ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා හා බෞද්ධ ඉතිහාසය
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද
ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ප්‍රධාන වශයෙන් මෙම ලිපිය සැකසීමේදී භාවිතා කරන ලදී.
1 වැනි වස්කාලය
බුද්ධත්වය ලබා
1 වන වර්ෂය
2 වැනි වස්කාලය to 5 වැනි වස්කාලය
බුද්ධත්වය ලබා
2 වන වර්ෂය
3 වැනි වස්කාලය
බුද්ධත්වය ලබා
3 වන වර්ෂය
4 වැනි වස්කාලය
බුද්ධත්වය ලබා
4 වන වර්ෂය
5 වැනි වස්කාලය
බුද්ධත්වය ලබා
5 වන වර්ෂය
- බබිලෝනීය රජු නෙබුකද්නෙශර් (Nebuchadnezzar) අධිරාජ්‍යය ගොඩනඟයි, ජෙරුසලම විනාශ කරයි (586 බී.සී.).
- යුදෙව්වන්ගේ බබිලෝනීය වහල්භාවය (ආරම්භය 587 B.C.)
- බබිලෝනියේ ගෙවතු එල්ලීම (Hanging Gardens of Babylon)
- පර්සියාවේ මහා සයිරස් මහා අධිරාජ්‍යයක් නිර්මාණය කරයි, බබිලෝනිය යටත් කරයි (539 බී.සී.),
- ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වේ.
- ඇස්කිලස්, ග්‍රීක නාට්‍යකරු (525–465 බී.සී.).
- පයිතගරස්, ග්‍රීක දාර්ශනිකයා සහ ගණිතයා (582? –507? බී. සී.).
- කොන්ෆියුසියස් (551–479 B.C.) චීනයේ ආචාර ධර්ම හා සමාජ දර්ශනය වර්ධනය කරයි. දෙවන පරම්පරාවේ කොන්ෆියුෂියානු ගෝලයන් විසින් ඇනලෙක්ට්ස් හෝ ලූන්-යී (“එකතු කරන ලද කියමන්”) සම්පාදනය කර ඇත.
වර්ධමාන මහාවීරට (599 සහ 527 බී.සී.)
උපත : 599 බී.සී B.C.
මරණ : 527 බී.සී B.C.
බුදුරජාණන් වහන්සේ එකම කාලයක ජීවත් වූ අතර ජෛන ආගමේ නිර්මාතෘ සහ ජෛනවරුන්ගේ අනාගතවක්තෘ හා කුමාරයා වූ වර්ධමාන මහාවීරට (599 සහ 527 බී.සී.) සමාන විය. චීනයේ කොන්ෆියුසියස්ගේ , ඊශ්‍රායෙලයේ ජෙරමියා, එසකියෙල් සහ යෙසායා සහ ග්‍රීසියේ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ සමකාලීනයෙකු වූ අතර, බුදුන් වහන්සේ මෙන් ඔහු අධ්‍යාත්මික ජීවිතයක් සඳහා වූ ධනය හා වරප්‍රසාදය අත්හැර දැමූ අතර හින්දු භක්තිකයන්ගේ හා කුල ක්‍රමයේ පූජා චාරිත්‍ර ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාවේ ලුම්බිණි සල් උයනේ දී.
- අභිනිෂ්ක්‍රමණය (ගිහිගෙයින් නික්මීම වයස අවුරුදු 29 දී)
- වසර හයක් දුෂ්කරක්‍රියා කිරීම

ඉන්දියාවේ බුද්ධගයාවේදී වයස අවුරුදු 36 දි බුද්ධත්වයට පත්වීම.

බෝධි මූලය යට - බුද්ධත්වයට පසු පළමු සතිය තුළ බුදුන් වහන්සේ බෝ ගස යට වාඩි වී තමන් අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් කල් ගත කළ.

දෙවන සතියේදී බුදුන් වහන්සේ බෝධීන් වහන්සේට මුහුණලා වැඩ වැඩ සිටිමින්, බුදු බව ලබා ගැනීමේදී සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිටිමින් බෝධීන් වහන්සේට ගෞරවය කළහ.

තුන්වන සතිය ගත කළේ බෝමැඩ අසලම සක්මන් කළහ.

සිව්වන සතිය රුවන් ගෙහි වැඩ සිටිමින් ධර්මය මෙනෙහි කළහ.

බුදුරජාණන් වහන්සේ පස්වන සතිය ගතකළේ අජපල් නුග රුක මුලයි.

බුදුරජාණන් වහන්සේ හයවන සතිය මුචලින්ද රුක මුල විමුක්ති සුවයෙන් වැඩ වැඩ සිටියහ. මුචලින්ද නම් නාග රාජයෙකු පැමිණි බුදුරදුන්ට වැසි සුළං ආදියෙන් ඇතිවන පීඩා වළකාලිය.

සත්වන සතිය රාජායතන නම් කිරිපළු රුක මුල විමුක්ති සුවයෙන් වැඩ සිටියහ.
සත්වන සතිය අවසන්හි සමවතින් නැඟී සිටි උන්වහන්සේට සක් දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන් ද බෙහෙත් අරළුවක් ද ප්‍රදානය කොට ගියහ. භාග්‍යවතුන් වහන්සේ ද දැහැටි වළඳා මුව දොවා කිරිපළු රුක් මුලමැ හුන් සේක.
- තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ.
- සහම්පති බ්‍රහ්මරාජයා දහම් දෙසීම් සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම.
- බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම සඳහා පස්වග තවුසන් සොයා බරණැස ඉසිපතනය බලා වැඩම කළහ වැඩම. බුදුරජාණන් වහන්සේ යොදුන් දහ අටක් පමණ මඟ ගෙවා ඉසිපතනයට වැඩම කළහ.
- ඒ වඩිනා අතර මගදි උපක නම් ආජීවකයා බුදුරදුන්ට මුණ ගැසුණහ. බුදුන් වහන්සේ ඔහු සමග ද කෙටි සංවාදයක යෙදුනහ.

- බුදු රජාණන්වහන්සේ ඉසිපතනයේ මිගදායේදී පස්වග තවුසන්ට දම්සක් පැවසුම් සූත්‍රය දේශනා කළහ. එම දේශනාව අසා පළමුව කොන්ණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය, අනෙකුත් තවුසන් සතර දෙනා ද අනතුරුව සෝවාන් විය.
- අනන්ත ලක්ඛණ සූත්‍රයේ ඇතුළත් දහම් අසා තවුසන් පස් දෙනාම රහත් වූහ.
- ඉර බස්නට පෙරැ ම භාග්‍යවතුන් වහන්සේ ගේ දම් දෙසුම අවසන් වී ය. මෙ දිනැ වැසි සමය ඇරැඹිණ.
- එ බැවින් ඒ ඇසළ පුණු පෝදා සැන්දෑවෙහි “මේ වර්ෂර්තුයෙහි ඉසිපතන්හි ම වෙසෙමි” යි භාග්‍යවතුන් වහන්සේ ඉටූ සේක.
- මේ බුදුරජුන්ගේ පළමු වස් විසීම යි. පස් වග මහණුන් ඇතුළු බුදුරජාණන් වහන්සේ ඒ වස්සානය ඉසිපතනහිම ගත කළ සේක.
- බරණැස් සිටුවරයාගේ පුත්‍ර යස කුමරු චතුස්සත්‍යාවබෝධය කිරීමෙන් යස කුල පුත් සෝවාන් විය.
- කුල පුතුගේ පියා වූ බරණැස් සිටු සෝවාන් විය.
- ලොවැ තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යස කුල පුතුගේ පියා වූ බරණැස් සිටුය.
- තම පියාට දෙසූ ධර්මය අසා යස කුලපුත් රහත් විය.
- සුජාතා (යස භික්ෂුවගේ මවු) ද පෙරැ ගිහි කලැ ඔහුගේ භාර්යයාව වූ තැනැත්තී ද සෝවාන් වූහ.
- යස කුල පුතු මහණ වූ පවත් ඇසූ ඔහුගේ යහළු වූ බරණැස උසස් කුල සතරෙකැ දරු වූ විමල, සුඛාහු, පුණ්ණජි, ගවම්පති යන සිටුකුල පුත්තුද සෝවාන් වූහ.එයට පසු වැ දෙසු දහම් අසා සියල්ලෝම රහත් වූහ.
- යස රහතුන් වහන්සේ ගේ ගිහි කාලයෙහි යහළු වූ අන් පළාත් වැසි තවත් පනස් දෙනෙක් කුල පුත්තු යස කුල පුත් මහණ වී යැයි අසා පැමිණියාහ. ධර්ම කථා ඇසූ කුලපුත්තු පනස්දෙනා ම සෝවාන් වූහ. ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් මහණකම ඉල්ලුවෝ එහිභික්ෂුපසම්පත්තිය ලැබුවෝ, එයට පසු වැ දෙසු දහම් අසා සියල්ලෝම රහත් වූහ.
ඒරකපත්ත්‍ර නාගරජ සමාගමය සහ උත්තර මානවකයා
උත්තර මානවකයා මේ ධර්මනිඃශ්‍රිත ප්‍රතිගීත ඉගෙන ගන්නේ ම එහි අරුත් මෙනෙහි කොට සෝවාන් වීය.
https://pitaka.lk/books/buddha-charithaya/8-8.html
මෙ සේ එසමයෙහි ලොවැ බුදුරජාණන් වහන්සේත් ඇතුළු සියලු ම රහත්හු එක් සැට නමක් වූහු.
වැසි කාලය ගත විය. තවත් මාසයක් (ඉල් මස පසොළොස්වක් දා වන තුරුත්) භාග්‍යවතුන් වහන්සේ බරණැස ම වුසූ සේක. එසේ වසන උන් වහන්සේ එක් දවසක් ලොව මුල්ම රහතන් වහන්සේලා හැට නම ඇමතූ බුදුරජාණන් වහන්සේ, "මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස, යහපත පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ දියුණුව පිණිස ගම් නියම් ගම්හි හැසිරෙන්න. දෙනෙක් එක මග නොයන්න. සියලු ආකාරයේ පවිත්‍ර වූ ධර්මය දේශනා කරන්න" ඊට පවසා ඒ රහත් හැට නම විවිධ දිශාවලට යවා තමන් වහන්සේද උරුවෙල් දනව්ව කරා වැඩි සේක.
- භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් සසුන් ගත කොට රහත් බවට පැමිණෙවූ සේක.
- භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් තිස් නම ද ධර්මදූත මෙහෙයෙහි යෙදීම පිණිස දිසාවන්හි යවා තමන් වහන්සේ හුදෙකලා වැ උරුවිල්වා ජනපදය බලා ගමන්ගත් සේක.
- ඒ පිරිස ධර්මදූත සේවයේ යෙදුණු දෙවැනි කණ්ඩායමයි. දෙවෙනි ධර්මදූත පිරිස තිස්දෙනෙක්
- පළමු වරට පෙළහර දැක්වීම උරුවෙල කාශ්‍යප ප්‍රමුඛ පන්සියයක් ජටිල පිරිස් දමනය සඳහා
උරුවෙල කාශ්‍යප ප්‍රමුඛ පන්සියයක් ජටිල පිරිස් ද ගයා කාශ්‍යප ප්‍රමුඛ තුන්සීයක් ජටිල පිරිස ද නදී කාශ්‍යප ප්‍රමුඛ දෙසීයක් ජටිල පිරිස ද පැමිණ පැවිදි විය. වැඩිදුර විස්තර සඳහා >>
භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි ටික දවසක් වැස පෙර ජටිල වැ සිටි ඒ දහසක් භික්ෂූන් කැටුව ගයා ශීර්ෂයට වැඩ එය මත්තෙහි ශිලාතලයෙහි හිඳ ඔවුන් අමතා අදිත්ත පරියාය සුත්ත දේසනාව දේසනා වදාළ සේක.
මේ ධර්ම දේශනාව අසා ඒ දහසක් භික්ෂූහු රහත් වූහ.
- උරුවෙල් දනව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය බුද්ධත්වය ලබා මාස නවයකට පසු දුරුතු පුර පසළොස්වක පෝය දින, මහියංගනයට යක්ෂ දමනය සඳහා සිදුවිය.
- මෙහිදී දහම් ඇසූ සමන් දෙවියෝ සෝවාන් බව ලැබූහ.
- මහසමන් දෙවිහු පූජ්‍ය වස්තුවක් ඉල්වූයෙන් ඔහුට ඉස පිරි මැද කේසධාතු මිටක් දීම.
- බුදුරජාණන් වහන්සේ එදින ම උරුවෙල් දනව්වට පෙරළා වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක. වැඩිදුර විස්තර සඳහා >>
- සත්‍ය සොයා යන සමයේදී මගධ රට බිම්බිසාර රජතුමා කළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ එක් දහස් තුන් නමක් (1,003) පිරිවරාගෙන ඒ දුරුතු මැදි පෝදා ම දා රජගහ නුවරට වැඩම කළ සේක.
- එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක.
- උන්වහන්සේ එහි වසන බව ඇසූ බිම්සර රජ දක්නට ආයේ ය. වැඩිදුර විස්තර සඳහා >>
- මෙහි දී වච්ඡපාල බ්‍රාහ්මණ පැහැදී තෙරුවන් සරණ ගියෝ ය.
- මහානාරද කාශ්‍යප ජාතකය දෙසූ සේක.
- එහිදී බිම්සර රජ සෝවාන් වූහ.
- මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් විය.
- රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූහ.
- මේ පිරිසැ සිටි විශාඛ සිටු සෝවාන් විය.
නගර ප්‍රවේශයේදී ද භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටු දූ, බිම්සර රජු පුරෝහිතයාගේ දූ සෝමා, කෙළඹී දූ ශුක්ලා, ශුභා බ්‍රාහ්මණ කන්‍යා ආදී බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකා වූහු. (පසු කාලයේ දී පැවිදි වූහ.) වැඩිදුර විස්තර සඳහා >>
- බිම්බිසාර රජතුමා තමන්ගෙ වේළුවන උද්‍යානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේය, ඒ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාවයි.
- “මහණෙනි, ආරාම පිළිගැනීමට අවසර දෙමැ” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ බිම්සර රජහට බණ වශයෙන් තිරෝකුඩ්ඩ සුත්ත දේශනාව වදාළ සේක.
- රජගහ නුවර විසූ කෝලිත, උපතිස්ස යන පරිබ්‍රාජකයන් දෙදෙනාද පිරිවර දෙසියපණහක් සමග බුදු සසුනේ පැවිදි විය. සැරියුත් මුගලන් යන නම් දෙකෙන් ප්‍රසිද්ධියට පත්වූයේ උපතිස්ස හා කෝලිත යන දෙදෙනාය. වැඩිදුර විස්තර සඳහා >>
- සැරියුත් මුගලන් දෙ නම හැර සෙසු සියල්ලෝ එහි නුවණ යවා රහත් වූහ.
- මුගලන් තෙරණුවෝ පැවිදි වූ දා ම භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ඉගෙන මගධ රට කල්ලවාලමුත්ත නම් ගමට වැඩ එහි සමීපයේ කැලයෙකැ වැස විදර්ශනා වැඩූහ.
- මේ අතර භාග්‍යවතුන් වහන්සේ ද, වත්ස ජනපදයෙහි වූ භග්ග රට වැඩ එහි සුංසුමාරගිර නගරය අසල භෙෂකලා අඩවියෙහි වසන සේක.
යටැ කී පරිදි කල්ලවාලමුත්ත ගමේ වෙනෙහි මහණ දම් පුරණ මුගලන් තෙරණුවෝ සත් දිනක් සක්මනෙහි යෙදුණෝ, සත් වන දා වෙහෙස වැ චිත්ත චෛතසිකයන් ගේ මැලි බවට බැස්සෝ ය. භාග්‍යවතුන් වහන්සේ දිවැසින් ඒ දැක සෘද්‍ධියෙන් එතැනට වැඩ ධාතු කර්මස්ථාන දේශනයෙන් දම් දෙසූ සේක. ඒ අනුව සිහි නුවණ යෙදූ තෙරණුවෝ එහි දී ම රහත් වූහ. මේ වනාහි උන්වහන්සේ පැවිදිවීමෙන් සත් වන දාය.
- භාග්‍යවතුන් වහන්සේ ඊළඟ සතියෙහි රජගෘහ පුරයට පෙරළා වැඩි සේක්, ගිජුකුළු පව්වෙහි සූකරඛත ලෙනට (ඌරන් හෑරූ ලෙනට) වැඩ එහි වුසූ සේක. මේ සැරියුත් තෙරුන් පැවිදිවීමෙන් පසොළොස්වන දා ය. භාග්‍යවතුන් වහන්සේ මෙදින තෙරුන්ගේ බෑනණු වූ උච්ඡේදවාදී දීඝ නඛ පරිව්‍රාජකයාට වේදනා පරිග්‍රහ සූත්‍රය වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් සිටි සැරියුත් තෙරණුවෝ ඒ දේශනාව ඔස්සේ නුවණ යවා රහත් වූහ.
- භාග්‍යවතුන් වහන්සේ එය දැන අහස් නැඟ ක්ෂණයෙන් වේළුවනයෙහි පිහිටි සේක. සැරියුත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ කොයි වැඩියෝ දැ?” යි ආර්වජන කොට දැන, තුමූ ද අහසින් වේළුවනයට ම වැඩිය හ.
- බුදුරජාණන් වහන්සේ රජගහ රජගහ නුවර දී උරුවේල කාශ්‍යපයන් වහන්සේ ආදි පුරාණ ජටිල භික්ෂූහු දහසක් ද, සැරියුත් මුගලන් දෙ නම ප්‍රධාන දෙසිය පනස දැ, එක්දහස් දෙසිය පණහක් පමණ වූ රහතන් වහන්සේලා මධ්‍යයේ දී සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරට පත් කළ සේක. ඉක්බිති අවවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක.
අගසවු තනතුරු ගැන භික්ෂූන්ගේ වැරැදි අදහස් දුරලීම, වැඩිදුර විස්තර සඳහා >>
බුදුරජාණන් වහන්සේ භද්දිය පුර වැඩිම,
භාග්‍යවතුන් වහන්සේ මෙසේ රජගහ පුර වසන සේක් මේ අතර කාලයෙහි ටික දිනක් මහත් භික්ෂු සංඝයා පිරිවරා අංග රට සැරිසරන සේක්, භද්දිය නගරයට වැඩි සේක.
එහි අමිතභෝගී වූ මෙණ්ඩක සිටු ඒ පවත් අසා, සිය මිනිබිරිය වූ සත් හැවිරිදි විශාඛා ළදැරිය ඇගේ පිරිවරත් සමග භාග්‍යවතුන් වහන්සේ දක්නට යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ බුද්‍ධිමත් විශාඛා තොම සෝවාන් පෙලෙහි පිහිටියා ය.
මෙණ්ඩක සිටු ද, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසා සෝවාන් වූයේ, පසු දා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නේ ය.
මේ කෙමෙන් අඩ මසක් ම සිටු තෙමේ මහදන් පැවැත්වී ය. භාග්‍යවතුන් වහසේ ටික දිනක් එහි වැස ඉන් නික්ම වඩනා සේක්,
කෙණිය - සේල දෙදෙනාට දම් දෙසීම
අංගුත්තරාප දනව්වෙහි ආපණ නම් නිගමයට පැමිණි සේක. මෙහි දී කේණිය ජටිලයාට බණ වදාරා ඔහු පහදවා,
සේල බ්‍රාහ්මණයාට දහම්දෙසා ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් ඔහු පැවිදි කොට, පෙරලා රජගහ පුරට ම වැඩි සේක.
- මගධ රට මහාතීර්ථ නම් බමුණුගමැ කපිල නම් මහා ධනවත් බමුණකු ගේ පිප්පලී මානවක නම් පුතෙක් විය. << වැඩිදුර විස්තර සඳහා >>
- එයින් පසු භාග්‍යවතුන් වහසේ කාශ්‍යප තෙරුන් කැටුව වේළුවනාරාමයට ම වැඩිසේක.
- කාශ්‍යපයන් වහන්සේ සතියක් ගත වූ තැන අභිඥාලාභී සිවුපිළිසිඹියාපත් මහරහත් කෙනෙක් වූහ.
- කාශ්‍යප යන නම දැරූ තවත් තෙරහු වූහ. ඔවුන් වහන්සේ ගෙන් වෙන් කොට ගනු පිණිස පසු කලෙක “මහාකාශ්‍යප” නමින් අන් තෙරහු මුන්වහන්සේ හැඳුන්වූහ.
බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාවේ සිට ගත වූ මේ අට මසක් පමණ වූ අතර කාලයෙහි නානා දිශාවලට යැවූ භික්‍ෂූන්ද පුරාණ ජටිල භික්ෂූන් එක දහස් තුන් දෙනෙක් ද, සැරියුත් මුගලන් දෙදෙනා ඇතුළු පුරාණ පරිව්‍රාජක භික්ෂූන් දෙසිය දෙ පණසක් ද අංග මගධ දෙරට කුලපුතුන් මහණ වුවන් දස දහසක් පමණ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූවන් දස දහස් දස දෙනෙක් දැ යි සියල්ලෝ ම එක් විසි දහස් තෙ සිය පස් පනසක් පමණ භික්ෂුහු වූහ.
කාළුදායි තෙරුන් ගේ පැමිණීමෙන් දින හත අටෙක් ගත වීය. මැදින් මස පසළොස්වක් පොහොය පැමිණි යේ ය. හේමන්ත සෘතුව ලැබූයෙන් කිඹුල්වත් පුරට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවීමට සුදුසු කාලයැයි කාළුදායි ස්ථවීර සිතී ය. සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ගමන වර්ණනා කරනුයේ යන ආදීන් ගමන වර්ණනා කොට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචන කෙළේ ය. << වැඩිදුර විස්තර සඳහා >>
භාග්‍යවතුන් වහන්සේ අංග මගධ දෙරටින් පැවිදි ව රහත් වූ දස දහසක් පමණ වූ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ වූ දැයි විසිදහසක් වූ රහතුන් පිරිවරා පිටත් වූ සේක්, භාග්‍යවතුන් වහන්සේ පා ගමනින් ම දවසකට යොදුන බැගින් දෙ මසකින් වැඩ වෙසක් පසොළාවක් දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක.
මේ කාලයෙහි කාළුදායි තෙරණුවෝ සියලූ ම දිනයෙහි සෘද්‍ධියෙන් කිඹුල්වත් පුර රජගෙට ගොස් දන් වළදා රජ ගෙයින් භෝජන පාත්‍රය බැගින් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ඒ එ ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ වැළැදු ආහාරය විය.
සුදොවුන් රජු රජතුමාගේ ඇරයුම පරිදි කාලුදායි තෙරුන්ගේ මෙහෙයුම පරිදිත් නෑයන්ට වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදීය.
බුදුරජාණන් වහන්සේ නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන පෙර මඟට යන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ නගරවාසි ළදරු ළදැරියන් පළමු කොට ඉදිරියට යැවූහ. ඔවුනට පසු ව රජ කුමර කුමරියෝ ගමන් කළහ. රජහු ඔවුනට පසු ව තුමූ ම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ද විසි දහසක් පමණ රහත්තු ද පනවා තුබුණු අසුන්හි වැඩහුන්හ.
ස්වභාවයෙන් ම මානාධික ශාක්‍යයෝ “සිදුහත් කුමරු අපට වයසින් බාලය. අපේ බෑනණුවෝ ය, අපේ මුණුබුරෙකි” යන ආදීන් සිතනුවෝ තුමූ නමස්කාර නො කොට ළදරු කුමර කුමරියන් ලවා ම නමස්කාර කැරැවූහ.
සර්වඥයන් වහන්සේ මාන මර්දනය කළ යුතු යැ යි සලකා, අභිඥපාදක ධ්‍යානයට සමවැද ඉන් නැඟිට අහස් නැඟ මහ පෙළහරක් දැක්වූ සේක.
පාවා නුවර මල්ල රජුන් සිවු දෙනෙකු ගේ පුත්‍ර වූ ගෝධික සුබාහු වල්ලීය උත්තිය නම් මිත්‍ර කුමරහු කිසි කටයුත්තක් නිසා ඒ දිනවල එහි විත් සිටියෝ එදා භාග්‍යවතුන් වහන්සේ දැක් වූ පෙළහර දැක පැවිදි වූහ. විදසුන් වඩා නොබෝ දිනෙකින් රහත් වූහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑයන් ලවා වන්දවා ඔවුන් ගේ මානය බිඳ, පණවන ලද අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහු ද සංසුන් ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට. ඒ මුල්කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය වදාළ සේක.
ධර්ම කථාවසානයේ සියල්ලෝ වැඳ තමන් ගෙවල් කරා ගියහ.
බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස් යන්නෝ ධර්ම ශ්‍රවණ ප්‍රීතියෙන් මත් වූවෝ, පසු දා දනට පැවරීමට සිහිමඳ ව ගියහ. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි දවස් යැවූ සේක.
- භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතුන් පිරිවරා කපිලවාස්තු පුර වැද වහසල් දොරැ සිට ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩි සේක.
- යශෝධරා දේවීය ගාථා අටෙකින් කෙසග පටන් නිය අග තෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ රූපය වර්ණනා කිරිම.
- සුදොවුන් මහ රජතුමා සෝවාන් වී ය.
- ඉක්බිති රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් පාත්‍රය ලබාගෙන බුද්‍ධ ප්‍රමුඛ විසි දහසක් රහතුන් මාලිගාවට, වැඩම කරවා ගෙන ගොස්, වඩා හිඳුවා දන් වැළැඳවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරණ සේක්. එය අසා සුදොවුන් රජුරුවෝ සකෘදාගාමී වූහ.
- ප්‍රජාවතී ගෞතමී දේවී සෝවාන් වූහ.
- භාග්‍යවතුන් වහන්සේ යශෝධරා දේවිය දකින්නට වැඩි සේක.
- බුදුරජාණන් වහන්සේ චන්ද කින්නර ජාතකය වදාළ සේක.
- යශෝධරාවන් මහණ වන්නට අදහස් කිරීම:
එදවස් ම මහණවනු කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේ, මෙහෙණි සස්නට ඇය පළමුයෙන් නො ගත යුතු බවත්, මතු කුඩා මෑණියන් විසින් ම ඒ තනතුරු ලැබිය යුතු බවත් සලකා, ඇගේ ඉල්ලීම නො පිළිගත් සේක. රජ්ජුරුවෝ ද කරුණු කියා ඇය නවතා ලූහ. - ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ තැනින් නික්ම නිග්‍රෝධාරාමයට වැඩි සේක.
- භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක.
- යශෝධරා දේවී සත් හැවිරිදි වූ රාහුල කුමරුවා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා යැවූ ය.
- භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට නියෝග කළ සේක.
වැඩිදුර විස්තර සඳහා >> - රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජු ගේ බලවත් කනගාටුවට හේතු වී ය. එ බැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ, මා පියන් ගේ අවසර නැති ව දරුවන් මහණ නො කරන ලෙස වරයක් ඉල්ලූහ.
- මා පියන්ගෙන් අවසර නො ලත් දරුවා මහණ කළ යුතු නොවේ යැ” යි ශික්ෂාපදයක් පැණවීම වදාළ සේක.
- බුදුරජාණන් වහන්සේ පසු දා උදයැ රජ ගෙට වැඩි සේක. දන් වළඳා නිමැවූ විට මහා ධර්මපාල ජාතකය වදාළ සේක.
- ධර්ම කථාවසානයේ දී රජහු අනාගාමී ඵලයෙහි පිහිටියහ.
- යශෝධරාවන්ගේ ශෝකය, ඇය පැවිදිවන්නට සැරැසීම, සුදොවුන් රජු යශෝධරාවනට අවවාද කොට සනසාලීම.
භාග්‍යවතුන් වහන්සේ නො බෝ කලෙකින් ම කපිලවාස්තු පුරයෙන් නික්ම මල්ල රටට පැමිණ එහි සැරිසරන සේක්, අනෝමා නදී තීරයෙහි වූ අනුපිය නිගමයට සම්ප්‍රාප්ත වැ එහි අඹ වනයෙහි වසන සේක
- ශුද්ධෝදන රජ්ජුරුවන් විසින් මෙහෙයන ලද ශාක්‍ය රජුන් විසින් යැවුණු කුමරුවෝ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ.
- ඉක්බිති තව ම නො පැවිදි ව සිටි භද්දිය, අනුරුද්ධ, ආනන්ද,[1] භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන් අනුපිය අඹ වනයට වැදෑ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ.
[1] මහායාන පොත්වල දැක්වෙන පරිදි ආනන්ද කුමරු හැමට ම බාලය. රාහුල කුමරාට සම වයසේ වූයේ ය. පාලි පොත්හි දැක්වෙනුයේ බෝසතණන් උපන් දින ම උපන්නකු හැටියට ය.
- ඔවුන්ගෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුණ මත්තානිපුත්ත තෙරුන්ගෙන් බණ අසා සෝවාන් වූ සේක.
- භගු, කිම්බිල යන දෙනම පසු කාලයෙහි විදසුන් වඩා රහත් වූහ.
- දේවදත්ත තෙරණුවෝ ධ්‍යාන වඩා ලෞකික සෘද්‍ධිය ලැබූහ.
භාග්‍යවතුන් වහන්සේ ටික කලක් අනුපිය, නිගමයෙහි වැස ඉන් නික්ම රජගහ පුරයට වැඩි සේක.
- භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ සිටින සමයේ දී විසාලා මහනුවර රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ යන තුන් හේතුයෙන් හට ගත් උපද්‍රවයෙන් පෙළුණේ විය. මහාලී ලිච්ඡවී රජුත් පුරෝහිත පුත්‍රයාත් රජගහ පුර යවා භාග්‍යවතුන් වහන්සේට විසල්පුර වඩින්නට ආරාධනා කරන ලදී.
- භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීම. එහි වැඩ, රතන සූත්‍රය දෙසා සෙත් කොට පුරය නිරුපද්‍රැත කළ සේක.
- මෙසේ අඩ මසක් පමණ කල් එහි වැස පෙරළා රජගහපුරයට ම වැඩි සේක.
වැසි කාලය පැමිණියෙන් බුද්‍ධත්වයෙන් දෙවැනි වර්ෂය රජගහපුර සමීපයෙහි වූ වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.
මෙ සමයෙහි සුමන මාලාකාරයා තමා රජු පිණිස ගෙන යන මලින් බුදුරජාණන් වහන්සේ පිදීය. රාජ දණ්ඩනය ද නො තකා බලවත් ශ්‍රද්ධායෙන් ඔහු කළ ක්‍රියාවට සතුටු වූ බිම්බිසාර රජ තුමා ඔහුට එකවගෙන් අට බැගින් ඇතුන් අසුන් දාස දාසින් හා මහත් පළඳනා ද, කහවනු අට දාහක් ද සියලු අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රීන් අට දෙනෙකුන් ද ගම්වර අටක් ද දුන්නේ ය.
මාලාකාරයා ගේ ඒ පුෂ්ප පූජායෙහි දී මහත් පෙළහර ඇති විය. මේ සියල්ල දුටු අනඳ හිමියෝ සුමන මාලාකාරයා ගේ මතු ගතිය විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඔහු දෙව් මිනිස් සුව විඳ ගොස් මතු සුමන නම් පසේ බුදු වන බව වදාළ සේක.
වස් වැස පවරා භාග්‍යවතුන් වහන්සේ චේති දේශයට වැඩම කිරීම, එහි ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණි මහජනයා සග මොක් ධර්මයෙහි පිහිටුවීම.
භාග්‍යවතුන් වහන්සේ චේති දේශයෙන් භේසකලා වනයට වැඩ වැඩම කිරීම.
බුදුන් වහන්සේ භේසකලා වනයෙන් රජගහ නුවර වැඩම කිරීම.
- මෙ සමයෙහි අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ කිඹුල්වත් ගොස් එහි දෝණවත්ථු ගමැ දී පැවිදි වීම සිය බෑනණු (මන්තානිපුත්ත) පුණ්ණයන් පැවිදි කළහ. පුණ්ණයෝ කොණ්ඩඤ්ඤ තෙරුන් හා එන්නාහු කිඹුල්වත රැඳී කමටහන් වඩා රහත් වූහ.
- ඔවුන් වෙත කිඹුල්වත් වැසි කුලපුත්තු පන්සියයක් පැවිදි වූහ. තෙරණුවෝ ඔවුනට දශ කථා වස්තුයෙන් ඔවා දුන්හ. ඒ අසා උහු හැම රහත් වූහු. ඉක්බිති තෙරුන් විසින් මෙහෙයවන ලදුවෝ ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් සුව දුක් විචාරා “කොහි සිට එවුදැ” යි ඇසූ සේක. “ජාත භූමියෙහි[1] සිට එම්හ” යි කීහ. “ජාත භූමියෙහි කවරෙක් නම් දශ කථා වස්තු ලාභී ද” එහි වැසි භික්ෂූන් විසින් සම්භාවිත දැ?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. “මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවෝ යැ”යි ඔහු කීහ.
- මෙ කථාව අසා සිටි සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන් දක්නා කැමැති වූහ.
[1] ජාතභූමිය නම් කිඹුල්වත් පෙදෙස යි
භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂා කාර්තුවත් රජගහ නුවර වේළුවනයෙහි ම ගත කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂා කාර්තුවත් රජගහ නුවර වේළුවනයෙහි ම ගත කළ සමයෙහි
- රජගහට නො දුරෙහි විසූ ජම්බුක නම් අසූචි කන නග්න ආජීවකයකු (ජම්බුක ආජීවක) දමනය කොට සසුන්හි පැහැද වූ සේක. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම කථා ශ්‍රවණයෙන් රහත් වූයේ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ය.
- මෙසමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය.
- බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුහට බණ දෙසීම, ඒ ඇසීමෙන් සුදත්ත සිටු තෙම උන් අස්නෙහි ම සෝවාන් විය.
- සුදත්ත සිටුතුමා සංඝයා හා සැවැත් නුවර වස් වසන්නට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය.
- රජගහ නුවර සිට සැවැත් නුවරට සතළිස් පස් යොදුන් මාර්ගයෙහි යොදුනක් පාසා විහාර කර වූයේය. << විස්තර සඳහා >>
සැවැත් නුවර ජේතරාජ කුමාරයාගේ උයන මිලදී ගැනීම් සඳහා කහවණු දහ අට කෝටියක් වියදම් කිරීම. ඒ බිම් කොටසෙහි ජේත රාජ කුමාර තෙම තට්ටු සතක් ඇති විශාල ප්‍රාසාදයක් කැරැවීය. සිටු තෙම තවත් කහවණු දහ අට කෝටියක් වියදම් කොට ඒ ජේත කුමරුන්ගේ උයනෙහි (ජේතවනයෙහි) විහාර, පිරිවෙන්, උපස්ථාන ශාලා, ගිනි හල්, වැසිකිළි, කෙසකිළි, සක්මන් මලු, නාන ගෙවල් යන ආදිය කැරැවී ය.
අනාථ පිණ්ඩික (අනේ පිඬු) සිටු තුමා විහාර කර්මාන්තය නිමවා “දැන් සැවැත් නුවරට වඩින්නට කාලය යැ” යි දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙතට දූතයකු එවී ය. භාග්‍යවතුන් වහන්සේ ද සති කිහිපයකින් සැවැත් නුවරට පැමිණ වදාළ සේක.
"මෙහි පැමිණි නො පැමිණි සතර දිසා වැසි සංඝයාට, ජේතවනාරාමය සංඝ සන්තක පූජා කෙළේ ය.
- මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත් අධිමිත්ත බමුණු කුමර, භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බමිත්ත බ්‍රාහ්මණ, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිමන්ත කුළ පුත්, සිරිවඩ්ඨ කුලපුත්, උපවාන බ්‍රහ්මණ, අපර ගෝතම බ්‍රාහ්මණ, පසු කළ ඒකුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදී බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ.
- කොසොල් රජුන්ගේ පෙරෙවි බමුණු ගේ දූ වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.
කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ. ...... “නන්දයෙනි, ශාසන බ්‍රහ්මචර්යයායෙහි ඇලෙව. එවිට ඒ දෙවඟනන් ලැබිය හැකි බවට මම ඇප වෙමි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක...... ඉතා උත්සාහයෙන් මහණ දම් පුරන්නෝ නො බෝ කලෙකින් නන්ද භික්ෂු සියලු කෙලෙස් නසා රහත් වූහ.
ආමගන්ධ සූත්‍රය[1] වදාළ සේක.
එය අසා පැහැදුණු ආමගන්ධ සෘෂිහු සිය පිරිස වු පන්සීයක් පමණ සෘෂීන් හා භාග්‍යවතුන් වහන්සේ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් ඔවුන් පැවිදි කළ සේක. කීප දිනකින් උහු හැම රහත් වූහ.
[1] මෙය සුත්ත නිපාතයෙහි දෙවැනි (චුල්ල වග්ගයේ) දෙවැනි සූත්‍රය යි.
පුණ්ණ මන්තානි පුත්ත මහ රහත්හු භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩි බව අසා, එහි වැඩ දෙවුරම්හි ගඳකිළිය කරා ගොස් උන්වහන්සේ දුටුහ. ශාස්තෘන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. තෙරණුවෝ බණ අසා භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන සැවැත සමීපයෙහි අන්ධ වනයට ගොස් රුකක් මුල හුන්හ.
සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන්ගේ ඊම අසා ඔවුන් ගිය මඟ වැඩියෝ එ රුක මුලට එළැඹ පිළිසඳර කථා කොට සප්ත විසුද්‍ධි ක්‍රමය විචාළහ. පුණ්ණ තෙරණුවෝ ඒ විචාළ පැණ විසැඳූහ. දෙ තෙරණුවෝ ඔවුනොවුන් බස් සතුටින් පිළිගත්තෝ ය
භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වසන සමයෙහි ම එක් දිනක් රැ දෙව් පුතෙක් අවුත් වැඳ එකත් පසෙක සිට භාග්‍යවතුන් වහන්සේ ගෙන් “උත්තම මංගලය නම් කවරේදැ” යි විචාළේ ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රය දෙසූ සේක. දේශනාව අවසානයේදී කෙළ ලක්ෂයක් දේවතාවෝ රහත් වූහ. සෝවාන් සකෘදාගාමි ඵලයනට පැමිණියන්ගේ ගණන අගණ්‍ය ය.
භාග්‍යවතුන් වහන්සේ දනවු සැරිසරා වඩනා සේක් වර්ෂාණ කාලය ළං වූ විටැ රාජගෘහ නගරයට ම පැමිණි සේක.
බුද්‍ධත්වයෙන් සිවු වන වසැ වර්ෂර්තුවත් එහි වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.
බිම්සර රජ, පුක්කුසාති රජුට ධර්මය ලියවා යැවීම << විස්තර සඳහා >>
තිස්ස රජුට යැවූ දහම් ලිපිය << විස්තර සඳහා >>
සැඬොලකු පැවිදිවීම << විස්තර සඳහා >>
මහලු සැඬොලියකට දැක්වූ කරුණාව << විස්තර සඳහා >>
සෝපාක නම් අසරණ දරුවා << විස්තර සඳහා >>
භාරද්වාජයන් පැවිදිවීම << විස්තර සඳහා >>
මාතුපෝසක බමුණා << විස්තර සඳහා >>
උග්ගසේන සිටුතුමා සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණීම << විස්තර සඳහා >>
- බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය ලබා වසර පහකට පසුව නාගදීපයට, චූලෝදර මහෝදර දෙදෙනාගේ යුද්ධය සමථයට පත් කිරීම සඳහා.
බුදුරජාණන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණ න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක.
ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ ඇසූ ඔවුන් ගේ ක්‍රෝධය සංහිඳිණ.
භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඵන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් දම්දෙසා එ රජුන් සමඟි කැරැවූ සේක. << විස්තර සඳහා >>
- එක් කුලයෙන් දෙ සිය පණස බැගින් ශාක්‍ය කෝලිය ද කුලයෙන් පන් සියයක් කුමරුන් භාග්‍යවතුන් වහන්සේ ට පිරිවර පිණිස දුන්හ
- කුණාල ජාතකය වදාළ සේක.
- උසභ ශාක්‍ය කුමාර, ගෝතම ශාක්‍ය කුමාර, ශුද්ධෝදන රජුන්ගේ පුරෝහිත පුත් සප්පදාස, කෝලිය පුත් නිසභ ආදී අන්‍ය බොහෝ ජනයෝ ද පැවිදි වූහ.
- භාග්‍යවතුන් වහන්සේ මහා සමය සුත්තය වදාළ සේක.
- තමන් වහන්සේ ම වැනි බුදු රුවක් මවා, ප්‍රශ්න අසන සේ සලස්වා, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දහම් දෙසූ සේක.
- පිළිවෙළින් සම්මාපරිබ්බාජනිය සුත්ත, පුරාභෙද සුත්ත, කලහවිවාද සුත්ත, චූලවියුහ සුත්ත, මහාවියුහ සුත්ත, තුවටක සුත්ත යන දේශනා සයින් දහම් දෙසූ සේක.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුර වසන සමයෙහි මහා ප්‍රජාවතීගෞතමී දේවී උන්වහන්සේ කරා එළැඹ, වැඳ එක් පසෙක සිට, ස්ත්‍රීනට සස්නෙහි පැවිදි වීමට අවසර දෙන ලෙස තුන් වරක් ම අයැදුවා ය. තවම එයට කාලය නො වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට අවසර නුදුන් සේක.
කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක.
කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක. එ කල වර්ෂර්තුව විය. එබැවින් විසල් පුර සමීපයෙහි මහා වනයෙහි කූටාගාර ශාලා නම් විහාරයේ වුසූ සේක.
- බුදුරජාණන් වහන්සේ විශාලා නුවර කූටාගාර ශාලාවේ වෙසෙන කල ප්‍රජාපතී ගෝතමී දේවිය තවත් කාන්තාවන් පන්සියයක් සමග එහි ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය.
- බුදුරුදුරජාණන් වහන්සේ මුලින් අකැමැති වුවත් ආනන්ද තෙරුන් ගේ බලවත් ඉල්ලීම පිට ගරු ධර්ම අටක් පිළිපැදීමට ගෝතමිය කැමති කරවාගෙන ඇයට පැවිදි උපසම්පදාව ලබා දුන්සේක.
- ඉක්බිති යශෝධරා දේවිය ඇතුළු අනෙක් කාන්තාවෝ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගෙන් පැවිද්ද ලැබූහ.
භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම සැරිසරන සේක්, මකුල පර්වතයට වැඩ ස වන වර්ෂර්තුව එහි ගත කළ සේක.
වස් පවරා ඉක්බිති සැරිසරන සේක්, රජගහපුර වැඩ එහි ටික කලක් වුසූ සේක.
- භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කළ සේක.
- මාතෘ දිව්‍ය රාජයා සෝවාන් විය.
බුද්ධත්වයෙන් සත්වන වසරේ දී බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ දී ධර්මය දේශනා කරන ලදී.
බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය ලබා වසර 8 කට පසුව ජේතවනාරාමයේ වැඩ සිටිය දීය.
- මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් වෙසක් පොහෝ දින බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන බුද්ධානුභාවයෙන් අහසින් කැලණියට වැඩිය සේක. නාගයන් විසින් මහත් හරසරිනි බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පිළිගන්නා ලදී.
- සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ, බුදුරජාණන් වහන්සේ එහි වම් සිරිපා ලකුණු පිහිට වූ සේක.
කොසඹෑ නුවර විනයධර හා ධර්මධර යන භික්ෂූන් අතර අසමගියක් ඇති විය. බුදුරජාණන් වහන්සේගේ අවවාද පිළිගෙන භික්ෂූන් සමගින් නොවූ හෙයින් භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩ ඇත් රජකුගේ උපකාර ලබමින් හුදකලාව දසවැනි වස් කාලය ගෙවූහ. පසුව කලහකාරී භික්ෂු සමගි සම්පන්නව බුදුරදුන් කමා කර ගත්හ.
භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ දී ඇත් රජකුගේ උපකාර ලබමින් හුදකලාව දසවැනි වස් කාලය ගෙවූහ
දොලොස්වන වස් කාලය භාග්‍යවතුන් වහන්සේ උදය නම් බමුණකු ගේ ආරාධනාවෙන් වේරංජා නුවර වස් විසූහ. එහෙත් උදය බමුණාට ඒ බව අමතක විය. ඒ වස් කාලය දුෂ්කර ලෙස ගත කළහ.
බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ ගුණයෙන් අලව් යකු දමනය කිරීම.
ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම.
(බුදුන් වහන්සේගේ වයස අවුරුදු 55 දී)
බුද්ධත්වයෙන් මුල් විසි වස තුළ දඹදිව සොලොස්මහ ජනපද සියල්ලේම වාගේ බුදු දහම පැතිරී ගියේය. පහත් යයි සම්මත කසළ ශෝධකයාගේ පටන් රජමැති සිටුවරුන් ආදී ප්‍රභූ මට්ටමේ පුද්ගලයන් දක්වා විවිධ තරාතිරම්වල ජනතාව බුදු ගුණ අසා සැනසුම ලබා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බවට පත්වූහ.
බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම

සුභද්ද නම් පරිපබ්‍රාජකයා බුදුරදුන්ගෙන් පැනයක් ඇසීමට අවසර ඉල්ලීය ආනන්ද තෙරුන් එය වැළැක්වීමට අදහස් කළත් බුදුන් වහන්සේ එයට කැමැත්තෙන්ම අවසර දුන්නාහ. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සැක දුරු කර ගෙන පැවිදි උපසම්පදාව ලැබූ අන්තිම ශ්‍රාවක සුභද්දය.
“මහණෙනි, කරුණාවෙන් අවවාද කරමි” සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු” යැයි මේ අන්තිම බුද්ධ වචනය වදාළ සේක.

දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළ සේක.
විජය කුමාරයා කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව ආක‍්‍රමණය කළ, ඔහු මෙරට යටත් කර ගත්තේය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.
* බුද්ධ පරිණිර්වානයෙන් : මාස තුනකට පසු
* ස්ථානය : මගධයේ රජගහනුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාව අභියස
* සහභාගීත්වය : 500ක් මහ රහතුන්
* කාලය : මාස 07
* ප්‍රධානත්වය : මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
* සහාය : ආනන්ද මහරහතන් වහන්සේ සහ උපාලි මහරහතන් වහන්සේ
* දායකත්වය : අජාසත්ත රජතුමා
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.
* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 100කට පසු
* ස්ථානය : විශාලා මහනුවර වාලුකාරාමයේදී
* සහභාගීත්වය : 700ක් මහ රහතුන්
* කාලය : මාස 08
* ප්‍රධානත්වය : කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ
* සහාය : සබ්බකාමි, රේවත, සාළ්හ, බුජ්ජසෝභිත, වාසභගාමි, සුමන, සාණවාසී, සම්භූත, යස හිමිවරු
* දායකත්වය : කාලාශෝක රජතුමා
ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය. පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි. පසුව ඔහුගේ පුත් මුටසිව රජකමට පත්වූ අතර ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල මහමෙවුනා උයන නිර්මාණය සිදුවනූයේ මෙම අවධියේදීය
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි.
අනුරාධපුරයේ රජුව සිටි මුටසීවගේ දෙවැනි පුත්‍රයා තිස්සයි. මහාවංශය ඔහු ගැන විස්තර කරන්නේ ඔහුගේ අනෙකුත් සහෝදරයින් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම අතින් ශ්‍රේෂ්ඨතමයා ලෙසිනි. ඔහු ක්‍රි.පු. 247 දී උතුරු රාජ්‍යයේ අනුරාධපුය මුල් කරගෙන සිහසුනට පත්විය. සොවුරු මහානාග කුමරු යුවරජ විය.
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත්වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්ම වී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැළලුප් නුවර අශෝකරාමයේදී සහස්සිකා නම් ධර්ම සංගීතිය පවත්වන ලදි. මෙය ව්‍යවහාරානුකූල තෙවැනි ධර්ම සංගායනාවයි.
* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 236කට පසු
* ස්ථානය : පැළලුප් නුවර අශෝකාරාමයේදී
* සහභාගීත්වය : 1000ක් මහ රහතුන්
* කාලය : මාස 09
* ප්‍රධානත්වය : මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
* දායකත්වය : ධර්මාශෝක රජතුමා
නව මසක් පුරා පැවැති මේ ධර්ම සංගායනාවේ දක්නට ලැබෙන්නේ විප්ලවීය ක්‍රියා මාර්ගයකි. සැට දහසක් දුසිල් මහණුන් නෙරපනු ලබයි. භාරතදේශයේ භූගෝලීය සීමාවලින් මිදී ලොව පුරා බුදු දහම ව්‍යාප්ත කෙරෙයි. සිරිලක බුදු සසුන ස්ථාපනය වෙයි. අරිට්ඨ කුමරා සහ අනුලා දේවිය ද සසුන්ගත වෙති. බුද්ධත්වයට සෙවණ දුන් බෝධියෙහි දකුණු ශාඛාව සිරිලක් බිමෙහි රෝපණය වී බුදු දහම ද සමඟ ම මුල්බැස ගනියි.
පස්වැනි ධර්ම සංගායනාව ලෙස පිළිගනු ලැබ ඇත්තේ මෙතෙක් දඹදිව පැවැති ධර්ම සංගායනාවලට වෙනස් අයුරින් මෙ සිරිලක මුල් බැසගන්නා පරිදි පවත්වන ලද ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවයි. විනය සංගායනාවක් වූ මෙය අරිට්ඨ හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් මන්තාභය තෙරුන් ඇතුළු සැටදහසක් භික්‍ෂූන් වහන්සේලා විසින් ථූපාරාමයෙහි පවත්වන ලද බව සඳහන් වෙයි. මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම පරිදි මහා අරිට්ඨ තෙරණුවෝ විනයාචාර්ය ලෙසින් පන්සියයක් භික්‍ෂූන්ට විනය ඉගැන් වූ බවට පත් වෙයි
* යුගය : ක්‍රි.පූ 307
* ස්ථානය : ථූපාරාමයේ මේඝවර්ණ පිරිවෙනේදී
* අධීක්ෂණය : මිහිඳු මහරහතන් වහන්සේ
* ප්‍රධානත්වය : අරිට්ඨ හිමි
* සහාය : ඉට්ඨිය හිමි, උත්තිය හිමි, සම්බල හිමි, භද්දසාල හිමි සහ ලංකාවෙන් 60 නමක්
* දායකත්වය : දේවානම්පියතිස්ස රජතුමා.
* යුගය : ක්‍රි.ව පළමු සියවස
* ස්ථානය : කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු
* ප්‍රධානත්වය : පාර්ශව හිමි
* සහාය : මහාකවි භූදන්ත හිමි, අශ්වඝෝෂ හිමි, වසුමිත්‍ර හිමි, නාගාර්ජුන හිමි
* දායකත්වය : කණිෂ්ක රජතුමා
* යුගය : බුද්ධ පරිණිර්වානයෙන් වසර 518කට පසු (ක්‍රි.පූ 88 – 76)
* ස්ථානය : මාතලේ අලු විහාරයේ ආලෝක ලෙනෙහිදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ නැවත නැඟිටීම.
මුහම්මද් නබිතුමාගේ උපත. මුහම්මද් අරාබි ආගමික, සමාජීය හා දේශපාලන නායකයෙකු වූ අතර ඉස්ලාමයේ නිර්මාතෘවරයෙකි
මුහම්මද් නබිතුමාගේ අභාවය, 632 ජුනි 8 (වයස 61-62)
Notes
- 1.
BE = Buddhist Era. Year 1 of the Buddhist Era calendar is the year of the Buddha’s Parinibbana (death and final release), which occurred in the Buddha’s eightieth year (480 BCE according to the “historical” timeline; 544 BCE by tradition).
The actual date of the Buddha’s birth is unknown. According to Buddhist tradition, the Buddha’s birth took place in 624 BCE, although some recent estimates place the Buddha’s birth much later — perhaps as late as 448 BCE {1}. 560 BCE is one commonly accepted date for the Buddha’s birth, and the “historical” date for that event that I adopt here.
Events in the timeline prior to -250 CE are shown with two CE dates: the date based on the “traditional” nativity of 624 BCE, followed by the date based on the “historical” date of 560 BCE. After -250 CE the “historical” date is dropped, since these dates are more appropriate only in discussions of earlier events.
To calculate the CE date corresponding to an event in the Buddhist traditional calendar, subtract 544 years from the BE date. The BE dates of well-documented historical events (particularly those in the twentieth century) may be off by one year, since the CE and BE calendars start their years on different months (January and May, respectively).
- 2.
- CE = Common Era. Year 1 of the Common Era corresponds with the year 1 AD (Anno Domini) in the Christian calendar. -1 CE (or 1 BCE — “Before the Common Era”) corresponds with the year 1 BC (“Before Christ”). By convention there is no year zero; the day after 31 December 1 BCE is 1 January 1 CE.
- 3.
- Events of the last few decades are still too recent to claim any historical significance.