ත්‍රිපිටක වංශ කතාව
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් මුළුල්ලේ මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය විනය, සූත්‍ර හා අභිධර්මය වශයෙන් තුන් පිටකයක් ලෙස බෙදා දක්වා ඇත. එම ත්‍රිපිටක ධර්මය, ධර්ම සංගායනා තුනක් පවත්වා පෙර විසූ මහරහතන් වහන්සේලා විසින් ආරක්ෂා කරන ලදී.
එසේ මහරහතන් වහන්සේලා විසින් ඉතාමත් සුරක්ෂිතව භාණක පරම්පරා මගින් දිවි දෙවැනි කොට ආරක්ෂා කරමින් කටපාඩමින් දරාගෙන ආ ත්‍රිපිටක ධර්මය ක්‍රිස්තු පූර්ව 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජරට රජකල වළගම්බා රජුගේ රාජ්‍ය සමයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මාතලේ අලුවිහාරේදී මහරහතන් වහන්සේලා විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී.
1. විනය පිටකය
භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය.
මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
- පාරාජිකපාළිය
- පාචිත්‌තියපාළිය
- මහාවග්‌ගපාළිය
- චුල්ලවග්ගපාළිය
- පරිවාරපාළිය
2. සූත්‍ර පිටකය
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය.
සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
- දීඝ නිකාය
- සීලස්කන්ධ වර්ගය
- මහා වර්ගය
- පාථික වර්ගය
- මජ්‌ඣිම නිකාය
- මූල පන්නාසකය
- මජ්ඣිම පන්නාසකය
- උපරි පන්නාසකය
- සංයුත්‌ත නිකාය
- සගාථා වර්ගය
- නිදාන වර්ගය
- ඛන්ධ වර්ගය
- සළායතන වර්ගය
- මහා වර්ගය
- අඞ්‌ගුත්‌තර නිකාය
- එකක නිපාතය
- දුක නිපාතය
- තික නිපාතය
- චතුක්ක නිපාතය
- පඤ්චක නිපාතය
- ඡක්ක නිපාතය
- සත්තක නිපාතය
- අට්ඨක නිපාතය
- නවක නිපාතය
- දසක නිපාතය
- එකාදසක නිපාතය
- ඛුද්‌දක නිකාය
- ඛුද්‌දකපාඨපාළි
- ධම්‌මපදපාළි
- උදානපාළි
- ඉතිවුත්‌තකපාළි
- විමාන වස්තු
- ප්‍රේත වස්තු
- සුත්ත නිපාතය
- ථෙරගාථා පාළි
- ථෙරීගාථා පාළි
- ජාතක පාළි 1
- ජාතක පාළි 2
- ජාතක පාළි 3
- මහා නිද්දේස පාළි
- චූල නිද්දේස පාළි
- පටිසම්භිදාමග්ගප්පකරණ
- අපදාන පාලි – භික්ඛූ අපදාන 1
- අපදාන පාලි – භික්ඛූ අපදාන 2
- අපදාන පාලි – භික්ඛූනී අපදාන
- බුද්ධවංස පාළි
- චරියාපිටක පාළි
- නෙත්තිප්පකරණ
- පෙටකොපදෙශ
3. අභිධර්ම පිටකය
එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ.
අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ
- ධම්මසඞ්ගණීප්‍රකරණය
- විභඞ්ගප්‍රකරණය
- කථාවස්‌තුප්‍රකරණය
- ධාතුකථා ප්‍රකරණය
- පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
- යමකප්‍රකරණය
- පට්‌ඨානප්‍රකරණය
ත්‍රිපිටකය
ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.
- විනය පිටකය
- සූත්‍ර පිටකය(සුත්ත නොහොත් සුක්ත) පිටකය
- අභිධම්ම පිටකය(අභිධර්ම) පිටකය
කර්තෘත්වය
ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ
- බුද්ධ භාෂිත – ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
- ශ්‍රාවක භාෂිත
- කර්තෘත්වය නොදන්නා
ග්‍රන්ථාරූඪ කිරීම
ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.
විනය පිටකය
භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
- සුත්ත විභංග
- බන්ධක
- පරිවාර
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
- දීඝ නිකාය
මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්
- සීලක්ඛන්ධ වග්ග
- මහාවග්ග
- පාටික වග්ග
- මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
- සංයුක්ත නිකාය
මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්‍ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි
- සගාථ වග්ග
- නිධාන වග්ග
- ඛන්ධ වග්ග
- සළායතන වග්ග
- මහා වග්ග යනුවෙන් ප්‍රධාන වර්‍ග 5 කි.
- අංගුත්තර නිකාය
අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත.
- ඛුද්දක නිකාය
මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ග්‍රන්ථ 15 ක් අයත් වේ.
අභිධම්ම පිටකය
එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.
- ධම්මසංගණිප්පකරණය
- විභංගප්පකරණය
- කථාවත්ථුප්පකරණය
- පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
- ධාතුකථාප්පකරණය
- යමකප්පකරණය
- පට්ඨානප්පකරණය