Arya Patipada Logo

“ආර්ය පටිපදා” වෙබ් අඩවිය භාවිතය සඳහා උපදෙස්

Last updated: March 25, 2020

“සබ්බ දානං ධම්ම දානං ජිනාති – සියළු දාන අතුරින් ධර්ම දානය අග්‍ර වේ.”

 

“ආර්ය පටිපදා” වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී පහත සඳහන් කරුණු ගැන ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් මා ඉල්ලා සිටිමි.

 

  • “ආර්ය පටිපදා” වෙබ් අඩවිය මා විසින් නිර්මාණය කරන ලද්දේ, ලොව පුරා සිටින බෞද්ධ – අබෞද්ධ සියලු දෙනා හට අප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාර කිරීම සඳහා ය.

  • මේ නිමක් නැති සංසාර සාගරයෙන් විමුක්තිය ලබාගැනීම සඳහා ධර්මය පුහුණු කරන්නන් උදෙසා පහුරක් ලෙස උපයෝගී කරගැනීමට මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

  • මෙම “ආර්ය පටිපදා” වෙබ් අඩවිය ඔබගේ නිවන් මගට පහුරක් කරගන්න, මෙය කරතබාගෙන නොයන්න මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ භාවිතා කර ඇති සමහර පින්තූරවල ප්‍රකාශන හිමිකම එම පින්තූරවල මුල් අයිතිකරුවන්ට අයත් වේ.

  • “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ භාවිතා කර ඇති සමහර ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ  යූ ටියුබ් නාලිකා දර්ශනවල ප්‍රකාශන හිමිකම එම දර්ශනවල මුල් අයිතිකරුවන්ට අයත් වේ.

  • එසේම මෙම වෙබ් අඩවියේ  ඇතුළත් කොට ඇති ධර්ම දේශනා හෝ ධර්ම දේශනාවකින් කොටසක්,  සදහම් ලිපියක් හෝ සදහම් ලිපියකින් කොටසක් වෙනත් වෙබ් අඩවියකින් හෝ ෆේස්බුක් ආදී සමාජ ජාලා වලින් මා උපුටා ගෙන ඇත්නම්, මා භාවිතා කර ඇති දේශනාව හෝ සදහම් ලිපිය සඳහන් වන වෙබ් පිටුවෙහි URL එක “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ අනිවාර්යෙන් සදහන් කර ඇති බව විශේෂයෙන් දැනුම් දෙමි.

  • එසේම මෙම වෙබ් අඩවියෙහි ඇතුළත් ධර්ම දේශනා හෝ ධර්ම දේශනාවකින් කොටසක්, සදහම් ලිපියක් හෝ සදහම් ලිපියකින් කොටසක් උපුටාගෙන ඔබගේ වෙනත් වෙබ් අඩවියක හෝ ෆේස්බුක් ආදී සමාජ ජාලවල හෝ පළකිරීමේදී, එම දේශනාව හෝ සදහම් ලිපිය සඳහන්වන “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ  වෙබ් පිටුවෙහි URL එක ද ඔබගේ වෙබ් අඩවියේ හෝ සමාජ ජාලවල සඳහන් කිරීම අනිවාර්ය වේ. එය එසේ සඳහන් කරනු ඇතැයි මා හුදෙක් බලාපොරොත්තු වෙමි.

  • එමෙන්ම යම් දේශනාවක් හෝ සදහම් ලිපියක් ධර්මදානයක් ලෙස මුද්‍රණය කොට නොමිලේ බෙදාදීමේදී ද “උපුටා ගැනීම – aryapatipada.org වෙබ් අඩවියෙනි යනුවෙන් සඳහන් කළයුතු වේ.

  • “ආර්ය පටිපදා” වෙබ් අඩවියෙහි ඇතුළත් ධර්ම දේශනා, සදහම් ලිපි ආදිය ඔබගේ පුද්ගලික භාවිතය සඳහා හෝ ඔබේ නොමිලේ හෝ වාණිජ ව්‍යාපෘති වල භාවිතා කිරීමට ඔබට අවසර ඇත.

  • ඔබගේ වෙබ් අඩවියෙන් ඔබ “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ පළවූ සදහම් ලිපියට සම්පූර්ණ ගෞරවය (Credit) ලබා දෙන තාක් කල් ඔබගේ වෙබ් අඩවිවල හෝ බ්ලොග් අඩවිවල “ආර්ය පටිපදා” වෙබ් අඩවියේ පළ කොට ඇති සදහම් ලිපි පළ කිරීම සඳහා ඔබට අවසර ඇත.

  • මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර, මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබන සදහම් සේවාවකි.
අපගේ ස්තූතිය:

මෙම ධර්ම දානය හට නන් අයුරින් සහය දෙන ගරු ස්වාමීන් වහන්සේලා, ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඇතුළු සියළු දෙනාහටම මේ ජීවිතයේදීම උතුම් වූ ශ්‍රී සද්ධර්මාවබෝධය පිණිසම මේ පින හේතු වේවා ..!!!   සාදු…! සාදු …! සාදු …!

කරුණාකර අපට කියන්න:

අප විසින් මහත් පරිශ්‍රමයකින් අක්ෂර වැරදි නිවැරදි කර බලා සදහම් ලිපි වෙබ්අඩවියට ඇතුළු කළ ද, අපගේ අනවධානයෙන් වැරදි තැන් ඇති වී තිබිය හැක. ඒ හෙයින් එබඳු තැන් දක්නා ලද හොත් ඉමහත් කරුණාවෙන් මා දැනුවත් කරන මෙන් පාඨක ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

අප ලියන්න:

“ආර්ය පටිපදා” වෙබ් අඩවිය භාවිතය සඳහා උපදෙස් ප්‍රකාශය පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, info@aryapatipada.org විද්‍යුත් තැපෑලෙන් අප අමතන්න හෝ අපගේ සම්බන්ධතා පිටුවට පිවිසෙන්න.

මෙත් සිතින්,

රසික නම්බගොඩගේ
www.aryapatipada.org
Scroll to Top