මිහින්තලය හා ඒ ආශ්රිත බෞද්ධ ස්ථාන
අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත. ශ්රී මහා බෝධියේ අංකුරයක්ද මෙහි රෝපණය කරවා ඇත.