අනුරාධපුරය

මිහින්තලය හා ඒ ආශ්‍රිත බෞද්ධ ස්ථාන

Mihintalaya Ayama

අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ  කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත.  ශ්‍රී මහා බෝධියේ අංකුරයක්ද මෙහි රෝපණය කරවා ඇත.

මිහින්තලය මහ පුද බිම

මිහින්තලය

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසක් ඇත.

Scroll to Top