බෞද්ධ ධර්ම සංගායනා

1st Dharama Sangayana

බෞද්ධ ධර්ම සංගායනා

සංගායනාවක් යනු කුමක්ද?

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ.

ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය ධර්ම සංගායනාවක් යනුවෙන් හදුන්වනු ලබනවා.

ධර්ම සංගායනා වල මූලික අරමුණ:

  • ධර්ම සංගායනා වල මූලික අරමුණ වී ඇත්තේ බෞද්ධ සංඝ සමාජය හා බුදු දහම කෙරෙහි ශ්‍රමණ වේශධාරීන්ගෙන් පැමිණි උවදුරු සමනය කොට සංඝයාත් බුද්ධ ධර්මයත් පාරිශුද්ධියට පත් කරලීමය.
  • බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ.
  • බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එකට එක් වී සජ්ඣායනා කිරීම.
  • ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒක රාශී කොට වැරදි අදහස් ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරදි කොට ඇතිවන ගැටළු, ධර්ම විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇතිකරලීම අරමුණු කොටගෙන සිදු කරන ක්‍රියාවලියකි.

ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය මගින් පැවැත්වූ සංගායනා:

  1. ප්‍රථම ධර්ම සංගායනාව (පංච සතිකා සංගීති) – මගධයේ රජගහ නුවර, වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය. (බු.ව. 1 / 544 B.C).
    << වැඩි විස්තර සදහා >>
  2. දෙවන ධර්ම සංගායනාව (සත්තසතිකා සංගීති) – විශාලා මහනුවර, වාලුකාරාමයේදී (බු.ව. 100 / 444 B.C.). 
    << වැඩි විස්තර සදහා >>
  3. තුන්වන ධර්ම සංගායනාව (සාහස්සිකා සංගීති) – පැළලුප් නුවර, අශෝකාරාමය (බු.ව. 236 / 326 B.C.). 
    << වැඩි විස්තර සදහා >>
  4. හතරවන ධර්ම සංගායනාව (පුස්තකාරූඪ සංගීති) – ලංකාවේ මාතලේ අලු විහාරයේ (බු.ව. 518 /  29 – 17 B.C). 
    << වැඩි විස්තර සදහා >>
  5. පස්වන ධර්ම සංගායනාව – බුරුමයේදී (බු.ව. 2,498 / 1871 දී මින් දොන් මින් රජු සමයේ). 
    << වැඩි විස්තර සදහා >>
  6. හයවන ධර්ම සංගායනාව (ඡට්ඨ සංගීති) – බුරුමයේදී (1954 – 1956). 
    << වැඩි විස්තර සදහා >>

*** මීට අමතරව භාරතයේ කණිෂ්ක රජ දවස හතරවන ධර්ම සංගායනාවක් ද සිදු කර ඇත. එය ථෙරවාද සම්ප්‍රදායට අයත් නොවූවකි. **

ධර්ම සංගායනා සංකල්පය:

  • දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීමට වැදගත් වේ.
  • කාලානුරූපව ඇති විය හැකි වෙනස්වීම් අවම කිරීමට වැදගත් වේ.
  • දීඝ නිකායේ පාසාදික සූත්‍රයේ දී බුදුන් වහන්සේ සංගායනාවල වැදගත්කම දක්වා ඇත.
    බුදුන් වහන්සේ සියල්ලෝම එක්ව ධර්මය සංගායනා කර සැක තැන් දුරුකර ගත යුතු බව දක්වා ඇත.
  • දසුත්තර හා සංගීති සූත්‍රවලට අනුව සැරියුත් මහරහතන් වහන්සේට බුදුන් වහන්සේ පිරිනිවීමට ප්‍රථම සංගායනාවක් පැවැත්වීමේ අවශ්‍යතාව පැවති බව පැහැදිලි වේ.
  • සැරියුත් හිමියන් නිගණ්ඨනාථපුත්තගේ අභාවයෙන් පසු භික්ෂූන් අමතා සද්ධර්මය සංගායනා කළ යුතුය, විවාද නොකළ යුතුය යනුවෙන් දක්වා ඇත.

ධර්ම සංගායනාවකට පසුබිම බුදුන් ජීවමාන සමයේ සිටම පැවතීම:

  • බුද්ධ කාලයේදී විවිධ මතධාරී භික්ෂූන් වහන්සේලා සිටීම හා කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ ඇති වූ ධම්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා අතර ආරවුලක් සිදු වීම.
  • දෙව්දත් තෙරුන් සංඝ භේදය සිදු කොට සංඝයා පාලනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටීම, දෙව්දත් තෙරුන්ගේ පංචවරයට කැමති භික්ෂූන් වහන්සේලා බුද්ධ කාලය තුළදී ද වැඩ සිටීම.
  • ශාසනයේ තනතුරු ලබා දෙන අවස්ථාවල ඒවාට එරෙහිව කටයුතු කළ භික්ෂු කණ්ඩායම් සිටි බව ධම්මපදට්ඨ කතාවේ සඳහන් වේ.
  • අස්සජි, පුතබ්බසුව භික්ෂූන් දෙනම (සැරියුත් හා මුගලන් දෙනම පාපීන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම)
  • විනය පිළිබඳ අත්තනෝමතිකව කටයුතු කළ භික්ෂූන් හා බුදුරජුන් සමඟ වාද කළ භික්ෂූන්ද සිටීම.
  • සාති, සුනක්ඛත්ත, අරිට්ඨ හිමිවරුන්
  • ධර්ම හා විනය පිළිබඳව භික්ෂූන් වහන්සේලා වර්ග වීම සිටීම.
  • භික්ෂූන් වහන්සේලා පරම්පරා ක්‍රමය අනුගමනය කිරීමට හුරු වී තිබීම.
  • මහා කාෂ්‍යප හිමියන් හා ගෝල පිරිස / සැරියුත් හිමියන් හා ගෝල පිරිස.
  • මල් ආසනයක මල් මෙන් පැවති ධර්මය ඒකරාශි කිරීම
  • නිගණ්ඨනාථපුත්තගේ අභාවයෙන් ඔහුගේ ශාසනයේ ඇති වූ පිරිහීම බුදු සසුනට ද උදාවනු ඇතැයි ඇති වූ සැකය.

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top