී. [2] (ජා+නා+ති) අවබොධනෙ, අවබොධයෙහි, දනී. [2]
සම්පයුක්ත = එක්ව යෙදුණු; යුක්ත වූ [1]
විප්පයුත්ත = එකට නොයෙදුණු; වෙන් වූ [1] වෙන් කළ [2]
ධම්ම = ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය. [1] ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. [2]
කොට්ඨාස = කොටස. [1] කොටස, භාගය, එනම් වාතය. [2]
ආරම්මණ = අරමුණ; සිත පිහිටීමට උපකාර වන රූප ශබ්දාදිය. [1] අරමුණ, කාරණය, ගෝචරය. [2]
වෙදන = විදීම. [2]
වෙදනා = විඳීම; වේදනාව; සැපදුක් විඳීම. [1] තුෂ්ටිය, පීඩාව, විඳීම. [2]
මූලක = මුල් කොට ඇති [1]
වි = විවිධාර්‍ථ, අතිශය, අභාව, ඓශ්වර්‍ය්‍ය, අතික්‍රම, විරහ, විවාද, පාදුර්‍භාව, සන්තොෂ කුත්සාර්‍ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්‍රධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්‍ථ යනාදියෙහි. [2]
ද්වි = දෙක [1]
ද්වි මූලක = මූල දෙකක්; මුල් කොට ඇති දෙකක්
විමූලක = විවිධ මූල, විවිධ මූල මුල්කොට ඇති
දෙමූලික = මූල දෙකක් ?????
ලොභය = ගිජු වීම [3] , ආශාව; තෘෂ්ණාව; ලෝභය [1] ලොබ, ලෝභය. [2]
දොස = කෝපය; දෝෂය; වරද. [1] දෝෂ, ක්‍රෝධය, නුගුණ, දොස්. [2]
මොහ = අවිද්‍යාව; මුළාව; මෝඩකම. [1] මෝහය, නුනුවණ, මුච්ඡාව, අවිද්‍යාව. [2]
විරති = ඉවත් වීම; නො ඇලීම; වැළකී සිටීම [1] විරමණය, වැලකීම [2]
ආරති = ඉවත් වීම; වෙන්වීම [1] නොඇලීම, වැළකීම, “ආරතිවිරති පාපා මජ්ජපානාච සංයමො” [2]
වෙරමණී = නොකර හැරීම; වෙන්ව පැවතීම. [1]
වෙන්වීම, තුරන් වීම, අහක් වීම. [2]
වේරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුක්තව විරති (වැළකී සිටීම) යයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසල් සිත හා යෙදුනු වැළකී සිටීම [3]
විරහිත = ඉවත් වූ; නැති; හිස් වූ. [1] රහිත, නැති. [2]
විරහිත වූවාහුද = වැලකී සිටි
[1] පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය.
[2] මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය
[3] සිංහල අටුවාව, සම්මා දිට්ඨි සූත්‍රය වර්ණනාව
By Rasika Nambagodage
www.aryapatipada.org