සම්මාදිට්ඨිය
- සිංහල අටුවාවේ ඇති විග්‍රහය -
සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන්
සම්මාදිට්ඨි තොමෝ විවිධ වේ.
- ලෞකික සම්මා දිට්ඨිය කර්ම ස්වකෘත ඥානය ද, සත්යානුලොම්ක ඥානය ද, ලෞකික සම්මා දිට්ඨිය නම් වේ. කෙටියෙන් නම් සියලුම ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වූ ප්‍රඥාතොමෝ යි.
- ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය මාර්ග ඵලයන් හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාතොමෝ යි
- පෘථජ්ජන පුද්ගලයන්
- බාහිරක – කර්මවාදි වුයේ, කර්ම ස්වකෘත දෘෂ්ටියෙන් සම්යග්දෘෂ්ටිවුයේ වේ. සත්යානුලොම්ක දෘෂ්ටියෙන් නොවේ. ආත්මදෘෂ්ටිය පරාමර්ශනය කරන බැවිනි.
- ශාසනික – ස්වකෘතදෘෂ්ටියෙන් සම්යග්දෘෂ්ටිවුයේ වේ. සත්යානුලොම්ක දෘෂ්ටියෙන් සම්යග්දෘෂ්ටිවුයේ වේ.
-
ශෛක්‍ෂය පුද්ගලයන්
නියත වූ සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටි වුයේ වේ.
- අශෛක්ෂය පුද්ගලයන් අශෛක්ෂය සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යග්දෘෂ්ටි වුයේ වේ.
පාලි – සිංහල ශබ්දකෝෂය
මිච්ඡාදිට්ඨි = වැදි අවබෝධය; වැරදි ඇදහීම. [1] මිථ්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම. [2]
සම්මාදිට්ඨි = නිවැරදි ඇදහීම [1] සම්‍යග් දෘෂ්ටිය, නිවරදි දැක්ම. [2]
ශෛක්‍ෂය = සෙක්ඛ, හික්මෙන්න [1]
අශෛක්ෂය = (අසෙක්ඛ, හික්මී අවසන් කල තැනැත්තා, රහතන්වහන්සේ [1]
මිච්ඡාදිට්ඨි = තත් වූ පරිද්දෙන් ගැනීමක් නැති බැවින් වරදවා දැකීම. [3]
සම්මාදිට්ඨි = තත් වූ පරිද්දෙන් ගැනීමක් ඇති බැවින් නිවැරදි දැකීම. [3]
සම්මාදිට්ඨි = සම්‍යග් දෘෂ්ටි = නිවැරදි ඇදහීම = නිවැරදි දැක්ම
[1] පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය.
[2] මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය
[3] සිංහල අටුවාව, සම්මා දිට්ඨි සූත්‍රය වර්ණනාව
By Rasika Nambagodage
www.aryapatipada.org